-
පෙම්වතා විසින් දුෂණය කළ පසු ඔහු ගේ අනුදැනුම මත දැරිය දූෂණය කරලා තියෙන්නේ වයස අවුරුදු 19 -21 අතර පසුවන පෙම්වතාගේ යාලුවො කියන උන් ටිකක්…
තමන් විසින් දූෂණය කිරීමෙන් අනතුරුව සිය මිතුරන් 05 දෙනෙක් ලවා ද පාසල් යන සිය 17 හැවිරිදි පෙම්වතිය දූෂණය කරවූ පාදඩ පෙම්වතා සහ එම දැරියව සමූහ දූෂණයට ලක් කළ පෙම්වතාගේ මිතුරු දූෂකයින් 5 දෙනා අත් අඩංගුවට ගැනිමට හංවැල්ල පොලිසිය අද (22) සමත් වී තිබේ.
සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීම පරික්ෂණ කරන බව ද පොලිසිය පවසයි. ඇය විසින් සිදුකළ පැමිණිල්ලක් ප්‍රකාරව හංවැල්ල පොලිසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කෝටඨාසය එක්ව විමර්ශන ආරම්භ කර ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මෙම 17 හැවිරිදි පාසල් සිසුවිය පදිංචි වී සිටින්නේ හංවැල්ල පහළ කොස්ගම ප්‍රදේශයේ ය. ඊයේ ( 21) ඇය සිය පුංචි අම්මා සමග නගරකයේ දන්සැලකට ගොස් තිබූ බවත් ඒ අතර ඇය පොත් කඩයකට යන බව කියා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බවත්ය.
පෙම්වතා සිදුකර තිබුණේ ඇයව ඔහුගේ නිවසට ගෙන ගොස් දූෂණය කිරීමය. ඉන් නොනැවති ඇය පිටව ගිය පසු සිය මිතුරන්ට කතා කර ඇයව රැගෙන ගොස් කැමති දෙයක් කරන ලෙස දන්වා ඇත.
පෙම්වතාගේ ප්‍රකාශය අවසරයක් ලෙස ගත් මෙම තරුණ පිරිස ජල්තර ප්‍රදේශයේ ඉදි වෙමින් ඇති සුසානාගාරයක් අසල රැස් වී ඇති අතර එක් පුද්ගලයෙක් තමන් සිසුවිය සොයාගෙන ගොස් තිබේ. ඒ වනවිට ඇය ඇඹුල්ගම හන්දිය අසලින් නිවස වෙත යමින් සිට ඇත. යතුරු පැදියක පැමිණි පුද්ගලයා තමන් පෙම්වතාගේ මිතුරෙක් බව කියමින් ඇයව නිවසට රැගෙන යන බව දන්වා යතුරු පැදියට බලහත්කාරයෙන් නන්වාගෙන මෙම සුසානාගාරය වෙත රැගෙන ගොස් ඇත.
අනතුරුව සිසුවියගේ විරෝධය මත මෙම සල්ලායින් පස් දෙනාම ඇයව දූෂණය කර තිබේ. එක් පුදගලයෙක් සිසුවිය දූෂණය කර අවසන් වනතුරු ඔත්තු බලා ඇත.
සමූහ දූෂණය කිරීමෙන් අනතුරුව ඇය රැගෙන ආ තරුණයා විසින් නැවත වතාවක් ඇයව හංවැල්ල ආටිගල හංදියට ගෙනැවිත් දමා ගොස් ඇති බවද පොලීසිය පැවසීය.
දැරියට නිවස කාර යෑමට මුදල් ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් විසින් ඇයට ලබා දී ඇත්තේ රුපියල් 40ක් පමණක් බව විමර්ශන වලදී හෙළි වී ඇත.
අනතුරුව නිවසට යෑමට නොහැකිව දැරිය හඬමින් සිටින අතරතුරදී පොලිස් යතුරුපැදියක් එම ස්ථානයේ නවත්වා ඇයගෙන් කරුණු විමසා ඇති බවත් එහිදී දැරිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ත්‍රිරෝද රථයක ඇයව නංවාගත් පොලීසිය ඇය සමග අදාළ සිදුවීම සිදුවූ ස්ථානයට ගිය බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධව සිසුවිය කළ පැමිණිල්ලකට අනුව ඇයව යතුරුපැදියක නන්වාගෙන ඇයව ආදාහනාගාරය වෙත රැගෙන ගිය ප්‍රධාන සැකකරු අද පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබිණි.
අවුරුදු 21 වයස මෙම තරුණයා දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරව සෙසු සිවු දෙනා ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්න් වන අතර ඔවුන්ගේ අයෙක් විවාහකයෙකි.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබිණි.
සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දරගේ උපදෙස් මත තවත් පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර තිබේ