අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

“මේ ජනවරමින් රට සුරපුරයක් හෝ අපායක් කිරීම තිබෙන්නෙ ආණ්ඩුව අතේ”

පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙමයි කියූ ජනතාවම නොයැවූ සුනිල් හඳුන්නෙත්ති කියූ කතාව

by Lanka Sara Editor
අගෝස්තු 10, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter
  • මා ඉන්න ඕනමයි කී පාර්ලිමේන්තුවෙන් ජනතාව මා ඉවත් කිරීමත් ජනතා කැමැත්ත… ඒ ගැන යළි සිතා බැලිය යුතුයි
  • ජාතික ජන බලවේගය මැතිවරණ ප්‍රතිඵල මත අවලංගු වෙන්නෙ නෑ… එහෙත් අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට පැමිණිය යුතුයි..
  • කොප් කමිටුවේ අප ඇති කළ සම්ප්‍රදාය ඉදිරියටත් පවත්වා ගැනීම රටට වැදගත්…
  •  ජනතාව චන්දය දුන්නේ 19 අහෝසි කරන්න නම් එහි අහිතකර ප්‍රතිඵල ඔවුන්ටම අත්විඳින්න වීම වලක්වන්න බෑ…

හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් බව මැතිවරණයට පෙර මේ රටේ මිනිස්සු කීහ. එහෙත් මැතිවරණ ප්‍රතිපල නිකුත් වූ පසු හඳුන් එළියේය. ජාතික ජන බලවේගය තවදුරටත් වලංගු දැයි දැන් ඒ මිනිසුන් හඳුන්ලාගෙන් අසන්නේය.

මැතිවරණ අත්දැකීමෙන් පසු ලංකාසර අපි පාර්ලිමේන්තුවෙ සිටිය යුතුමයි කී මිනිසුන්ම පාර්ලිමේන්තුවෙන් එලියට දැමූ සුනිල් හඳුන්නෙත්තිට කතා කළෙමු.

පහත දිගහැරෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාවය.

ප්‍රශ්නය – පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධව ඔබේ නිගමනය කුමක් ද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුර – මේ මැතිවරණයේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටියේ සිය ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යෑමට හැකි ජනවරමක් ලබා දෙන ලෙසයි. දැන් ඒ ජනවරම ලැබී තියනවා.

ජනතාව ඔවුන්ගේ තීරණය පැහැදිලිව ලබා දි තිබෙන මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට තිබෙන්නෙ පොරොන්දු වූ පරිදි වැඩ කරලා පෙන්වන එකයි.

ප්‍රශ්නය – ලැබී ඇති අසීමිත බලය රටේ සහ ජනතා යහපත වෙනුවෙන් යොදවනු ඇතැයි ඔබට විශ්වාස කළ හැකි ද?

පිළිතුර – ලැබී තිබෙන බලය දොයා ගනිමින් ආණ්ඩුවට ලංකාව දිව්‍යලෝකයක් කළ හැකියි. එහෙමත් නැතිනම් අපායක් බවට පත්කළ හැකියි.

ප්‍රශ්නය – ජනතාව රට වෙනුවන් යහපත් දෙයක් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි කියලා ඔබ හිතනව ද?

පිළිතුර – කිසිසේත් නෑ.. ජනතාව වෙනුවෙන් යහපත් දෙයක් කරන්න අවශ්‍ය නම් ඊට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නෑ. ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන එන ඕනෑම කටයුත්තකට විපක්ෂය සහයෝගය ලබා දී තිබෙනවා. කෙසේ නමුත් මේ අයට ඉල්ලා සිටි පරිදි දැන් බලය ලැබී තිබෙනවා. ඒ බලය යොදා ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යන ආකාරය අප බලාගෙන සිටිනවා.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයට මෙවැනි ඉරණමක් අත්වෙනු ඇතැයි ඔබ තුන් හිතකින්වත් විශ්වාස කළේ නෑ නේද?

පිළිතුර – ඔව්.. අපි මීට වඩා බලපොරොත්තු උණා. නමුත් අපි බලාපොරොත්තු වුණාට වඩා අඩුවෙන් ජනතාව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගනිමින් මෙවර මැතිවරණයට ගොඩනැගුව ජාතික ජනබලවේගයේ අනෙකුත් පාර්ශවයන් මේ ඡන්ද ප්‍රතිඵල මත තව දුරටත් බලවේගය සමග රඳවා ගැනීමට හැකි යැයි ඔබ විශ්වාස කරනවා ද?

