10 වැනි පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. චාම් එහෙත් ගාම්භීර උත්සවයක දී මෙම දිවුරුම්දීම සිදුවිය. අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය මෙසේය.
- ආචාර්ය හරිනි අමරසූරිය – ශ්‍රී ලංකාවේ අගමැති අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
- එච්.එම් විජිත හේරත් – විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
- මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන පලාත් පාලන සහ පළාත් සහා අමාත්‍ය
- නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ ජාතික ඒකබද්ධතා අමාත්‍යා
- සරෝජා සාවිස්ත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
- කේ.ඩී. ලාල් කාන්ත – කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන ඉදිකිරිම් සහ නිවාස අමාත්‍ය
- රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර ජලජ සහ සාගර සම්පත්
- මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ, සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
- සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
- ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති
- බිමල් රත්නායක – ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
- මහාචාර් හිනිදුම සුනිල් සෙනවි – බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
- වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
- සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
- සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය
- වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
- මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
- මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
- ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
- වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය







