බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරුන් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපයි! අල්ලස් චෝදනා ඔප්පු වූ බව සජබ කියයි!

by editor
ජූනි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

විනය විරෝධී සහ දූෂිත දේශපාලන ගනුදෙනුවල නිරත වීමේ චෝදනාව මත බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය (සජබ) නියෝජනය කළ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව, සජබ බුලත්සිංහල කණ්ඩායම් නායක නිහාල් මෙන්ඩිස් ,  මොහොමඩ් නිශාර්ඩ්, කාන්ති පැළවත්ත, අයේෂා චාමලී සහ පුෂ්පා සමරසිංහ යන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා දමා ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහිමි කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ජාතික ජන බලවේගයට (මාලිමාවට) සහාය දීම සඳහා මෙම පිරිස මූල්‍යමය ප්‍රතිලාභ (අල්ලස්) ලබාගෙන ඇති බවට දිගින් දිගටම බරපතළ චෝදනා එල්ල වෙමින් පැවතිණි.

මෙම මූල්‍ය ගනුදෙනුව සනාථ කෙරෙන දෘශ්‍ය පටයක් (වීඩියෝවක්) ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමි නමක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂ මහලේකම්වරයා වෙත භාර දීමෙන් පසු, සජබ නීතිඥ මණ්ඩලයේ ද උපදෙස් මත මෙම පිරිස පක්ෂයෙන් නෙරපීමට තීරණය විය.

මෙම දේශපාලන වර්ධනය පිළිබඳව මාධ්‍ය  වෙත අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පෙන්වා දී ඇත්තේ  අදාළ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයේ පොදු ස්ථාවරය අභියෝගයට ලක් කරමින් දිගින් දිගටම කටයුතු කළ බවයෙ.

RelatedPosts

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ප්‍රාදේශීය සභාව තුළ සිදු වූ දේශපාලන පෙරළිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මෙසේ විස්තර කළේය:

“ප්‍රාදේශීය සභාවේ විපක්ෂ බලවේග එකමුතුව ගත්තාම එතන සජබ 6 දෙනා, එජාපය සහ ස්වාධීන කණ්ඩායම් එක්ක අපිට ආසන 16ක බහුතරයක් තිබුණා. ජාතික ජන බලවේගයට තිබුණේ ආසන 9ක් විතරයි. නමුත් සභා බලය ගන්න මාලිමාවේ අය අපේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට මුදල් දීලා තමන්ගේ පැත්තට නතු කරගත්තා. මේ පාවාදීම ගැන මම නිරන්තරයෙන්ම පක්ෂ නායකත්වය දැනුවත් කළා.”

“මේ අතරතුර තමයි ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ නමක් මැදිහත් වෙලා මෙම මුදල් ගනුදෙනුවට අදාළ ස්ථිර සාක්ෂි සහිත රෙකෝඩින් එකක් පක්ෂ නායකත්වයට දුන්නේ. ඉන් පස්සේ චෝදනා සම්පූර්ණයෙන්ම තහවුරු වුණා. පක්ෂයේ නීති අංශ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා අවශ්‍ය පියවර අරගෙන අද දවසේ මේ පස්දෙනාම පක්ෂයෙන් නෙරපන්න මම මැදිහත් වුණා.”

“පසුගිය මාසයේ සභා රැස්වීමේදී පවා පක්ෂයේ ස්ථාවරයට පිටින් ගිහින් මාලිමාව ගෙනාපු හැම යෝජනාවකටම මේ අය පක්ෂව ඡන්දය දුන්නා. පක්ෂය පාවා දුන් අයට නිසි දඬුවම ලැබිලා තියෙනවා. හිස් වූ මන්ත්‍රී ධුර සඳහා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අය නීත්‍යානුකූලව පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

Next Post

දෙවැනි එක් දින තරගය මුලුමනින්ම වැස්සට සේදෙයි…

Related Posts

Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.