කෝටි 12ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදුකිරීමට තීරණය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ වඩාත් විධිමත්ව මෙම සිද්ධිය සම්බන්ධව පුලුල් විමර්ශනයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ඒකාබද්ධ වීම වැදගත් බවය.
මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, ඇතුළු තිදෙනෙක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වාර්තාවන ආකාරයට මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ ප්‍රධාන පොලිස් නිලධාරීන්, දේශපාලකයින් ඇතුළු විශාල පිරිසක් සාක්ෂි සහිතව ඉදිරියේ දී අනාවරණය වීමට නියමිතව ඇත.
විමර්ශන අඛණ්ඩව සහ වේගවත්ව සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි









