සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA අගමැති හමුවෙයි

by Lanka Sara Editor
ජනවාරි 4, 2022
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ඉදිරියේදි කැබිනට් අනුමැතියට අනුව පත් කිරීමට නියමිත ස්වාධීන කමිටුව වෙත සෞඛ්‍ය සේවාව සඳහා වඩා ඵලදායි වෛද්‍ය පරිපාලන ශ්‍රේණියක් ඇති කිරීමේ සංක්ෂිප්ත, මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලද යෝජනාවලියක් භාර දීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා සිදු කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු සාධක වු නොවිසඳුණු වෛද්‍ය ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පවත්වන ලදී.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා , සෞඛ්‍ය ලේකම්වරයා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගි විය.

එහිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්ණ වීමට පාදක වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පෙන්වා දුන් අතර, එහිදී මෙතෙක් නීත්‍යානූකූල මාරු මණ්ඩල වල අනුමැතියට යටත්ව සකසන ලද පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් මාරු මණ්ඩල වල සහභාගිත්වයෙන් තොරව සකස් කිරීම සම්බන්ධ ගැටළුව පැහැදිලි කරන ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අග්‍රාමාත්‍යවරයා එම ගැටළුව ඇති වීමට හේතු වු කාරණය හොඳින් වටහාගෙන මෙතෙක් නිත්‍යානූකූල මාරු මණ්ඩල වල සහභාගිත්වයෙන් පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් ලැයිස්තු සැකසීම සිදු කළ ආකාරයටම කිසිදු වෙනසකින් තොරව සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හට උපදෙස් ලබා දුනි.

එමෙන්ම රාජිත සේනාරත්න සමයේදී නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් තොරව වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය තුල සිදු කළ වෙනස්කම් නිවැරදි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට අනුව පත්කිරීමට නියමිත ස්වාධීන කමිටුව හැකි ඉක්මනින් ස්ථාපනය කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා හට උපදෙස් ලබා දුනි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ලෙස සිදු කර ඇති කාණ්ඩ ගත කිරීම නිසා අති බහුතරයක් වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරු, වැඩබලන තනතුරු ලෙස පැවතිමේ ගැටළුව පෙන්වා දුන් අතර, නියෝජ්‍ය හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ කාණ්ඩ දෙක වෙනුවට එක් වෛද්‍ය පරිපාලන ශ්‍රේණියක් ඇති කිරීම තුලින් එම ගැටළු විසඳීමේ හැකියාව පෙන්වා දෙන ලදී.

ඒ අනුව ඉහත ගැටළු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් වෙත ලබා දුන් උපදෙස් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුමින්ද නාගමුව අත්අඩංගුවට… උද්ඝෝෂණයක් කර අධිකරණයට අපහාස කරලා…

Next Post

ජනපති සුසිල් ඉවත් කළ හේතුව ඇමති ජොනී කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.