රුපියල් 7කින් මිල අඩු කිරීමෙන් සහනයක් නොව අසහනයක් ඇති වූ බවත් ඉන්ධන මිල ගණන් පහළ දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේන කීය.
රුපියල් 7කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නැති බව සභාපතිවරයා අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
“රුපියල් 7 අඩු කිරීමෙන් ධනපතියාට එයාගේ බර අඩුකරනවා. අපිට සල්ලි දීලවත් අවශ්‍ය තරම් පෙට්‍රල් ප්‍රමාණය දෙන්නේ නැහැ. ඒ නිසා ඔය රුපියල් 7 අඩු නොකරාට කමක් නැහැ. විශේෂයෙන් හයර් දුවන ත්‍රීරෝද රථ රියදුරාට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දෙන්න කියලා ආණ්ඩුව කියන්න. මොනම හේතුවක් නිසාවත් ගාස්තුව අඩු කරන්නේ නැහැ.” යැයිද සභාපතිවරයා කීවේය.