වර්ෂ 2009 උපරිම ප්‍රමාණයක් බඳවා ගත් හමුදාවේ පිරිස් බලය නියමිත ප්‍රමාණයට අඩුකරගැනීම සිදුකරන බවත් එය සිදුවන්නේ ක්‍රමානුකූල ස්වභාවික ක්‍රමවේදයකට බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් කේ.ඒ.එන්. සිසිර කුමාර පැවසුවේය.
ඒ අනුව වාර්ෂිකව විශ්‍රාම යන ප්‍රමාණයට සාපේක්ෂව බඳවා ගැනීම් විද්‍යාත්මක ක්‍රමයකට සීමා කරගනිමින් දැනට එක් ලක්ෂ හතලිස් තුන් දහසක් පමණවන යුද හමුදාවේ පිරිස් බලය 2030 වනවිට එක් ලක්ෂ තිස් දහසක අඩුකරගැනීම සැලසුම් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
අද ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මෙසේ ද පැවසුවේය. “යුද හමුදාවේ පිරිස් බලය අඩු වෙමින් පවතිනවා. විශේෂ අඩු කිරීමක් කරන්නෙ නෑ. විශ්‍රාම යන ප්‍රමාණයට අනුව බඳවා ගැනීම් අඩු කලා තියනවා. මේ අවුරුද්දේ නිත්‍ය බල සේනාවට බඳවා ගන්නේ 3000යි. ස්වේච්ඡා බල සේනාවට බඳවා ගන්නේ 1000යි. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් විශ්‍රාම යනවා. ඒක ස්වභාවිකව වෙන අඩුවීමක්. වර්ෂ 2030 වනවිට එක් ලක්ෂ තිස් දහසක පරිස් බලයක් දක්වා යුද හමුදාව පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ යන විදිහට. ”
දැනට එක් ලක්ෂ හතලිස් තුන් දහසක්වන යුද හමුදා සාමාජිකයින්ගෙන් කිසිවෙක් රැකියාවලින් ඉවත් නොකරන බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ස්වභාවික විදිහට මෙම පාලනය කිරීම සිදුකරන බව පැවසුවේය.







