ඔක්තෝබර් මස 01 වනදා රට විවෘත කරන්නට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවත් ඔහු කියයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඒ බව පවසා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා අද (25) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබුණි.