ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය බලාත්මක කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය පරාජය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කිරීමත් සමග ඇති වී තිබෙන දෙදරීම ආණ්ඩුවේ ඉදිරි කටයුතු වලට ද දැඩිව බලපෑමක් එල්ල කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
මේ වනවිට ආණ්ඩුව තුළ විවෘතව පිල් දෙකක් සේ හැසිරෙන කණ්ඩායම් දෙකක් නිර්මාණය වීම හා බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන කණ්ඩායම කෙසේ හෝ 13 බලාත්මක කිරීමේ උත්සාහයට දක්වන විරෝධය නුදුරේදීම ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ෙ13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පොදු එකඟතාවයක් ඇති කරගැනීම සඳහා ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුව කැඳවීමටත් පෙර එය ව්‍යාර්ථ කරන ආකාරය සම්බන්ධව බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම හමුවී සාකච්ඡා කර තිබේ.
මෙම කණ්ඩායම තුළ රාජපක්ෂ පවුලද සිටින බැවින් ඔවුන්ට එල්ල වී ඇති අප්‍රසාදය තුරන් කරගෙන එළඹෙන මැතිවරණයක දී ජනතාව අතරට යෑමට හැකිවීම 13ට එරෙහි වීමෙන් ඔවුන් ලබන විශාල දේශපාලන වාසියක් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
එසේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළහොත් ජනාධිපතිවරයා පිළිබඳ උතුරු නැගෙනහිර ජනතාවගේ ඇතිවන විශ්වාසය වැලැක්වීම ද මෙම කණ්ඩායමේ අරමුණ බව ආණඩුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙවරත් 13 හරහා දේශපාලන බලපොරයක් නිර්මාණය කරගෙන දෙපාර්ශවයම සිය දේශපාලනය කරනු විනා ඉන් රටට ධනාත්මක ඉදිරි ගමනක් සම්බන්ධව අපේක්ෂා තබා ගැනීම අපහසු බවය.







