මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට වසර අටක සිට අවශ්‍ය කර තිබූ සැකකරුවකු යාල වනයේ සැඟවී සිටියදී කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දින කිහිපයක් තිස්සෙ පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකින් පසුව අදාල සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අදාල සැකකරු විසින් යාල වනයේ සැගව සිට අපරාධ රැසක් සිදු කර ඇති බවත් ඔහු ඉකුත් ජූලි මාසයේදී කතරගම හින්දු පූජකවරයකු ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා වන සතුන්ද දඩයම් කර දඩමස් විකිණීමේ ජාවාරමකද නිරත වී ඇති බවද වාර්තා වේ.