අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ආයතනය  සූදු පිටියක්… සභාපති සූදු කෙළිනවා…  මන්ත්‍රී නලීන් බණ්ඩාර තේරීම් කාරක සභාවක් ඉල්ලයි…

by editor
නොවැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති යූ ටියුබ් කාරයින්ට සල්ලි දීලා මට විතරක් නමෙයි, ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහට, ජාතික ක්‍රීඩා සභාවෙ සභාපති අර්ජුන රණතුංගට මඩ ගහන්න පටන් අරන්…

පාර්ලිමේන්තුවටත් ඉහළින් සිට කටයුතු කරමින්  සිටින ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා මුල් වී  එම ආයතනයේ සිදුවන දූෂණ වංචා සෙවීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (09) පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමන් පාර්ලිමේන්තතුවේ දී  කළ ප්‍රකාශයක් මුල් කරගෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් බිලියන 02 වන්දියක් ඉල්ලා එවූ එන්තරවාසියක් සම්බන්ධ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලැබෙන වරප්‍රසාද අනුව පසුගිය ආසියානු කුසලාන  ක්‍රිකට් තරගාවලිය මෙරට පැවැත්වීමට අවස්ථාව ලබා නොගැනීම සම්බන්ධව 22.08.09 දින පාර්ලිමේන්තුවේ දී  තමන් කරුණු ඉදිරිපත් කළ බවත් ඊට ප්‍රති උත්තර දීම සඳහා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තමන්  සම්බන්ධව ප්‍රකාශයක් සිදු කළ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව මගින් මතු කළ කරුණු සඳහා  තමා විසින් නැවත කරුණු  දැක්වූ  අවස්ථාවේ දී එම  ප්‍රකාශය සම්බන්ධ එන්තර වාසියක් එවවමින් රුපියල් බිලියන 02 වන්දියක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් තමාගෙන් ඉල්ලා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද  03වන වගන්තිය යටතේ භාෂණයේ  සහ විවාද කිරීමේ අයිතිය අධිකරණයකින් හෝ  ප්‍රශ්න කළ නොහැකි බව කී මන්ත්‍රිවරයා   මෙම  සිදුවීම තුළින් මහජන නියෝජිතයෙක් තම වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බව කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම කරුණ  වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කර මහජන නියෝජිතයෙක් ලෙස වරප්‍රසාද ආරක්ෂා කර දෙන මෙන්  නලීන් බණ්ඩාර ඉල්ලා සිටියේය.

කතානායකවරයා කීවේ එම ඉල්ලීම වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බවය.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

“ මම කිව්වේ සාධාරණ කාරණයක්. ආසියානු කුසලානය අපේ රටේ තිබුණ නම්  අපේ රටට සංචාරකයො එනවා. ආදායමක් එනවා. ඒ කාරණය මතුකළාම  ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ක්‍රිකට් කණ්ඩායමේ නාකයාත් ලඟ තබාගෙන අහනවා නලීන් බණ්ඩාර කවුද . මම එයාව දන්නෙ නෑ. එයාට ගණන් බෑ කියලා.. බොහොම අපහාසාත්මකව ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළා. .

“පසුගිය කාලෙ ඒ සම්බන්ධව කතා කළේ නැත්තෙ ලෝක කුසලාන තරගාවලිය තියෙන නිසා වචනයකින් හෝ කණ්ඩායමට අවාසියක් වේවි කියලා.“

“අද මේ කතා කරන්න හේතු වුනේ ඊට පස්සෙත් ඔහු යූ ටියුබ් කාරයින්ට සල්ලි ගෙවලා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට, ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට විරුද්ධවත් මඩ ගහන්න ගත්තට පස්සේ.“

“මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයෙ සභාපතිවරයා අත්තනෝමතිකව කටයුතු කරනවා කියලා ඕන තරම් උදාහරණය තියනවා.“

“මෙච්චරකල්  ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කැබිනට් ඇමතිවරයා කරේ දාගත්තා. නැතිනම් ඔඩොක්කුවට දාගත්තා. මා සතුටු වෙනවා දැනට ඉන්න කැබිනට් ඇමතිවරයා  රොෂාන් රණසිංහව තවම කරේ දාගන්න ඔඩොක්කුවට දාගන්න බැරිවෙලා තියනවා. ඒ නිසා තමයි ඔහුට මඩ ගහන්නෙ. “

“ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කටයුතු කරන්නෙ අත්තනෝමතික ආකාරයට. මම මගෙ මිත්‍රයෙක් හම්බවෙන්න සීසීසී ක්ලබ් එකට ආවට පස්සේ ඔහුට තර්ජන කරන්න ආවා කියලා පොලිස් පැමිණිල්ලක් දාලා තියනවා.  මේ සිකුරාදා කුරුඳුවත්ත පොලිසියට එන්න කියලා තියනවා. මම කිව්වා මම එනකොට ඒ අයත් කැඳවන්න කියලා ප්‍රශ්න කරන්න. “

“ක්‍රිකට් පාලක මණ්ඩලය  අද බුකි කාරයින්ට යටවෙච්චි   සූදු පිටියක්.  පාර්ලිමේන්තුවටත් එහා ගිය බලයක් ආරූඪ කරගත්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිව හෙට අනිද්දට කෝප් කමිටු සාමාජිකයෙක් විදිහට මා කෝප් කමිටුවට කැඳවන්න බලාපොරොත්තු වෙනවා.“

මේ ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ අගතිය සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත්,   ක්‍රිකට් පාලක මණ්ඩලය විගණනය කර  එහි දූෂණ සම්බන්ධවත්,  ක්‍රීඩා ගිවිසුම් සම්බන්ධවත් සොයා බලන්න  ලෙසත් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩුව යළි කැඳවන අද දවසේ ධනුෂ්ක ගුණතිලකට සිද්ධ විය හැකි දේ…

Next Post

ගෝඨාභයගේ “සීනි යාලුවන්“ ගිල්ල කෝටි 1600ක සීනි බදු ලාභයෙන් සියයට 30ක් අය කර ගැනීමේ යෝජනාවක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.