බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

17 හැවිරිදි දැරියකගේ නිරුවත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කළ හමුදා සෙබලෙක් අත්අඩංගුවට…

by editor
ජූනි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කටුස්තොට ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියකගේ නිරුවත් වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහරින බව පවසමින් ඇයට තර්ජනය කළ 19 හැවිරිදි හමුදා පුද්ගලයෙක්  සම්බන්ධව කටුගස්තොට පොලිසියට ලද පැමිණිල්ලක් මත  විමර්ශන ආරම්භ කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය 11 වැනිදා පාසල් ශිෂ්‍යාවක් සිය වැඩිහිටියන් ද සමග කටුගස්තොට පොලිසිය වෙත පැමිණ සිය නිරුවත් වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහරින බව පවසමින් පුද්ගලයෙක් තර්ජනය කරන බවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

දැරියගේ  ප්‍රකාශවලින් හෙළිදරව් වී තිබුණේ ඇය ටික් ටෝක් මාධ්‍ය ජාලය හරහා හඳුනාගත් පුද්ගලයෙක් සමග ඇතිකරගත් සම්බන්ධතාවයකින් පසු එම පුද්ගලයාගේ ඉල්ලීම පිට නිරුවත්ව වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇති බවය.

එම පුද්ගලයා එම ඇමතුම පටිගත කර නැවත ශිෂ්‍යාව වෙත යොමු කර පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය මොහොතක ඇය නිරුවත්ව වීඩියෝ ඇමතුම් ලබා ගත යුතු බවත් එසේ නොමැති නම් මේ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවත්ය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

සොයා බලද්දී සැකකරු මින්නේරිය යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබලෙක් බව හෙළි වී ඇත. පසුව පොලිසිය විසින් එම කඳවුරට කරන ලද දැනුම්දිමකට අනුව 2023.06.14 දින කඳවුරේ නිලධාරීන් පිරිසක් සැකකරු කටුගස්තොට පොලිස් ස්ථානයට භාර දී ඇත.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනයත්, පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයත් විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර  තිබේ.

අනතුරුව රුපියල් 15000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැර තිබේ.

නඩුව ජූලි මස 18 වැනිදා  නැවත කැඳවීමට නියමිතය.

නිරන්තරයෙන් සමාජය තුළ සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධව අවවාදාත්මක දැනුම්වත්කිරීමක් කරන පොලිස් මාධ්‍ය කාර්යාලය දරුවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබනවා නම් දෙමව්පියන් ඒ සම්බන්ධව දැඩි අධීක්ෂණයකින් යුතුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් බවත්, වැඩිහිටියන් පවා අන්තර්ජාලය භාවිතා කිරිමේ දි දැඩි විනයක් ඇතිකරගැනීම අත්‍යාවශ්‍ය බවත්, දන්වා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසියානු කුසලානයේ ප්‍රධානම තරග 09 ශ්‍රී ලංකාවේ…

Next Post

ජාත්‍යාන්තර නාවුක මාර්ගය ලංකාවෙන් දුරස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය විරෝධය පල කරයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.