බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ASPලා බඳවා ගන්න සීමිත තරග විභාගය දා රටෙත් හිටියේ නැති IP නෝනෙක් විභාග ප්‍රතිඵළ මත සම්මුඛ පරීක්ෂණයට කැඳවලා… පොලිසියේ ඇතුළ පත්තු වෙයි!

by editor
ජනවාරි 31, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter

පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 18 සහ 19 දෙදින තුළ විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගන්නා සීමිත තරග විභාගය පැවැත්වූ දිනයේ විභාගයට පෙනී නොසිට විදේශගතවී සිටි කාන්තා පොලිස් පරීක්‍ෂක වරියකද විභාගය සමත්වූවන් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට කැඳවීම හේතුවෙන් මේ වනවිට පොලිිිසිය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

විභාගයට පෙනී නොසිටියත් 2023/11/ 18 සහ 19 දෙදින තුළ පැවැත්වූ ලිඛිත විභාග ප්‍රතිඵල මත ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට මෙසේ කැඳවා ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ වරයකුගේ කාර්යාලයේ සේවය කරමින් සිටින කාන්තා පොලිස් පරීක්ෂකවරියකි.

මෙම විභාගය පැවත්වූ අවස්ථාවේ සිට එක්තරා පොලිස්පතිවරයෙකුගේ සහ ඔහුගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂවරයෙකුගේ අභිමතය පරිදි ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සඳහා වැදගත්වන පිරිසක් තෝරාගෙන ලිඛිත විභාගයේ මුවාවෙන් සහකාර පොලිස් අධිකාරී තනතුරු පිරිනැමීමේ උත්සාහයක් පිළිබඳව පොලිසිය අභ්‍යන්තරයේ දැඩි කතා බහක් ඇති විය.

එමෙන්ම පොලිසිය තුළ සුදු පුතා යැයි කුප්‍රකට පොලිස් ප්‍රධානියෙකුගේ මැදිහත්වීමෙන් මෙම විභාගය සඳහා සකස් කළ ප්‍රශ්නපත්‍ර පිළිතුරුත් සමග ඔවුන්ගේ සමීප නිලධාරී පිරිස් වෙත ලබා දුන් බවත්, පොලිස් පරීක්ෂකවරියන් ලෙස සේවය කරන ස්වකීය කිට්ටු හිතවතියන් වෙත ඇතැම් උසස් පොලිස් නිලධාරීන් විසින් එම ප්‍රශ්න සහ පිළිතුරු ලබා දුන් බවත් පොලිසිය අභ්‍යන්තරයෙන්ම ඒ දිනවල චෝදනා එල්ල වූයේය. විභාගයට පෙනී නොසිටි කාන්තා පොලිස් නිලධාරිනිය ලිඛිත විභාග ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමත් සමග මේ දූෂිත තත්ත්වය තහවුරු වී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි .

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විභාගයක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ ආකාරයෙන් ආන්දෝලනයට ලක් වී ඇති ආකාරය අනුව  මේ පිළිබඳ පැහැදිලි කරගැනීමක් විභාග දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් අවශ්‍ය බවත්,  මෙවැනි තත්ත්වයන් ජාතික ආර්ථික දේහය සඳහා සුදුස්සන් වරණය කරන විශ්වාසනීය ආයතනය වූ විභාග දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයටත් යහපත් නොවන නොවන බවත්  දෙපාර්තමේන්තුවේ විභාගයට පෙනී සිට වින්දිතයන් බවට පත් වූ පිරිස්  පවසති.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

එමෙන්ම මේ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුවේ නිල පැහැදිලි කිරීමද පොලිසිය අභ්‍යන්තරයෙන්ම අපේක්ෂා කරමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්පත් කරගෙන… වැඩපිළිවෙළ සාර්ථකයි… ADB යෙන් සහතිකයක්!

Next Post

ජනපති මාවෙයි සේනාධිරාජාගේ දේහයට අවසන් ගෞරව දක්වයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.