රජයේ වෙබ් අඩවි වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියේ යූ ටියුබ් නාලිකාවත්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියත් පරිපාලකයින්ගේ පරිපාලනයෙන් පූර්ණ ලෙස මිදී බාහිර පාර්ශවයක් වෙත පත් වී ඇත.
සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කරන්නේ කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස එම වෙබ් අඩවියේ පරිපාලනය තමන් අතට ගෙන ඇති බවය.
කෙසේවෙතත් මේ වනවිට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද පැවසුවේය.







