බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ශ්‍රි ලංකාවේ අර්බුදය ඉන්දියාවටත්  පිටාර ගලයිද?

ඉන්දීය විදේශ ඇමති ජයශංකර්ගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

by Lanka Sara Editor
ජූලි 21, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

අනුප්‍රාප්තික ජනාධිපති වීමේ තරගයෙන් ඉවත් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියානු දේශපාලනයට අමුතු ආමන්ත්‍රණයක් කළේය. සිය ටිව්ටර් සමාජ ජාල ගිණුම  හරහා ඔහු ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් සහ එරට සමස්ත දේශපාලන ප්‍රජාවගෙන් සහ ඉන්දීය ජනතාවගෙන් කළ ඉල්ලීම සැකෙවින් මෙසේය.

“ කවුරු ජනාධිපති වුණත් මම ඉන්දියානු අගමැති ශ්‍රි නරේන්ද්‍ර මොදි ගෙන් සහ සියලුම ඉන්දියානු දේශපාලන පක්ෂ සහ නායකයන්ගෙනුත් සමස්ත ඉන්දියානු ජනතාවගෙන්ද ඉල්ලා සිටින්නේ මේ දුෂ්කර මොහොතේ තම මාතෘ භූමිය වන ශ්‍රි ලංකා මාතාව මේ වනවිට පත්ව සිටින විපතින් ගොඩ ඒම සඳහා කරන උදව් උපකාර නොනවත්වන ලෙසය. එය තුළ එක්තරා දේශපාලනික පනිවිඩයක් ගැබ්ව තිබුණද එයින් විපක්ෂ නායකවරයා උත්සාහ ගෙන ඇත්තේ ඉන්දියානු උදව් උපකාරවල  සාතිශය වැදගත්කම ඉස්මතු කිරීම සහ ඉන්දියානු  දේශපාලනයේ අවධානය ශ්‍රි ලංකාව වෙත යොමු  කිරීම  බව පැහැදිළිය.

මේ තත්ත්වයට පසුබිම වන්නේ පසුගිය කාලය තුළ ඉන්දියාව විසින් දෙන ලද මූල්‍යමය ණය  සහනයයි. මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් පමණ වටිනා ණය ආධාර ලබා දී ඇත. ඉන්දියාව විසින් ලබා දෙන ලද ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමාරු ණය මුදලද ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමටද කටයුතු කර ඇති බව පසුගිය අඟහරුවාදා දිල්ලියේදී පැවැති ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වූ සර්ව පාක්ෂික රැස්වීමේදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්  ජයශංකර් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

ඉන්දියාවේ රජය පමණක් නොව විපක්ෂයේ පක්ෂද සහාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා  පැවැති සර්ව පාක්ෂික රැස්වීම ලෝකයේම දේශපාලනය පිළිබඳව උනන්දු වන්නන්ගේ අවධානයට  ලක්වූ කරුණක් විය. ඊට හේතු වන්නේ  කලාපයේ බලවතා මෙන්ම ශ්‍රි ලංකාවේ අසල්වැසියා ලෙස ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සිය රජයට පවතින හැකියාව ඉක්මවමින් රටේ සමස්ත දේශපාලන නායකත්වයම නියෝජනය වන පොදු තැනකට පැමිණීමට ඉන්දීය අගමැතිවරයා  නරේන්ද්‍ර මෝදි විසින් ගනු ලබන උත්සාහ නිසාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම සර්ව පාක්ෂික රැස්වීම කෙතරම් වැදගත් බවක් ඔවුන් ලබා දී තිබුණේද කිවහොත් එයට ඉන්දියාවේ ප්‍රබල දේශපාලන  පක්ෂ නියෝජනය කරන දේශපාලකයන් 28 දෙනකු සහභාගී වී තිබේ. මේ වනවිට ඉන්දීය රජයෙන් ඩොලර්  බිලියන 3.8ක ණය ආධාර ලබා දී ඇති බව ඉන්දියාව වෙතින් ප්‍රකාශ වෙයි. ශ්‍රි ලංකාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේග මන්ත්‍රි ආචාර් හර්ෂ ද සිල්වා පවසන්නේ මෙම ඉන්දියානු මැදිහත් වීමේ  වටිනාකම මේ වනවිට ඩොලර් බිලියන 5කට කිට්ටු බවය.

