බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ෆේල් සර් නොවෙයි… සර්ගෙ මතවාදයයි… මේ විනාසෙ පටන් ගත්තේ  56න්…

විපක්ෂයේ කට්ටියකුත් දේශපාලන බලය ගන්න ගෝත්‍රික මතවාදය ප්‍රවර්ධනය කරනවා... මංගල කියයි

by editor
දෙසැම්බර් 22, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

මාතර  –  සම්පත්

සර් නොව සර් නියෝජනය කරනු ලබන දේශපාලන මතවාදය මේ වනවිට ෆේල් වී   අවසන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර  පැවසීය. ඔහු  මේ බව පැවසූසේ මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත ගේ නිවසේ පැවති පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවකට එක්වෙමිනි.

තව දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේ කීවේය

ජනාධිපතිවරණය පවත්වා අවුරුද්දකුත් මාසයක් වෙනවා. ඒ ජනාධිපතිවරණයේදී අවුරුදු 32 ක් මා නියෝජනය කරපු මාතර ජනතාව මුළු රටේම බහුතර ඡන්ද දායකයන් සමග එක්වී මා නියෝජනය කරනු ලබන කඳවුරත්, එම කඳවුරේ අපේක්ෂකයාත් ඒ හරහා මාත් අන්ත පරාජයකට පත්කරනු ලැබුවා. මාතර ආසනය පමණක් ඡන්ද 26000 කින් පැරදුනා. 1989 පසුව එවැනි පරාජයක් අප ලබා නැහැ.

  • අනෙක් පැත්ත හැරිලා නිදා ගත්තා..

එදා උදේ අප ගණන් බලා බලා හිටියේ නැහැ. එදා ඇඳේ අනිත් පැත්තට රෝල් වෙලා මා බුදිය ගත්තා. එදා අපේ කඳවුරට ලැබුණේ ඡන්ද 12000 ක් විතරයි. වත්මන්  පාර්ලිමේන්තුවට බලයට පත්වී මාස 4 ක් ගිහින් ඇතැමුන් සර් පේල් කියනවා. පොහොට්ටුවට ඡන්දය දුන් අයත් කියනවා. ආණ්ඩුවේ ඉන්න අපේ පරණ මැති ඇමතිවරුන් සර් ෆේල් කියනවා. ඒ අය මතුර මතුර යනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දැන් විපක්ෂයේ ඉන්න සමහරුන් සර් ෆේල් කියා හිතාගෙන සර් ගේ සපත්තු දෙකට බැහැලා සර්ට වඩා හොඳ සිංහල ආණ්ඩුවක් කර ගෙන යන්න තමන්ට පුළුවන් කියා අලුත් සූට් මහනවා. දත් මදිනවා. එහෙත් ෆේල්  සර් නොවෙයි.  සර් නියෝජනය කරනු ලබන දේශපාලන මතවාදයයි…

යලිත් වතාවක් එය ෆේල් වෙලා තියෙන්නේ. එදා ටත් වඩා භයානක තත්ත්වයකට රට ඇදගෙන යනවා. මේ වැරැද්ද ගෝඨාභයට දාල ඒ විදියට හිතන තවත් නායකයෙක් ගෙනත් මේක ගොඩගන්නට බැහැ.

  • තනි සිංහල ආණ්ඩුව හැදුවෙ එක හොර චන්දයක් දාල නොවෙයි…

මාස ගණනාවකට පසුව මගේ දේශපාලනයේ ලඟින් හිටිය පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට කොවිඩ් තත්ත්වය හමුවේ වුවද අවස්ථාව ලැබීම විශාල දෙයක් විදියට මා සලකණු ලබනවා. මගේ මේ කතාව ආරම්භ කරන්නේ මාතර සමාජයට දොස් කියලයි. එක් හොර ඡන්දයක්වත් දාල නොවෙයි. හැබැයි බොරු කියලා හෝ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තා. තනි සිංහල ආණ්ඩුවක් ලබා ගත්තා. ඒ වෙනුවෙන් ජනතාවට පෙළගැසුනා. ඒ කාලයේ පාර්ලිමේන්තුවේ හොරු 225 ගෙදර යවමු කියා සමාජ මාධ්‍ය කිව්වා.

ඒවා දැන් වැඩිය දකින්නේ නැහැ. දැන් හොරු නොවෙයි වෙන්න ඇති. දුෂණය නැති කළ යුතුයි. ඒ සදහා තීන්දු ගන්න නායකයෙක් ඕන කිව්වා. රට ට එකම නීතියක් ,නීති ආධිපත්‍ය රජ කරන නායකයෙක් ඕන කිව්වා. රජ කුමරාටත් දුප්පතාටත් එකම නීතිය ක්‍රියාත්මක කළ නායකයෙක් ඕන කියා එදා ඡන්දය භාවිතා කර නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. එහෙත් මේවා කරන්න 2/3 බලයක් අවශ්‍ය බව කිව්වා. ස්වාධීන කොමිෂන් සභා එක්ක, ස්වාධින පොලිසියක් තිබෙනකම්, ස්වාධීන අධිකරණයක්, ස්වාධින රාජ්‍ය සේවයක් තිබෙනකම් වැඩ කරන්න බැහැ කිව්වා. සිංගප්පුරුවක් කරන්න පොලිමේ ඉඳගෙන ඡන්දය දුන්නා.

