විද්‍යාත්මක මූලධර්මයක් මත පදනම්ව වගාහානි කරන සත්ත්ව විශේෂ 04ක් සම්බන්ධව කෙරෙන සංගනනය කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව විවේචනය කිරීම සම්බන්ධව දැඩි ලෙස කණගාටුව පළකරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම සංගණනය සිදුකරන ආකාරය, එහි අරමුණ, අදාල චක්‍රලේඛ, පිළිබඳව පැහැදිලි කරමින් නිකුත් කර ඇති එම නිවේදනයෙන් දන්වා සිටින්නේ රිලවා මොණරා වඳුරා සහ දඬුලේනාගෙන් සිදුවන වගා හානි සම්බන්ධව තීන්දු ගැනීමට නිසි දත්ත පද්ධතියක් නොමැති වීම නිසා මෙම සතුන් පිළිබඳව යෝජනා කර තිබූ ජාතික සංගණනය මාර්තු 15 දා උදෑසන 8. සිට 8.05 දක්වා කාලය තුළ අනිවාර්යයෙන් සිදුකරන බවය.
මෙම දත්ත රැස් කිරිම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ අදාල ආයතනවල සහභාගීත්වයෙන් පිහිටුවන ලද වගා හානි අවම කිරීමට අදාල විශේෂ කමිටුව විසිනි.
මෙම සංගනනයය ගෙවතු, වගා බිම්, පාසල්, පන්සල්, වැනි මනුෂ්‍යයන් පරිහරණය කරන ජනාවාස පරිශ්‍රයන් සහ කෘෂිකාර්මික බිම්වල හැසිරෙන උක්ත සතුන් වර්ග 04 සදහා පමණක් සීමාවන බව එම නිවේදනයේ සඳහන් වේ.
අදාල නිවේදනය සහිත සම්පූර්ණ විස්තරය පහත දිගුවෙන් ලබා ගත හැකිය.







