පකිස්තානයට එරෙහිව මේ වනවිට පැවැත්වෙන තරගයේ දී පන්දු 77 කදී ලකුණු 122 ක් රැස්කරමින් කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් පිටියෙන් ආපසු එමින් සිටියදී ඇති වී තිබුණ උදරාබාධයක් හේතුවෙන් වහාම රෝහල් ගත කර ඇත.
කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරූ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 344ක් රැස් කළේය.
කුසල් මෙන්ඩිස් වෙනුවෙන් දුෂාන් හේමන්ත පිටියේ සිටින අතර මෙන්ඩිස් නොමැති වීම නිසා සිය මංගල ශතකය වාර්තා කළ සධීර සමරවික්රම කඩුලු රැකීමේ වගකීම භාරගෙන ඇත.
කුසල් පෙරේරා ද කඩුුළු රැකීමේ පරිචය සහිත ක්රීඩකයෙකි. තරගය මේ වනවිට තියුණු මුහුණුවරකින් පැවැත්වෙමින් ඇත.







