ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැටන් දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු සෙවීමට පොලිසිය මහජන සහය පතයි:

by editor
මැයි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

 හැටන් දික්ඔය නගරයේ සිදුවූ අමානුෂික ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරු හඳුනාගැනීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී. විමර්ශනවලට අදාළ සීසීටීවී (CCTV) දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තොරතුරු ලබාදීම සඳහා පහත දුරකථන අංක විවෘතව පවතී:

  • හැටන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි: 071-8591114
  • හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක: 071-8591117
  • අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති: 071-8593163

ඝාතනයට ලක්වූ වයෝවෘද්ධ අඹුසැමි යුවළ

මෙම කුරිරු ඝාතනයට ලක්ව ඇත්තේ දික්ඔය නගරයේ වසර ගණනාවක් තිස්සේ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටි 82 හැවිරිදි එස්. කාලිමුත්තු සත්තිවේල් සහ ඔහුගේ බිරිඳ වන 82 හැවිරිදි සගුන්තලාදේවි යන අඹුසැමි යුවළයි. මෑතකදී තම වෙළඳසැල වසා දමා ඇති ඔවුන් එහි තනිවම ජීවත්ව ඇති අතර, ඔවුන්ගේ දරුවන් පදිංචිව සිටින්නේ කොළඹ ප්‍රදේශයේය.

සැලසුම්සහගත ඝාතනය සහ කොල්ලකෑම

පොලිස් විමර්ශනවලට අනුව සැකකරු මැයි 21 වනදා උදෑසන දික්ඔය නගරයට පැමිණ තිබේ. රන් මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැල් කිහිපයකටම ගොස් ඇති ඔහු, පැය ගණක්  තිස්සේ නගරය පුරා සැරිසරමින් මේ අපරාධය  සැලසුම් සකස් කර ඇති බව පෙනී යයි.

RelatedPosts

ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

පසුව එදින පස්වරු 1:15 ට පමණ මෙම අඹුසැමි යුවළ පදිංචිව සිටි වෙළඳසැල් පරිශ්‍රයට ඇතුළු වී ඇති සැකකරු, එහි සැඟව සිට තිබේ. අනතුරුව පස්වරු 5:30 ට පමණ ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව සීසීටීවී දර්ශන මගින් තහවුරු වී ඇත.

තියුණු ආයුධයකින් ගෙල කපා මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය, තැල්ල සහ කරාබු ඇතුළු පවුම් 18ක් බරැති රන් භාණ්ඩ තොගයක් කොල්ලකා සැකකරු පළාගොස් තිබේ. කාන්තාවගේ සිරුර පඩිපෙළ මත තිබී සොයාගෙන ඇත.

සිරුරු හමුවීම සහ වත්මන් තත්ත්වය

සිද්ධිය වූ දිනයේ දරුවන් කොළඹ සිට අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් ඇමතුවද දෙමාපියන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබඳව අසල්වාසීන්ට දැනුම් දී තිබේ. ඒ අනුව අසල්වාසීන් පැමිණ වෙළඳසැල විවෘත කර පරීක්ෂා කිරීමේදී මෙම අමානුෂික ද්විත්ව ඝාතනය අනාවරණය විය.

මෙම සිදුවීමත් සමග දික්ඔය නගරයේ ජනතාව දැඩි කෝපයට සහ බියට පත්ව ඇති අතර, වයෝවෘද්ධ පුද්ගලයන් තනිව ජීවත්වීමේදී ඇති ආරක්ෂිතභාවය පිළිබඳවද සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කරයි..

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

Next Post

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…

ජූනි 21, 2026
sooryawanshi
පුවත්

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…

ජූනි 21, 2026
sooryawanshi

පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…

ජූනි 21, 2026
daya-g

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ඒ – ඉන්දියා ඒ අවසන් මහා තරගය…. ජයග්‍රහණයට ආශ්චර්යයක් අවශ්‍යයයි…
  • පොඩි එකා… සූර්යවංශී, දඹුල්ලේ දී අපේ උන් අඬවයි… පන්දු 11යි… ලකුණු 50යි…
  • දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.