ශ්‍රී ලංකාවේ ප්‍රධානම ව්‍යවසායකයෙක් වූ DSI නිශ්පාද වෙළෙඳපලට හඳුන්වා දුන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක ධූරයක් හොබවන සජිත් රාජපක්ෂ ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට අද (22) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
බොරැල්ල නගර මධ්‍යයේ බොරැල්ල හරස්පාර පිහිටා තිබේ. සජිත් රාජපක්ෂ ඒ වනවිට නිවස තුළ සිට ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුවී නැත.
සජිත් රාජපක්ෂ ඩි.එස්.අයි. සමූහ ව්‍යාපාරය ගොඩනැගූ සැම්සන් රාජපක්ෂගේ මුණුබුරෙකි.
ඔහු වර්ෂ 2009 දී අධ්යක්ෂවරයෙක් ලෙස සැම්සන් සමූහ ව්‍යාපාරයට එක් වන්නේය. එතැන්සිට සැම්සන් ඉන්ජිනියර්ස් පුද්ගලික සමාගමේත්, සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේත්, මවුන්ට් ස්ප්‍රිං වෝටර් පුද්ගලික සමාගමේත්, අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.