බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 යුද්ධය නිසා  මිල ඉහල යතැයි අනුමාන කර කූඨ ව්‍යාපාරික පිරිසක්    ගොවිජන සේවා මධ්‍යස්ථානවල පොහොර තොග හිස්  කරලා… ගොවි සංවිධාන පරීක්ෂණයක් ඉල්ලයි!

by editor
මාර්තු 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

  • ගොවිජන සේවා මධ්‍යස්ථානවල බලධාරීන් එම පොහොර මුදා හැර තිබෙන්නේ  ගොවිජන සංවර්ධන කාර්යාලවලින් පොහොර තොග වශයෙන් නිකුත් නොකරන ලෙස දැනුම් දී තිබිය දි…

ජාත්‍යන්තර යුද වාතාවරණය හමුවේ අනවශ්‍ය අයුරින්, පොහොර තොග පුද්ගලයින් රැස් කරන බවට, ගොවිජන සේවා දෙපාර්තමේන්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලිඛිතව දැනුම් දී ඇති පරිසරයක  මනම්පිටිය, සඳුන්පුර, කන්තලේ, යන ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථානවල තිබූ පොහොර තොග ව්‍යාපාරිකයින්ට බෙදාහැර තිබෙන බවත්  ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකර නීතිමය පියවර ගන්නා ලෙසත්  ශ්‍රි ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති තිලක් බණ්ඩාර  සඳහන් කරයි. 

යුද වාතාවරණයත් සමඟ විදෙස් රටවලින් පොහොර නොලැබෙන බවට පැතිර යන රාවයත් සමග ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයින් රජයේ සතු පොහොර ගොවි ජන සේවා මධ්‍යස්ථානය හරහා කූට ලේඛන සකස් කරමින් මිලදීගෙන ඒවා ඉදිරි     යල කන්නයේදී ගොවියන්ට වැඩිමිලට විකිනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සමග මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු  ඒ බව පැවසීය.

මාර්තු 09 වෙනිදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින්, පොහොර සංචිත නිකුත් නොකරන ලෙසට දන්වා තිබියදි මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වැලිකන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට යුරියා පොහොර මිටි 196 ක් ලබාදී ඇති බවද තිලක් බණ්ඩාර චෝදනා කළේය.

යූරියා පොහොර ගොවියන්ට අවශ්‍ය නොමැති කාලයකදී, සඳුන්පුර ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් රුපියල් 9100 ක්  වටිනා යුරියා පොහොර රුපියල් 9400 බැගින් ගොවීන් නොවන කිහිපදෙනෙකුට නිදහස් කිරීම පිළිබඳව ද වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස  තමා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා හෙතෙම කීවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ගොවිජන සේවා මධ්‍යස්ථානවල කමිටුවේ කිසිදු අනුමැතියක් නොමැතිව මෙලෙස වැඩිමිලට පොහොර විකිණීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, රජයේ ගබඩාවල තිබෙන පොහොර සංචිත ව්‍යාපාරිකයින් ලබාගෙන කොරෝනා වසංගත සමයේදී යුරියා පෝර මිටියක් රුපියල් 40,000 ත් 50,000 අතර මිලකට අලෙවි කර බවත්, යුධ වතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට පොහොර නැව් නොපැමිණීම මත, ව්‍යාපාරිකයින් ලබාගන්නා මෙම පොහොර ගොවින්ට රුපියල් 40,000 ත්,50,000 ත් අතර මිලකට ලබාගැනීමට සිදුවනු ඇති බවත් තිලක් බණ්ඩාර පෙන්වා දුන්නේය.

මනම්පිටිය ගෝජන සේවා මධ්‍යස්ථානයේ යූරියා පොහොර මිටි 196 ක් වැලිකන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබාදීම පිළිබඳව අප මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිනි රසිකා අලහකොන්ගෙන් දුරකථනය කළ විමසීමකදී පැවසුවේ, ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලිපියක් පැමිණීමට පෙර එම පොහොර මිටි 196   නිදහස් කර තිබෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා බලවතුන් ලඟ නොසැලුන ජාතියක් දියත් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුමේ කතාව… IRIS Dena’ යුද නෞකාවේ නාවිකයන් 84 ගේ දේහ මත්තලින් රැගෙන ගිය හැටි!

Next Post

 ඇමති වසන්ත සමරසිංහගේ නමත් විකිනූ  ක්‍රිප්ටෝ කරන්සි ආයතනයක වංචාවකට හසුව රුපියල් කෝටි 500ක් අහිමි වූ පිරිසක් පොළොන්නරුවේදී විරෝධතාවයක

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.