බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

18 හැවිරිදි බිරිඳට භූමිතෙල් දමා ගිනි තැබූ සැමියා 17 වසරකට පසු පෝරකයට…

by Lanka Sara Editor
දෙසැම්බර් 17, 2021 - Updated on දෙසැම්බර් 18, 2021
in පුවත්
Prison
Share on FacebookShare on Twitter

සූරියවැව – නුවන් ජයසේකර 

වසර 17කට පෙර හම්බන්තොටදී සිය 18 හැවිරිදි බිරිද නිවස තුළදී භූමි තෙල් දමා ගිනි තබා ඝාතනය කිරීමේ වරදට වරද කරු වූ 43 හැවිරිදි පස් දරු පියෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල   අද (17) සවස මරණීය දණ්ඩණය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණේ හම්බන්තොට සිරිබෝපුර පදිංචි 43 හැවිරිදි තුවාන් අනුෂ් යූනුෂ් නැමති පස් දරු පියෙකුටය.

චුදිත පවුල් ආරවුලක් මත 2004.04.08 වන දින හම්බන්තොට පිහිටි නිවසේදී රාත්‍රි 9.30ට පමණ එක් දරු මවක වු 18 හැවිරිදි සිය බිරිදගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කිරීමට තැත්කර තිබේ. එහිදී ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 18 හැවිරිදි කාන්තාව ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලටත් පසුව මාතර මහ රෝහලටත් ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු තුවාලකාරිය 2004.04.11 වන දින මියගොස් තිබේ. පසුව සිද්ධිය පිළිබදව කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසින් හම්බන්තොට පොලිසියට සිදුකළ දැනුම් දීමකට අනුව මරණකාරිය විසින් සිදුකරන ලද ප්‍රකාශයට අනුව සිද්ධියට සැක පිට මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීමෙන් අනතුරුව චුදිත හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව චුදිතට එරෙහිව නිතිපතිවරයා විසින් 2005.12.16 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙන ලදි.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

එහිදි පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල   චුදිතට මරණීය දණ්ඩණය නියම කෙරුණි.

ඒ අනුව චූදිත ශ්‍රි ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනකදී වේලාවකදී ගෙල සිරකර මරණයට පත්කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරුණි. නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න  පැමිණිල්ල මෙහෙයවන ලදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර අටක් සැගවී සිටි ඝාතකයෙක් යාල කැළේදී අත්අඩංගුවට…

Next Post

ශ්‍රි ලංකාවට ණය දෙන්නන්ට ෆිච් රේටිං අනතුරු අඟවයි ! විදේශ සංචිත අර්බුදය අන්තිම දරුණුයි !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.