මේ මස 22 දා සිට දඹුල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 17 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මධ්‍යම පළාත් කණ්ඩායම තේරීමේදී එහි පළාත් පුහුණුකරු තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් කණ්ඩායමට රිංගවා ගැනීම සඳහා ප්‍රබල උත්සාහයක යෙදෙන බව ලංකාසරට වාර්තා වේ.
මෙම අවසන් තේරීම ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ සිදු කර ඇත්තේ තේරීම් තරග දෙකක්ද පැවැත්වීමෙන් අනතුරුවය.
මහනුවර ප්‍රධාන පාසල් දෙකකින් පමණක් කණ්ඩායම සමන්විය යුතුය යන මතයක සිටින මෙම පුහුණුකරු තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් නොතේරීම නිසා අදාල පාසලක විදුහල්පතෙවරයකු ලවා පෙත්සමක් සකස් කිරීමට තැත් කරන බවත් දැන ගන්නට තිබේ.
මීට පෙර පැවැති අන්තර් පළාත් තරගාවලියකදී තමන්ට භාර දුන් කොකබුරා වර්ගයේ පන්දු වෙනුවට බාල වර්ගයේ පැරණි පන්දු භාර දීමට ගොස් හෙළිදරව් වූ පුද්ගලයෙක් ලෙසද වාර්තා වේ.