එසේම තවත් වාර්තා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නා බවට චීනය අභිබවා ඉන්දියාව ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බවය.ඒ අනුව පසුගිය කාලයේදී මෙරට ඇතිව තිබෙන විදේශ විනිමය අර්බුදය සමථයකට පත් කරගැනීමට ඉන්දියාව ලබා දුන් කඩිනම් ණය පහසුකමත් සමඟ චීනය අභිබවා යැමට ඉන්දියාව සමත්ව තිබේ.දත්ත වාර්තාවලට අනුව අප්‍රේල් 30 වැනිදා දක්වා වූ මුල් මාස හතර කාලයේදී ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 376.9ක් ලබාදී ඇති අතර ඊට සාපෙක්ෂව චීනය විසින් දෙනු ලැබ ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 67.9ක් පමණකි. මෙම දත්තවලට ඉන්දියාව විසින් ලබා දෙන ලද  පූර්ණ මුල්‍ය සහන පැකේජය ඇතුළත් නොවන අතර එය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් වේ.

ශ්‍රී ලංකා දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී ඉන්දියාව පළමුවෙන්ම සහයට පැමිණි අතර එය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ සිදුවිය.

මෙහිදී ඉන්දිය මූල්‍ය සහන පැකේජය ජූනි මාසයේදී අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් අතර එහිදී දැඩි ඉන්ධන හිඟයක්ද අත්‍යවශ්‍ය සේවා පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට රට පත්විය.

එවැනි පසුබිමක් තුළ ඉන්දියාව ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් උනන්දු වීම පසුපස තවත් භූ දේශපාලනික සාධක තිබේ.ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මේ තරම්ම ඉන්දියාව උනන්දු වන්නේ මෙම තත්ත්වය නිසාය. ඒ පිළිබඳව ඉන්දියාව තුළ පවතින රාජ්‍ය තාන්ත්‍රික සූදානම සහ අවධානය පෙන්වන එක් පිලිඹිමුවක් වූයේ මෙම පක්ෂ  නායක රැස්වීමය. මෙම රැස්වීම ට එරට ප්‍රධාන පෙලේ ඇමතිවරුන් අට දෙනකු සහභාගී වීමට නියමිතව තිබුණි. එයින් සහභාගී නොවූයේ ඉන්දිය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය පමණි. ඇය ශ්‍රි ලංකාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව අතැඹුලක් සේ අවබෝධයක් ඇත්තියකි. ඇය අසනීපයෙන් සිටි බැවින් මෙම හමුවට නොපැමිණියද ඇය නියෝජනය කරන මුදල් අමාත්‍යංශය හ්‍රි ලංකාවේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉන්දියාව විසින් මේ වනවිට ලබා දී ඇති මුල්‍යමය ආධාර පිළිබඳව ඉදිරිපත් කිරීම් දෙකක් සිදු කළ අතර ඒ පිළිබඳව එරට විපක්ෂ දේශපාලන නියෝජිතයන් විසින් අසන ලද දීර්ඝ ප්‍රශ්න විචාලීමටද පිළිතුරු දෙන්නට සිදුවිය.

