බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේට ඉහළ වයස් ඛාණ්ඩවල දරුවන් ක්‍රීඩා කරවා ඒ ගැන විමසන අයට මරණ තර්ජන කරන ගාල්ල විද්‍යා ලෝක විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකාර කුපාඩියා…

මුන් එක්ක මොන මහත්තුරුන්ගේ ක්‍රිකට් ද?... පාසල් ක්‍රිකට් වනසන ක්‍රිකට් අපරාධකරු සම්බන්ධව පාසල් ප්‍රජාව විරෝධය පළ කරති...

by editor
දෙසැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

  • පාසල් ක්‍රිකට් සංගමයේ 13න් පහළ කණ්ඩායමේ දරුවෙකුගේ නමින් 15න් පහළ දරුවෙක් ක්‍රීඩා කරවලා… මේ ගැන කට හෙල්ලුවොත් කණ පලනවා කියලා දරුවාට තර්ජනය කරලා…

  • දරුවාගේ පියාඒ ගැන විමසන විට දරුවාගේ නිවස ඉදිරිපිට මල්වඩම් තියලා… මරණ තර්ජන සහිත පෝස්ටර් ගහලා….

  • නිවසේ වාහනයේ ඉදිරි වීදුරුව ගල් ගසා කුඩු කරලා… දරුවාගේ තාත්තට කණ්ඩාමක් ගෙන්වා පහර දෙන්න හදලා… පාසලට ගියාට පස්සෙ කණ්ඩායමේ දරුවන් ලවා දරුවාට ගස්සවලා… දරුවා පාසල් යන්න බෑ කියනවා….

පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වන 2024-2025 වයස අවුරුදු 13 පහල තරඟාවලියේ නියමිත ක්‍රීඩකයා වෙනුවට එම නමින් වෙනත් වැඩිමහල් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරවා , එසේ ක්‍රීඩා කරවීම සම්බන්ධයෙන් නියම ක්‍රීඩකයාගේ විසින් පුහුණුකරු ගෙන් විමසීමෙන් පසු දරුවාගේ පියා ට මරණ තර්ජන කරමින් නිවස ඉදිරිපිට පෝස්ටර් ගසා , මල් වඩම් දමා ගිය පුවතක් ගාල්ලෙන් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්දිය සැකවින් මෙසේය,

පසුගිය නොවැම්බර් මස 07 දින ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය අතර වයස අවුරුදු 13 පහල පලමු කොටසේ ඒ කාණ්ඩයේ තරඟයක් මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගණයේ දී පැවැත් වී ඇත. එම තරඟයේ පලමුව පන්දුවට පහර දී ඇත්තේ ගාල්ල විද්‍යා ලෝක විද්‍යාලයයි. ඒ අනුව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයීය කණ්ඩායම තරඟ කොන්දේසි අනුව තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම නම් කර ඇත.

එම කණ්ඩායමට මේ කතාවේ වින්දිතයාවන යු.ජී. හිමාෂ නෙත්සර දරුවාගේ නම ඇතුළත් වී තිබේ. දරුවා ද කණ්ඩායම සමඟ සිට ඇත. පසුව කණ්ඩායමේ පුහුණුකරු එක් වරම පැමිණ හිමාෂ ට අයත් අංකය සහිත ජර්සිය එම පාසලේ 15 පහළ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ට අන්දවා එම දරුවා ට, පා ආවරණ පැලදින ලෙස උපදෙස් දී තිබේ.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ඒ අනුව යු.ජී හිමාෂ නෙත්සර ගේ නම යටතේ එම පාසලේ 15 පහළ වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ඇත. එම අවස්ථාවේ කණ්ඩායමේ පුහුණුකරු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට පවසා ඇත්තේ අදාල වැඩිමහල් ක්‍රීඩකයාට හිමාෂ ගේ නම සදහන් කරමින් චියර් කරන ලෙසය. එසේම නියම හිමාෂට ද තමාගේ නම කියමින් මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින වැඩිමහල් ක්‍රීඩකයාව දිරිගන්වන ලෙස පුහුණු කරු පවසා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව නියම හිමාෂ ඔහුගේ ම නම කියමින් ඔහු වෙනුවට පන්දුවට පහර දෙන ක්‍රීඩකයා දිරිගන්වා ඇතැයි වාර්තා වෙයි. මෙම තරඟයේ දී විද්‍යා ලෝක විද්‍යාලය පන්දුවාර 49.2 ක දී සියළු ක්‍රිඩකයින් දැවී ලකුණු 100 ක් ලබා ගෙන ඇත. එම ලකුණු 100 න් ලකුණු 30 ක් ලබා ගෙන ඇත්තේ යු.ජී. හිමාෂ ගේ නමින් පන්දුවට පහර දුන් වැඩිමහල් ක්‍රීඩකයාය. ඔහු ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ පන්දු 87 කදී ලකුණු 30 ලබා ගෙන ඉනිමේ 6 වන කඩුල්ල ලෙස දැවී ගොස් ඇත.
කෙසේ නමුත් මෙම තරඟය රාහුල විද්‍යාලය කඩුලු 6 ක් දැවී ලකුණු 102 ලබා ගනිමින් කඩුලු 04 කින් ජයග්‍රහණය කර ඇත.