පිළිතුර – ජාතික ජනබලවේගයේ අපි දේශපාලනය කරන්නෙ අපේ පුද්ගලික අවශ්‍යතාවයන් ඉටුකරගැනීම වෙනුවෙන් නොවේ. අප කිසිදාක දේශපාලනයෙන් හම්බකරලා නෑ… ජනතාව රවට්ටන්නෙ නෑ… ජනතා මුදල් කොල්ල කන්නෙ නෑ. රට උකසට තියලා නෑ… මේ තත්වය මත අපට ලැබුණු චන්ද ප්‍රමාණය ඉතාම පිරිසිදු චන්ද බව කට ඇරලා ප්‍රකාශ කළ හැකියි.

අප සමග එකතුවුණු බලවේග සියල්ල මේ චන්ද ප්‍රතිඵල නිසා කලකිරෙන්නෙ නෑ… දශමයක්වත් පසුබසින්නෙත් නෑ… ඒ බලවේග සියල්ල තිබුණටත් වඩා ශක්තිමත්ව ජනතාව වෙනුවෙන් ඉදිරියට යන බව මට විශ්වාසයි.

ප්‍රශ්නය – ඔබේ කඳවුර නියෝජනය කළ මන්ත්‍රීවරු සංඛ්‍යාව මේ මැතිවරණයෙන් තවත් අඩුවී තිබෙනවා. එයම ඔබේ කඳවුරේ ඉදිරි ගමනට බාධාවක් නේද?.

පිළිතුර – කිසිසේත්ම එය බාධාවක් නොවෙයි. නමුත් අපේ නියෝජනය පාර්ලිමේන්තුව තුළ තවත් වැඩි උනානම් හොඳයි. ඒත් ජනතාවගේ කැමැත්ත මෙය නම් එය අප භාරගත යුතුයි. ජනතාව අපට හිතන්න දෙයක් ඉතිරි කරලා තියනවා..

ප්‍රශ්නය – ඔබ ජනතාවගේ කැමැත්ත බාර ගන්නවා… දැන් වැරදුන තැන් කඩිනමින් හදාගෙන ඉදිරියට පැමිණීමේ වැඩපිළිවෙළක් ඔබේ ජාතික ජන බලවේගය සතුව තිබෙනවා ද?

පිළිතුර – අපේ අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කර පසුබෑම කොතැනද, ඊට බලපෑ හේතු කවරේද කියා නිසැකවම තක්සේරු කළ යුතුයි. එය අදම සිදුකරන්න බැරි උනත් හැකි ඉක්මනින් එය කරන බව කිව යුතුයි.

ප්‍රශ්නය – කෝප් කමිටුවෙ සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්තිට රටේම ජනතාව ආදරය කළා. රටේම ජනතාව ඔබේ භූමිකාව අගය කළා. නමුත් ඔබ නියොජනය කළ මාතර ජනතාවට ඒ අගය වැටහුනේ නැතිවෙන්න හේතුව කුමක් ද?.

පිළිතුර – එය ජනතාවගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මා පාර්ලිමේන්තුවෙ සිටිය යුතුම කෙනෙක් කියා හැමෝම වගේ කිවුවා. මාතර අයත් ඒ බව කිව්වා. නමුත් එහෙම කියපු අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් චන්දය දීලා නැහැ. ඒ ගැන නැවත නැවත මා සිතා බැලිය යුතුයි. අවසන් වශයෙන් මාතර ජනතාවගේ පිළිගැනීම මෙය නම් එය අපට පිළිගන්න සිදුවෙනවා.

ප්‍රශ්නය – පාර්ලිමේන්තුවෙ ඔබ සිදුකළ මෙහෙවර තවදුරටත් ඉටුකිරීම සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයක් ලබාගෙන නැවත පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස ආරාධනාවක් ලැබුණොත් ඔබ එය පිළිගන්න සූදානම් ද?

පිළිතුර – ජාතික ලයිස්තුවෙන් යා යුත්තේ ජාතික ලයිස්තුවේ සිටි කෙනෙක්. වෙනත් කෙනෙකුගෙ දෙයක් ලබා ගන්න එක අපේ ප්‍රතිපත්තය නොවෙයි.

ප්‍රශ්නය – කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඔබ සිදුකළ කාර්යය ගැන කෙටියෙන් පැහැදිලි කරන්න පුලුවන් ද?

පිළිතුර – කෝප් කමිටුවේ කාර්යභාර්යය කුමක් කියන එක රට දැනගත්තෙ මගෙන්. එම කමිටුවේ විමර්ශන කටයුතු සජීවීව විකාශනය කිරීමේ ක්‍රමවේදයක් ඇතිකරන්න මට හැකි වුණා. මේ නිසාම එය වේගවත්ව සමාජගත වුණා. ඒ වගේම අපක්ෂපාතීව ඒ කටයුතු සිදුකරන්න හැකි වුණා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් කෝප් කමිටුවෙ සභාපති ධුරයට පත්වුනේ නම් ඔහුට ස්වාධීනව ඒ ධුරයේ කටයුතු ඉදිරියට ගෙන යන්න හැකියාව ලැබෙන්නෙ නෑ. ඒ වගේම දූෂණ චෝදනා තිබෙන අයෙකුට ද එම කටයුත්ත කරන්න බැහැ. මෙවැනි තනතුරක් හෙබවීමට නම් ඒ සඳහා විෂය බද්ධ දැනුමක් ද තිබිය යුතුයි.

කෝප් කමිටුවට පත්වන සභාපතිවරයාට විෂය බද්ධ දැනුමක් නොමැති වුවහොත් එහි කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යෑමට හැකියාවක් ලැබෙන්නෙ නෑ. එය සාර්ථකව කරගෙන යෑමට නම් විගණනය, ආයතන සංග්‍රහය, වැනි ක්ෂේත්‍ර ගැන දැනුමක් තිබිය යුතුයි. මම අවුරුදු පහක් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියත් අවුරුදු 20ක් එහි සාමාජිකයෙක් ලෙස කටයුතු කළා.

ප්‍රශ්නය – එවැනි විශාල කාලයක් කෝප් කමිටුව සමග කටයුතු කරමින් ඔබ ලද සුවිශේෂී ඇත්දැකීම් මොනව ද?

පිළිතුර – මේ කාලවකවානුව තුළ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට මට අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම් ප්‍රයෝජනයට ගිනිමින් මට පැවරුණු වගකීම හැකි උපරිම අයුරින් ඉටු කිරීමට ක්‍රිය කළා.

මා ලද අත්දැකීම් තුළින් කෝප් කමිටුව කාමරයෙන් එළියට, මහජනතාවගේ ලඟට ගෙන යෑමට හැකි වුණා. එය ජනතා පැමිණිලි භාරගන්නා තැනක් බවට පත් කළා. යම් විෂයයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකදී විෂය භාර ඇමැතිවරුන් ඒ අවස්ථාවට සහභාගී වීම මා නතර කළා.

ප්‍රශ්නය – ඔබ කෝප් කමිටු සභාපතිවරයා ලෙස ඇතිකළ මේ සම්ප්‍රදාය රැකගෙන ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමට කෝප් කමිටුවට අලුතෙන් පත්කරන සභාපතිවරයාට හැකි වනු ඇතැයි ඔබ විශ්වාස කරනවා ද?

පිළිතුර – ඒ සම්ප්‍රදාය රැකගෙන යන්න හැකිවෙයිද කිය මට කියන්න බෑ. නමුත් විශාල අභියෝගකයට නව සභාපතිවරයාට මුහුණ දීමට සිදුවේවි.

ප්‍රශ්නය – මේ මහ මැතිවරණය පවත්වන්න සිදුවුනේ සමාජ ආර්ථික අර්බුද රැසක් මැද්දේ. රට මුහුණපා සිටින අර්බුදවලට විසඳුම් ලබාදී ජනතා අපේක්ෂාවන් ඉටු කරදෙන්න නව පාලනයට හැකිවනු ඇතැයි ඔබ සිතනව ද?

පිළිතුර – මෙතැනදි මගේ විශ්වාසයට වඩා ජනතා විශ්වාසය වැදගත්. මෙතරම් විශාල බලයක් ලබා දුන්නෙ තමන්ටත් රටටත් මුහුණ දීමට සිදුවී තිබෙන අභියෝගවලින් ජය ගනු ඇතැයි කියන විශ්වාසය මතයි. ඒ විශ්වාසය කඩ නොකර ජනතා අපේක්ෂාවන් ඉටු කර දීමට ආණ්ඩුව දැන් ක්‍රියා කළ යුතුයි.

පසුගිය මැතිවරණයේ දී මේ පාලකයින් ජනතාව හමුවේ සුරපුරයක් මවා පෙන්නුවා. දැන් ඒ පොරොන්දුව ඉටුකීරීමට අපේක්ෂා කළාටත් වඩා වැඩි බලයක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ලැබී තිබෙනවා. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ මෙවැනි බලයක් ලැබෙනවා නම් තමන්ට රට දියුණු කළ හැකි බවයි. දැන් ඒ බලය ඕනෑවටත් වඩා ලැබිලා තියනවා. එහෙම නම් දැන් අරක නෑ මේක නෑ බලය නෑ කියන්න බෑ. වැඩ කළ යුතුයි. අප ඒ දෙස බලාගෙන සිටිනවා.

අද මේ රටේ තිබෙන ණය බර, ආනයන අපනයන පරතරය, නිශ්පාදනයේ කඩා වැටීම බරපතලයි. ඕනෑම රටක නිෂ්පාදන ආර්ථිකය දියුණු කරනාව හැරෙන්න අද වෙන විකල්ප ඉතිරිව නෑ.

එහෙත් මගේ කියැවීම වෙන එකක්. මේ පාලකයින්ගේ ගමන් මග දෙස ආපසු හැරී බලනවිට රැවටීම, බොරුව, ජාතිවාදය, ආගම්වාදය, වැපිරීම හැරුණුකොට ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ බොරුවෙන් දිගු ගමනක් යා නොහැකියි.

ප්‍රශ්නය – ඔබ ඔය කියන අභියෝග මධ්‍යයේ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පසුගිය කාලය තුළ ජනතාවට සහන ලබා දීමට කටයුතු කළා. එය යහපත් දෙයක් නොවන්නෙ කොහොම ද?

පිළිතුර – ජනතාවට සහන ලබා දෙනවා නම් එය ඉතාම හොඳයි. මේ චන්ද ප්‍රතිපලය දෙස බනවිට ජනතාව සහන අපේක්ෂාවෙන් චන්දය ලබා දී තිබෙන බවත් පේනවා. එහෙමනම් රුපියල් පන්දහසක් යළි ලබා දෙන්න ආණ්ඩුවට සිදුවෙනවා. බඩු මිල අඩු කළ යුතුයි. රැකියා ලබා දිය යුතුයි. ආණ්ඩුව ඒ විශ්වාසය ආරක්ෂා කරන ආකරය අප විමසිල්ලෙන් බලාගෙන සිටිනවා.

ප්‍රශ්නය – මේ මැතිවරණයේ දී ආණ්ඩුවෙ ප්‍රධානම සටන් පාඨය බවට පත්වුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 19 වැනි සංශෝධනය ඉවත් කිරීම. ඊට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව තමා ප්‍රකාශ කළේ. ඔබත් අත ඔසවා හිමි කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළහොත් කුමණ තත්වයක් රට තුළ ඇතිවෙයි ද?

පිළිතුර – 19 වැනි සංශෝධනය අහෝසි කරන්න තමයි ජනතාව චන්දය දී තිබෙන්නෙ. එහෙම උනොත් මෙය අහෝසි වේවි. ඉන් පසු ඛේදවාචක රැකට රටට මුහුණ දෙන්න සිදුවේවි. ජනතාව අපේක්ෂා කරන්නෙත් එවැනි තත්වයක් නම් වෙන කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ.

19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළොත් නැවත මේ පාලකයින් තමන්ට කැමති නීතියක් හදා ගනීවි. ශ්‍රේෂ්ඨාධිකරණයේ වලංගුභාවය නැති වේවි. රටේ තිබෙන ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරාවි.

ඉන් පසු ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට පත්කිරීම් කරගනීවි. රට තවත් පහළට ඇදවැටේවි.

ජනතාවගේ ප්‍රාර්ථනාව එය නම් අපි කුමක් කරන්නද?

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කුරුණෑගල නගරාධිපති හොයාගන්න නෑලු

Next Post

විදුලිය විසන්ධි වීමෙන් සංඥා නැතිවී කාර් එකක් දුම්රියට බිලි

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.