ඔහු රැස්වීමෙන් පසුව පිටතට පැමිණ මේ රැස්වීමේ පවතින ඉන්දියානු බලපෑම පිළිබඳව සංක්ෂිප්තව මාධ්‍ය හමුවේ දිග හැර ඇත. ඔහු එහිදී පවසා තිබුණේ ඉන්දියානු අග්‍රමාත්‍යවරයාගේ අසල්වැසියා ට පළමු ප්‍රතිපත්තිය යටතේ මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇති මට්ටමකට ආර්ථිකය බරපතල කුණාටුවකට හසුව තිබෙන බවය. එවැනි රටක්  සමබන්ධයෙන් අසල් වැසි රාජ්‍යය ලෙස මෙනම් කලාපීය බලවතා ලෙස ගන්නා ස්ථාවරයත් මේ අර්බුදය හමුවේ ගත යුතු පියවර පිළිබඳවත් සාකච්ඡා විය.. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය ඉන්දියාවටද පිටාර ගැලීමේ තරම් අවදානමක් ඇති බරපතල, දැඩි මෙන්ම ඉතා තියුණු තත්ත්වයක් බවය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ හ්‍රි ලංකාව නිසි යහ පාලනයක් නොමැති වීමත් මූල්‍ය සම්බන්ධයෙන් දැඩි විනයක් අනුගමනය නොකිරීමත් හේතුවෙන් රටක් ලෙස දැඩි ආගාධයකට ගමන් කර ඇති බවය. එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි මෙන්ම ශ්‍රි ලංකාවේ ආර්ථික කඩා වැටීමෙන් අසල්වැසි ඉන්දියාවටද පාඩම් රැසක් උගත හැකි බව ඔහු මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන් වෙයි.

කෙසේ වුවද මෙහිදී දේශපාලන නායකයන් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන ප්‍රශ්නවලදී මෙතෙක් ඉන්දියාව විසින් සිදු කර ඇති මූල්‍යමය ආධාර ණය සහන පිළිබඳව  එකින් එක විස්තර කොට ඇති අතර එහිදී ශ්‍රි ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් මේ වනවිට පන්දුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රි ලංකාවත් අතර බව පෙන්වා දී ඇත. ඒ සමඟ ඔහු පවසා ඇත්තේ ඔවුන් අතර සිදුවන සාකච්ඡා පිළිබඳව දැඩි අවධානයකින් යුතුව පසුවන බවය. එ අනුව ඉදිරියේදී කළ යුතු දේ ගැන තීරණය වනු  ඇති බවද ඔහු සඳහන් කර ඇත. ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙවැනි සටහනක් තබා ඇත්තේ ශ්‍රි ලංකාව තවදුරටත් ඩොලර් බිලියනයක මුදල් හුවමාරු ගිවිසුමක් පිළිබඳව ඉල්ලීම් කරමින් සිටින අතරතුරය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ කතාවෙන් ගම්‍ය වන කරුණක් වන්නේ මෙතක් ඩොලර් බිලියන 3.8කට වැඩි ආධාර ලබා දී ඇති ඉන්දියාව ඊළග ආධාරය ලබා දෙන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන වචනය තෙක් කල් මරන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාරය පිළිබඳව තවමත් ඇත්තේ සාකච්ඡා පමණි. එතෙක් අතර මඟ කාලය විදේශ සංචිත හිගතාවෙන් යුතු අතිමහත් දුෂ්කරතා පිරුණු කාලයක් බැවින් ඉන්දියාව හෝ වෙනත් මිත්‍ර රටකින් ආධාරයක් නැතිව සිට ගත නොහැකි තරමට ගෝඨාභය රාජපක්ෂ පාලනය රට පහළට දමා ඇත. . ඒ අභියෝගය නව ජනාධිපතිවරයා සතුය. විපක්ෂ නායකවරයාද ඉන්දියාවට අත් නොහරින ලෙස ඉල්ලුවේ මේ නිසා විය හැකිය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ට ඡන්දය නුදුන් පොහොට්ටුවේ ජී.එල් – ඩලස් කණ්ඩායම තනතුරුවලින් නෙරපා පක්ෂයෙන් පන්නන සූදානමක්…!

Next Post

සදුදා  තෙක් ඉන්ධන වාහන අංක තහඩුවේ අග අංකය අනුවයි – ඇමති කාංචන කියයි

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.