සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ දී පැවැත්වෙන්නට නියමිත ඉන්දියා – පකිස්ථාන තරගයට ඉඩ දෙන්න… ජනපති දුරකථන ඇමතුමක් දී පකිස්ථාන අගමැතිගෙන් ඉල්ලයි!

by editor
පෙබරවාරි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (පෙබරවාරි 09) පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් දුරකතනයෙන් අමතා පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ICC T20 තරගාවලියේ ඉන්දියාව සමග කොළඹදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිය තීරණය දැනුම් දෙන බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුව, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැවති සමයේදී පකිස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කළ බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවසා තිබේ.

පාකිස්ථානය අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාව සමඟ ඇති දිගුකාලීන සබඳතාවලට ප්‍රමුඛත්වය දුන් බවත්, ත්‍රස්තවාදය පැවැති කාලසීමාවේදී පවා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කර තරග කළ බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසු බව පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත

දුෂ්කර කාලවලදී පාකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගය ලබා දුන් බවද අගමැති ෂෙබාස් ෂරීෆ් මෙහිදී පවසා තිබේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථාන තරග සංචාරය අවලංගු නොකිරීමෙන් පකිස්ථානයට සහ ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන පියවරක් තැබූ බව ද අගමැතිවරයා එහිදී පැවසීය.

පෙබරවාරි 15 ​​වැනිදා කොළඹදී ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි අවස්ථාවක, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙලෙස දුරකථනයෙන් අමතා ඇත.

පකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අහිමි වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි මූල්‍යමය පාඩුවක් සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහසයි.

ඉන්දියාව සමග ක්‍රීඩා නොකිරීමට පකිස්ථානය ගත් තීරණය සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා ඊයේ (පෙබරවාරි 08) පාකිස්ථානයට පැමිණි අතර මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් ද පකිස්ථානයට පැමිණ තිබිණි.

ඉන්දියාවට එරෙහි T20 ලෝක කුසලාන තරගය පකිස්ථානය වර්ජනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන් ඉරිදා ලාහෝර්හිදී රැස්වූ නමුත් ප්‍රතිඵලය තවමත් පැහැදිලි නැත.

ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා සහ විධායක කමිටු සාමාජික මුබාෂීර් උස්මානි පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි හමුවූ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් ද රැස්වීමට සහභාගී විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නොබෙල් සාම ත්‍යාගලාභී ඉරාන ජාතික නර්ගෙස් මොහම්මදිට තවත් සිරඳඬුවමක්… මිය යන තුරු ඇයව සිර ගෙදර තබන ඉරාණ රජයේ වෑයම!

Next Post

ඉන්දියාව සමග තරග වදින්නට පකිස්ථානය එකඟවෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.