දිනසේන රතුගමගේ –
තලෙයිමන්නාරම් මුහුදේ සිට පැය පැය 10 විනාඩි 45 කින් ඉන්දියාවේ ධනුස්කොඩිය දක්වා පීනා නව ලෝක වාර්තාවක් තැබිමට ඉන්දියාවේ පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙක් ඊයේ (13) සමත් වූහ.
ශ්‍රී ලංකා රජයේ අවසරය ලබාගෙන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තලෙයිමන්නාරම වෙත බෝට්ටුවකින් පැමිණ ධනුස්කොඩිය දක්වා පිහිණුම් තරගය ආරම්භ කළහ.ඔවුන් තලෙයිමන්නාරමෙන් අලුයම 5 ට මුහුදට පැන පස්වරු 3.45 ට (පැය 10 විනාඩි 45 කින් පිහිනමින්) ධනුෂ්කොඩි අරිචල් තුඩුව ප්‍රදේශයට ළඟා වී එම නව ලෝක වාර්තව පිහිටුවා තිබේ.
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පිහිණුම් සමාජයට අයත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනා ප්‍රශාන්ත් රාජන්න, රාජසේකර් තුබරහල්ලි, ජයප්‍රකාශ් මුන්යාල් භායි, අජාත් අංජනප්පා යන පිහිනුම් ක්‍රීඩකයින් සිව් දෙනෙකුද, සුමා රාඕ, සිවරංජනී ක්‍රිෂ්ණමූර්ති සහ මංජරි ආශ්චර්යා යන පිහිනුම් ක්‍රීඩිකාවන් තිදෙනෙකුද, තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා පිහිනා නව ලෝක වාර්තාව පිහිටුවා තිබේ.