බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13 එපා.. උතුරු නැගෙනහිර එක් කර තමිල් දේසම් හැදීම එකම විසඳුමයි… ගජේන්ද්‍ර කුමාර් ජනපතිට ලියයි!

13 ගෙනාවෙ ඉන්දියාවෙ උවමනාවට... ඊට දෙමළ පක්ෂත් 1987 දි විරුද්ධ වුනා... ගජේන්ද්‍ර කුමාර්  ඉතිහාසයත් කියයි...

by editor
අගෝස්තු 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්න හා ගැටලු වලට විසදුම් සෙවීමේදී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරම්භක ලක්ෂයක් නොවන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ ( TNPF ) ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ ( 9 )   දැණුම් දී තිබේ.

උතුරු නැගෙනහිර අර්බූදය විසඳීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබදව යෝජනා ඉදිරිපත් කරණ ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දෙමළ දේශපාලන පක්ෂ වලින් කරණ ලද ඉල්ලීම පිළිගනිමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ  ( TNPF ) නායක  ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා සෙල්වතුරේ ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ගේ අත්සන් වලින් යුක්තව ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ මේ බව  සදහන් කොට ඇත.

13 වැනි සංශෝධනය ජනවාර්ගික ගැටලුවේ ආරම්භක ලක්ෂ්‍යය හෝ අවසාන විසඳුම ලෙස පිළිගත නොහැකි බවත් 1987 දෙමළ පක්ෂ විසින් 13 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කළ බවත්  පවසන එම පක්ෂය වසර 75 ක් මුළුල්ලේ පවතින මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් වන්නේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එම තනි ව්‍යුහයට   ස්වෛරීභාවය     හා ස්ව්‍යං නිර්ණ  අයිතිය ආරක්ෂා වන අන්දමේ විසඳුමක්   පමණක් බවත් පෙන්වා දී තිබේ.

2016 වසරේ දෙමළ මහජන සභාව සමඟ එක්ව  දෙමළ ජාතික ජනතා පෙරමුණ ( TNPF ) සකස් කරන ලද තමිල් දේසම් නැමති සම්මුති යෝජනාව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසදීමට ඇති එකම හා හොඳම ක්‍රියා පිළිවෙත බවද දෙමළ ජාතික ජනතා පෙරමුණ  පෙන්වා දී ඇති අතර එම සම්මුතියේ පිටපතක්ද ජනාධිපතිවරයාට යවන ලද ලිපියට අමුණා ඇත.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දීය රජයේ හා එවකට ඉන්දීය අගමැතිවරයා වූ රජීව් ගාන්ධිගේ වුවමනාවට සිදු වූ ක්‍රියාවක් බව පවසන එම පක්ෂය ඊට කෙටි කලකට පසුව දෙමළ දේශපාලන පක්ෂ   රජීව් ගාන්ධි අගමැතිවරයාගෙන් හා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරමින්  13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී  ලංකාවෙන් ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටි වගද  ලිපියේ සදහන් කොට ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වව්නියාවේ කඩු කල්ලියක් බුද්ධි නිලධාරියෙකුව කපන්න හදලා… බැරිවුන තැන පහර දි පලා ගිහින්…

Next Post

චීනය දිගින් දිගිමට පැටලෙන පිලිපීනය

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.