තරඟයෙන් පසුව නිවසට පැමිණි හිමාෂ නෙත්සර දරුවා මේ සම්බන්ධයෙන් තම පියාට පවසා තිබේ. ඒ අනුව දරුවා ගේ පියා පාසලෙන් සහ පුහුණු කරුගෙන් එය සිදුවූයේ කෙසේ දැයි විමසා ඇත.

ඉන්පසුව සිදු වු දේ සම්බන්ධයෙන් මාධ්‍ය විමසීමේ දී යු.ජී. හිමාෂ නෙත්සර දරුවාගේ පියා වන කුමාර අප සමඟින් මෙසේ පැවසීය,

“මට දරුවා සිද්ධිය කිව්වා. මම ඊට පස්සේ මේ සම්බන්ධයෙන් පුහුණුකරුගෙන් විමසා සිටියා, ඔහු ඒ වෙලාවේ ඉඳන්ම මට තර්ජනය කරනවා. ඒවා ඔයාලට වැඩක් නෑ. අනවශ්‍ය දේවල් හොයන්න එන්න එපා කියලා. කොහොම හරි ඔය සිද්ධියෙන් පස්සේ දවසේ මාගේ ගෙදර නවත්වලා තිබුණු වෑන් රථයේ ඉදිරිපස වීදුරුව කැඩෙන්න ගලකින් ගහලා තිබුණා. හැබැයි මම ඒක මේකට අදාලව කියලා හිතුවේ නෑ. පස්සේ නොවැම්බර් 15 උදේ නැගිටින කොට මගේ නිවස ඉදිරිපිට පෝස්ටර් ගහලා තිබුණා. ඒවයේ මෙහෙම සදහන් වුනා,”

“දෙයක් කරද්දී දෙපාරක් හිතපන්… පස්සේ පසුතැවෙන්න වේවි… කොන්ඩ කුරුල්ලෝ උඹ හිතන දේවල් මෙහේ කරන්න බැරිවේවි. උඹට එහෙම වුනොත් ගමෙනුත් යන්න වේවි .පරිස්සමින් හිටපන්… බද්දේගම ගොන් පාට් මෙහේ දාන්න එපා… එහෙම වුනොත් උඹට අඩි 6 ක් යට ඉන්න වේවි…, යන යන තැන කියවන එක නවත්වපන් කට කපනවා.”

“මෙහෙම පෝස්ටර් ගෙදර ඉදිරිපස තිබුණා. එදා මල් වඩමක් ද ගෙදර ඉස්සරහ තියලා තිබුණා. ඊට පස්සේ මට පුහුණු කරු හමුවුනා ගාල්ල දෙවෙට ප්‍රදේශයේ දී. මම නැවත මේ ගැන ඇහුවා. මල් වඩම් ගැනත් ඇහුවා. එතකොට කිව්වා ඉස්කෝලෙට එන්න කියලා. මම ගියා. ඒ වෙලාවේ මට ගහන්න කියලා කීපදෙනෙක් පාසලේ ගේට්ටුව ලඟට ගෙනල්ලා තිබුණා. ”

“මේ සිද්ධිය ගැන විදුහල්පති තුමාට කිව්වා. විදුහල්පති තුමා කිව්වා පොලිසියට පැමිණිලි කරන්න කියලා. ඊට පස්සේ ගාල්ල පොලිසියට පැමිණිලි කළා. පොලිසිය කැඳවලා පරීක්ෂණයක් කළා. පෝස්ටර් සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසියේ පැමිණිලි කරන්න කියලා කිව්වා. ඒ අනුව වරාය පොලිසියට පැමිණිලි කළා. වරාය පොලිසියෙන් දෙපාරක් මම හා පුහුණුකරු ගෙන්වා පරීක්ෂණ කළා. හැබැයි පුහුණුකරු පිලිගත්තේ නෑ වෙන දරුවෙක් ගැහුවේ කියලා. ”

