කීර්ති ප්‍රනාන්දු –
ඇඳන් දෙදහසකට අධික ප්‍රමාණයක් දැමිය හැකි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරීමට අද (28) සවස පැවති ගම්පහ කොවිඩ් මර්ධන කමිටුවේ දී තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීඛරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සඳහන් කළේය.
වැරැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි දැනට වසා දමා ඇති ඇඟළුම් කම්හල් ගොඩනැගිල්ලක් මේ සඳහා තෝරාගෙන ඇත.
විෂය භාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ගම්පහ මහ දිසාපති සුනිල් ජයලත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු කොවිඩ් මර්ධන කමිටුවේ සාමාජිකයන් එක්ව මෙම සාකච්ඡාව පවත්වා ඇත.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය ලබාදීමට ද තීන්දු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පැවසීය.
මේ වනවට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී ඇති බවත්, මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුනා ගන්නා රෝගීන් කිසිදු බාධාවකින් තොරව ප්‍රතිකාර කිරීමට යොමු කළ හැකි බවත් මෙහිදී පෙන්වා දී තිබේ.