බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් පරිපාලනය යළිත් මහත්තුරු අතට…. අතුරු කමිටුවේ සභාපති එරාන්… සිදත් රොෂාන් සහ සංගා කමිටුවේ සාමාජිකත්වයට…

by editor
අප්‍රේල් 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි  ලංකා ක්‍රිකට් (SLC) පරිපාලනය තුළ වසර ගණනාවක් පුරා පැවැති අර්බුදකාරී ස්වභාවය නිමා කරමින්, එහි සභාපති ශම්මි සිල්වා ඇතුළු සමස්ත විධායක කමිටුව අද (29) දින සිය ධුරවලින් නිල වශයෙන් ඉල්ලා අස්වීමෙන් පසු  ක්‍රීඩා අමාත්‍යාංශය හරහා  ක්‍රිකට් පාලනය තාවකාලිකව රජයට පවරා  ගත්තේය.

මෙම ව්‍යුහාත්මක වෙනසත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. එම අතුරු කමිටුවේ සභාපති ධුරය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පත් කර ඇත.

ක්‍රීඩාව සහ වෘත්තීය නිපුණතාවය මුසු වූ පසුබිම

එරාන් වික්‍රමරත්න මෙම වගකීම සඳහා තෝරා ගැනීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ ඔහු සතු ක්‍රීඩා සහ වෘත්තීය අත්දැකීම් හේතුවෙනි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු, 1976-77 සමයේ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි. සුප්‍රකට රාජකීය- ශාන්ත තෝමස්  මහා ක්‍රිකට් තරගයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ඔහු, පාසල් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ද සුදුසුකම් ලැබීය.

පාසල් සමයෙන් පසුව ද ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඔහු 1977 වසරේදී  ටැමිල් යුනියන්  (Tamil Union) ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස දක්ෂතා දැක්වූ අතර එංගලන්තයේ කෙන්ට් ආධුනික ලීගය (Kent Amateur League) සඳහා ක්‍රීඩා කිරීමට ද වරම් ලබා තිබේ.

අධ්‍යාපනික වශයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ දේශපාලනය පිළිබඳ BSc උපාධියක් මෙන්ම පශ්චාත් උපාධියක් (MSc) ද ලබා ඇති එරාන් වික්‍රමරත්න, වෘත්තීය ජීවිතය තුළ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු හොබවනු ලැබීය. Citibank හි උප සභාපති (Vice President) ලෙසත්, ජාතික සංවර්ධන බැංකුවේ (NDB) වසර 15ක් ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් කටයුතු කරමින් ඔහු ලැබූ මූල්‍ය හා කළමනාකරණ පළපුරුද්ද ක්‍රිකට් පරිපාලනයට මහත් පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

පසුව දේශපාලනයට අවතීර්ණ වූ ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළේය.

අතුරු කමිටුවේ සෙසු සංයුතිය සහ අපේක්ෂා

මෙම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම, කුමාර සංගක්කාර සහ සිදත් වෙත්තමුණි පත් කර ඇති අතර තුෂිර රදැල්ල, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම සහ දිනාල් පිලිප්ස් යන පිරිස සෙසු සාමාජිකයෝ වෙති.

 ඉදිරි ප්‍රතිසංස්කරණ සහ අරමුණු

රජයේ මූලික අරමුණ වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීයකරණය කිරීම, මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ පවතින සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය යළි ස්ථාපනය කිරීමය. SLC ආයතනයේ ආර්ථික පරිපාලනය විධිමත් කිරීම, දිස්ත්‍රික් සංගම් ප්‍රතිසංස්කරණය සහ තරුණ ක්‍රීඩකයින් සංවර්ධනය කිරීම මෙම කමිටුවට පැවරෙන ප්‍රධාන වගකීම් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි මැදිහත්වීම් මීට පෙර ද සිදුවී ඇති නමුත්, මෙවර ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව වන්නේ දේශපාලනික මැදිහත්වීම්වලින් තොර, ස්වාධීන සහ විනිවිදභාවයකින් යුතු පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලබන වසරේ සිට කොළඹට යන්න විදුලි දුම්රිය… කොළඹ අවට අදියර තුනකින් වැඩ ඇරඹෙයි…

Next Post

පැය 32කට ලක්ෂ 166ක මහජන මුදල් අනීතිකව වියදම් කිරීම…  ජූලි 18ට පෙර  රනිල්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව නීතිපති අධිකරණයට කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.