19න් පහළ එක් දින ලෝක කුසලානයට තරග වදින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (23) ඔස්ට්‍රේලියාව හමුවේ ඉතිහාසගත විලි ලජ්ජාවකට පත් වෙමින් පන්දු ඕවර 18 පන්දු 5ක් තුළ ලකුණු 58කට දැවී ගියේය. ඒ කාසියේ වාසිය ලැබූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට යෑමේදී ය.
ජපානය සමග ලෝක වාර්තා තැබූ නමුත්, අයර්ලන්තය හමුවේ දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ නමුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ඇත්තම ස්වරූපය මෙය බව ආසියානු කුසලානයේදීම පැහැදිලි වූයේය.
අනාගතය සඳහා බලාපොරොත්තු තබා ගත හැකි එකම සාධනීය සලකුණක්වත් මේ කණ්ඩායම තුළ මුල සිටම හඳුනාගැනීමට නොහැකි වූ ඛේදවාචකය අපි පැහැදිලිව මින් පෙර ලියා තැබුවෙමු. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය නම් ඒ අනාගතය පුනරුත්ථාපනය කළ යුතු බව අද නැබීමබියාවේ වින්ඩ්හෝක් ක්‍රීඩාංගනයේ දී ශ්‍රි ලංකා යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පණිවිඩයක් එවූහ.
ක්‍රීඩාවට හුරු වන ජපානයේ ආධුනික ක්‍රීඩකයින්ට එරෙහිව ශතක සම්බන්ධතා ගොඩනගා ලෝක වාර්තා තැබූ දිමන්ත මහවිතාන ලකුණු නැත. විරාන් චමුදිත ලකුණු 01කි. දුනිත් සිගේරා ලකුණු 1කි. පළමු ක්‍රීඩකයින් හතර දෙනාගේ ලකුණු එකතුව ලකුණු 09කි.
වැඩිම ලකුණු සංඛ්‍යාව ලැබූ චාමික හීනටියන ලකුණු 14කි. මුළු කණ්ඩායමම ලකුණු 15 අඩුවෙනි. ක්‍රීඩකයින් 08ක් ලකුණු 10ට අඩුවෙනි. තරගයටම ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 11 දෙනාම එල්ල කර ඇත්තේ හතරේ පහර 05කි. ලකුණු 58ට සියල්ලන්ම දැවී ගොස්ය. ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රි ලංකා කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකට දැවී ගිය ප්‍රථම අවස්ථාව මෙයය.
පන්දු ඕවර 6.4ක් තුළ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් වූ විල් බිරෝම් ලකුණු 14කට කඩුළු 05කි. චාර්ල්ස් ලච්මුන්ඩ් ලකුණු 19කට කඩුළු 2කි. කෙසෙයි බර්ටොන් ලකුණු 13කට කඩුළු 02කි. හෙයිඩ්න් චිලර් ලකුණු 11කට කඩුල්ලකි.