ආසන ක්‍රමය තිබුණානම් 2/3 ට ත් වඩා ජයග්‍රහණයක් ලබා ගන්නවා. ආසන හැටියට තිබුණානම් ජේ.ආර් ජයවර්ධනටත් වඩා ශක්තිමත් ආණ්ඩුවක් ලබා ගන්නවා. 20 වන සංශෝධනය ගෙනත් ඒකාධිපති බලතල විධායක ජනාධිපතිවරයා ලබා ගත්තා. ශක්තිමත්, බලවත් ජනාධිපතිවරයේ ලැබිලා. දැන් ඡන්දය අවසන්වී මාස 4 ක දී අවුල් ජාලයක් වෙලා. කොරෝනා පාලනය කර ගන්න බැරි වෙලා. ආර්ථිකය අවුල් කරගෙන. ආර්ථික අර්බුදයකට තල්ලු වෙලා. මේවා එකින් එක මා කියන්නේ නැහැ. මිනිමරපු අයටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් තත්ත්යටත් පත් වෙලා. රටක් ලෙස ක්‍රමානුකුලව හුදකලා වෙලා තියෙන්නේ

  • රට විනාසයට යන්න ගත්තේ 56 ගෝත්‍රික මතවාදය සමගයි…

අප නිදහස ලබා ගන්නා විට ආසියාවේ අප ආසියාවේ ජපානය විතරයි ඉහලින් හිටියේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබූ ආදර්ශමත්  රට අපියි. හොඳම රාජ්‍ය හොඳම රාජ්‍ය සේවය තිබුණෙ අපේ. හොඳම පොලිසියක් තිබුණේ. හොඳම විනිසුරුවන් ඉන්නවා කියලා ලෝකේම කිව්වා. අපේ රටේ ආර්ථිකයක් 1955 ආර්ථික සංඛ්‍යා ලේඛණවල ඉඳල 2017 වෙනකම් ප්‍රාථමික ගිණුමේ අතිරික්කයක් තිබුණා.

අප පුංචි රටක් වුවත් ඉහළ පිළිගැනිමක් තිබුණා. චීනයේ පමණක් නොවෙයි ඇමරිකාවේත් අප මිතුරෙක් බවට පත්වුණා. මේ වගේ යුගයක් තිබුණා. අපේ තරුණයන්ට අනාගතය ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවන්කම තිබුණා.

නමුත් මේ රට ආපස්සට යන්නට පටන්ගත්තේ 1956 දි යි. මෙහිදි මා  බණ්ඩාරනායක අගමැතිතුමාට දොස් කියනවා නොවෙයි. දොස් කියන්නත් වෙනවා. මා උපන් දවසේ ඒ ආණ්ඩුවේ අධිකරණ රාජ්‍ය විදියට දිවුරුම් දුන්නේ. නමුත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා මැතිනිය, සුනේත්‍රා, අනුර බණ්ඩාරනායක මගේ ඉතාම හිතවත්. එය වෙනම දෙයක්. මා කියන්නේ   මතවාදීව අපේ රට ආපස්සට යන්නට පටන් ගත්තේ 1956 දි යි. ඒ මතවාදය එකිනෙක ආණ්ඩු විසින් පවත්වාගෙන ගිහින් රට  විනාශ මුඛයට ගෙනිහින් තිබෙනවා.

බණ්ඩාරනායක මහතා ඊනියා ගෝත්‍රික මතවාදයක් රටට හඳුන්වා දුන්නා. මේ රට තුළ ජාතිවාදිය හඳුන්වා දුන්නා. ,කුලවාදිය හිස ඔසවනු ලැබුවා. සමාජවාදය මේ රටට හොඳට වඩා නරකක් සිදු  කළා. මේ රටට හදුන්වාදුන්  බලවේගයන්හි ගොදුරටක් බවට බණ්ඩාරනායක මැතිතුමන් පත්වුණා.

  • ගෝඨාට බනින්න එපා

3/2 න් බලයට පත්වූ ආණ්ඩු රටට සිදු කළ හානිය විශාලයි. 1970 ආණ්ඩුවෙන්   මේ රට අධිකරණය හා රාජ්‍ය සේවය දේශපාලනයේ හෙන්චයියන් බවට පත්කරනු ලැබුවේ. ජේ.ආර් 5/6 බලයට පත් වුණා. මේ රට බොහෝ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ එතුමාගේ කාලය තුළදීයි. ඒ විධායක ජනාධිපති ක්‍රමය තුළ රට ආපස්සට ගියා. 2010 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් කොටසක් අරගෙන 2/3 ආණ්ඩුවක් හැදුවා. දුෂණය හා නීතිය ගජමිතුරු ආර්ථිකයකට මුල පිරුවා. අප නිදහස ලබා වසර 73 වෙනවා.  මේ මාර්ගය වෙනස් නොකොලොත් අපේ රට ඉතාම භයානක තත්ත්වයකට  පත් වේවි.

අප මේ තත්ත්වය දැන්වත් තේරුම් ගත යුතුයි. ගෝඨාභය ජනාධිපතිතුමන්ට බැනලා වැඩක් නැහැ. මේ ක්‍රමවේදයේ වෙනසක් අප කළ යුතුයි. මතවාදය අප වෙනස් කළ යුතුයි. වෙනත් කෙනෙක් බලයට ගෙනාවත් ඔය මතවාදමයි ඉදිරියට යන්නේ. ඇත්ත නැත්ත   අවබෝධ කරගෙන මිත්‍යාව ,ඉර්සියාව, කුහකත්වය, වෛරය, ගෝත්‍රිකත්වය එර‍ෙහිව ප්‍රජාතන්ත්‍රිවාදය, නිදහස, මනුෂ්‍යත්වය, විද්‍යාව පදනම්කර ගත් මේ රටට ගැලපෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් සොයා ගත යුතුයි..

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැරයන් දෙන්නෙක් ව්‍යාපාරිකයෙකුගේ කකුල කපාගෙන ගිහින් පන්සලක් ලඟ දාලා….

Next Post

ජල සම්පාදන ලේකම් ප්‍රියත් බන්දුගෙනුත් ශාක සාර කොවිඩ් බේතක්

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.