වරාය පොලිසියසට කළ පැමිණිල්ල…

“ඊට පසසේ මේ සම්බන්ධයෙන් මුකුත් වෙන්නේ නැති නිසා මම යලිත් විදුහල්පතිතුමාට කතා කළා. එතුමා කිව්වා මම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. හිමාෂ වෙනුවෙන් පන්දුවට පහර දීපු දුමිඳු කියන දරුවා පිළිගත්තා එයා තමයි තරගයට ගියේ කියලා. ඒ වගේම පුහුණුකරුත් පිළිගත්තා ඒ වැරැද්ද වුනා කියලා. ඒ අනුව දැන් දරුවා ආයිත් පුහුණු වීම් වලට එවන්න කියලා.”

“නමුත් ආයිත් පුහුණු වීම් වලට යැව්වාම මගේ දරුවාට ටීම් එකේ අනිත් ළමයි ගහලා තියනවා. අනේ ඒ ළමයින්ට උගන්වලා අපේ දරුවා පොලිසි ගිය නිසා එයාට ගහන්න කියලා. මගේ ගෙදර ඇවිල්ලා කාලා බීලා ඉන්න ළමයි තමයි එහෙම කරන තැනට පුහුණුකරු පත් කරලා තියෙන්නේ. ”

“පුහුණුකරුවා වරද පිළිගත්තා , අනිත් දරුවා පන්දුවට පහර දුන්නා කියලා පිලිගත්තා කියලා විදුහල්පති තුමා මා එක්ක කියපු රෙකෝඩින් මා ලඟ තියනවා. දැන් මට මගේ දරුවා පාසල් යවන්න බැරි තත්වයකට පත් වෙලා තියනවා. කණ්ඩායමේ පුහුණු වීම් වලට යවන්න බැරි වෙලා තියනවා. අනේ කරුණාකරලා මට මේ සදහා විසදුමක් ලබා දෙන්න. ”

“දැන් දරුවා හොදටම බය වෙලා ඉන්නේ. මේ මැච් එක වෙලාවෙ පුහුණුකරු දරුවාට කියලා තියනවා මේ ගැන ගෙදර ගිහිල්ලා කිව්වෝතින් කන පැලෙන්න ගහනවා කියලා. හැබැයි වරාය පොලිසියේ ස්ථානාධිපතිතුමා මගේ දරුවාගෙන් අහුවාම ස්ථානාධිපතිතුමාට මගේ දරුවා ඒ විස්තරය කිව්වා. මම මේ සම්බන්ධයෙන් පාසල් ක්‍රිකට් සංගමයට පැමිණිලි කළා. හැබැයි විද්‍යා ලෝක විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය මනතුංග මට බැන තර්ජනය කළා ඒ පැමිණිල්ල ඉවත්කර ගන්න කියලා. ඒ කියපු ඒවායේ හඩ පටත් මා ලඟ තියනවා.”

මේ සම්බන්ධයෙන් සාධාරණය තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න සෙනවිරත්තගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය,

“මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් කරගෙන යනවා. දැනට 13 පහල ක්‍රිකට් පුහුණු වීම් නවත්වලා තියෙන්නේ. මේ පරීක්ෂණය ඉවර වෙනතුරු. පුහුණුකරුවා පිළිඅරගෙන නෑ, වෙන දරුවෙක් යොදාගෙන පන්දුවට පහර දුන්නා කියලා. එහෙම දෙයක් ඔප්පු වුනොත් අපි ඒ සඳහා දඩුවම් ලබා දෙනවා. පාසල් ක්‍රිකට් සංගමය පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් යනවා. ඒ අනුව සිද්ධිය ඔප්පු වුනොත් අදාල අයට නිසි දඩුවම් ලබා දෙන්න අපි පැකිලෙන්නේ නෑ.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනම්පිටිය ගම්මානයට කඩා වැදුන වන අලියා වනජීවි කැබ් රථයටත් පහර දෙයි… පැය ගණනක් තිස්සේ වනජීවි නිලධාරීන් තනියා පන්නන සටනේ…

Next Post

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඒකමතිකව සම්මතයි…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.