ලලිත් චාමින්ද –
මැදපෙරදිග කලාපයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළයාම සහ මෙරට ඉහළ ආනයන පරිමාව හේතුවෙන්, මෙම වර්ෂයේ (2026) අප්‍රේල් මාසයේදී ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 886 දක්වා සියයට 149.9කින් කැපී පෙනෙන ලෙස වැඩිවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
ඉකුත් වර්ෂයේ (2025) අප්‍රේල් මාසයේදී ඉන්ධන ආනයනය කිරීම සඳහා වැයවී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 354.7ක් පමණි. එහෙත් පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී එම වියදම ඩොලර් මිලියන 886 දක්වා මෙලෙස විශාල අගයකින් ඉහළ ගොස් ඇත.
මීට අමතරව, මෙම වර්ෂයේ මුල් මාස හතර තුළදී (ජනවාරි – අප්‍රේල්) ඉන්ධන ආනයනය කිරීම සඳහා සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2167.7ක මුදලක් වැයවී තිබේ.
එය ඉකුත් වර්ෂයේ (2025) අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 53.6ක ඉහළ යාමක් බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.







