ශ්‍රියානි විජේසිංහ –
හෝමාගම අවට මුවගහනය වෙනත් රක්ෂිතයකට මුදා හැරීමට කටයුතු කරන බවත් එසේ කරන්නේ පූර්ණ ජලභීතිකා පරීක්ෂාවකට ඔවුන් ලක්කිරීමෙන් අනතුරුව බවත් වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
හෝමාගම අවට මුව ගහණය සිඝ්‍රයෙන් ඉහළ යන බවත් ඔවුන් අතර ජලභීතිකා රෝගය පැතිර යමින් ඇති බවත් මේ තත්ත්වය තුළ වෙනත් රක්ෂිතයකට හෝ අභයභූමියකට සුදුසු පරිදි මෙම සතුන් යොමු කරන ලෙසත් එම ප්‍රදේශයේ විවිධ පාර්ශව විසින් වනජීවී හා වන සංරක්ෂන අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මින් පෙර අවස්ථා ගණනාවක දී ඉල්ලීම් කර තිබිණි.
වන සංරක්ෂණ කළාපයකට හෝ අභයභූමියකට මෙම සතුන් මුදා හැරීමට පියවර ගත යුතු බවට යෝජනා වුව ද, හෝමාගම අවට සැරිසරන මුව රංචු අතර ජලභීතිකා රෝගය ව්‍යාප්ත වන බවට පසුගිය කාලයේ වාර්තා වූ බැවින්, පූර්ණ ජලභීතිකා පරීක්ෂණයකින් තොරව එම සතුන් සංරක්ෂණ කලාපවලට හෝ අභයභූමිවලට මුදා නොහරින ලෙසට අමාත්‍යවරයා එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.







