ලලිත් චාමින්ද –
මෙරට (2022) ඉකුත් වර්ෂයේ දි බන්ධනාගාර ගත වු රැදවියන්ගෙන් සියයට 53ක් එනම් එනම් රැදවියන් 13,794 දෙනෙකු බන්ධනාගාරගතවි ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ දි (2022) රැදවියන් 26176 දෙනෙකු බන්ධනාගාරගතවි තිබුණි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවු රැදවියන්ගෙන් 4406 දෙනෙකු සිරකරුවන් වන අතර 9388 දෙනෙකු සැකකරුවන් වේ.
මත්ද්‍රව්‍ය වැරදි වැඩිවිම රටේ අනෙකුත් අපරාධ ක්‍රියාකාරකම් වැඩිවිමට සෘජුවම බලපාන අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වැඩිපිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය, සන්තකයේ තබාගැනිම, මිලදිගැනිම හා විකිණිම සම්බන්දයෙන් බන්ධනාගාරගත වුවෝ වෙති.
බන්ධනාගාර තුළ ඇතිවි තිබෙන අසාමාන්‍ය තදබදයට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා බන්ධනාගාරගතවිම ප්‍රධාන හේතුවක් බැවත් එය බන්ධනාගාරයේ ප්‍රධාන අරමුණකරා ලඟාවිමට මෙන්ම බනධනාගාර අභ්‍යන්තර ආරක්ෂාව සහ ක්‍රියාකාරිත්වයට බාධාවක් වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.







