ගම්පහ මල්වතු හිරිපිටිය කහටාන ගණාරාම මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කලපලුවාවේ ධම්මරතන හිමියන් ඝාතකයින් සිව් දෙනෙක් විසින් ඝාතනය කර ඇත්තේ තමන් සීඅයිඩි නිලධාරීන් ලෙස පෙනි සිටිමින් බව වාර්තා වේ.
යන්ත්‍ර , මන්ත්‍ර සහ ජොතිෂ්‍ය කටයුතු සඳහා සුප්‍රසිද්ධ වූ උන්වහන්සේ මීට පෙර වැඩසිටියේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි කෙසෙල්කන්ද කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයේ බව තොරතුරු හෙළි වි ඇත.
තමන් සී.අයි.ඩී නිලධාරීන් ලෙස හඳුන්වා ගත් ඝාතකයින් පන්සල තුළට පැමිණ ජ්‍යොතිෂය කටයුතු කරන හාමුදුරුවන් කවරෙක්දැයි විමසා ඇත.
ඒ වනවිට හිමිවරු 06 නමක් දානය වලඳමින් සිට තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන් යැයි පැවසූ විට හිමිනම තමන් හඳුන්වා දිමත් සමග උන්වහනසේට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.
ඝාතකයින් සිව් දෙනෙක් උන්වහන්සේ ඝාතනය සඳහා පන්සලට ඇතුළු වී ඇත. වෙඩි ප්රහාරයන් උන්වහන්සේගේ වම් අතට සහ පපු ප්‍රදේශයට වැදී තිබුණු අතර ඉන් තුවාල ලැබූ හිමි නම කඩිනමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනවිටත් මිය ගොස් සිට ඇත.
සිද්ධිය සම්බන්ධව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. – දෙරණ







