බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

දේශීය ණය ප්‍රතිව්‍යුගත කරනවා… ඒත් කිසිම මහජන අරමුදලකට බැංකුවකට හානියක් වෙන්නේ නෑ…. ජනපති කියයි!

by editor
ජූනි 27, 2023
in දේශපාලන
Share on FacebookShare on Twitter

විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්   දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතය,  ඇතුළු කිසිඳු මහජන අරමුදල් සාමාජික ශේෂයකට බලපෑමක් එල්ල නොවන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය ‘ලක්සියනෑ මන්දිරය’ අද (27) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල පිහිටා ඇති රාජ්‍ය ආයතන 37ක් එකම ස්ථානයක ස්ථානගත කරමින් ඉදිකෙරුණු මෙම සත්මහල් පරිපාලන සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන හාරදහසකට ආසන්නයජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට  කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට, රටේ මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට  බලපෑමක් එල්ල නොවන බවය.

සමස්ත රාජ්‍ය ණය

2022 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය (දේශීය හා විදේශීය) ඩොලර් මිලියන 83,700කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 128.3%ක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 2022 අවසන් වන විට සමස්ත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 41,500කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 63.6%කි. ඒ වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 42,100ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පෙන්වා දුන්නේය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 64.6%කි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පවත්වාගෙන ගියහොත් 2035 වන විට ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කටත් වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශීය ණය හිමියන් මේ වන විටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර ඇති බව පැවසීය.

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුගත කිරීම

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය අතර දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

බාහිර ණය හිමියන් වශයෙන් විදෙස් ණය හිමියන් විශාල බරක් දරණ අතර, ඉදිරි වසර 05 තුළදී පමණක් විදේශ ණයකරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 17ක දායකත්වයක් ලබා ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව අපේ දේශීය ණයකරුවන්ගෙන් ද ඊට  දායකත්වයක් ලබා දිය යුතුව ඇති බව පැවසීය.

මහජනතාවගේ බැංකු තැන්පතු ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිව මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අනුව බැංකු තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් නොවන අතර බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් නොවන බවත් එමඟින් සිදු වන්නේ ආර්ථිකය යළි නඟා සිටුවිය හැකි ප්‍රතිව්‍යුහගත කිරීමකට මග සෑදීම පමණක් බවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සිහිපත් කළේය.‍

රටේ ආර්ථික ප්‍රකෘතිය ඇතිවීම, පොලී අනුපාතය අඩු වීම, රජයට පහසුවෙන් සහනාධාර මුදල් සැපයීමට හැකි වීම, ඊළග වසර 10 තුළ දේශීය හා විදේශීය වශයෙන් ණය බර අඩු වී එමඟින් ලැබෙන යහපත් ප්‍රතිඵල රටේ මහජනතාවට මෙමගින් හිමිවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රංශ චාරිකාවේ ප්‍රතිඵල

පසුගිය ප්‍රංශ නිල සංචාරයේ දී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ්,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි  කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා,  නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය (පළමු) සහ මුදල් අමාත්‍ය සිග්‍රිඩ් කාග්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන්, ජපාන විදෙස් අමාත්‍ය යොෂිමාසා හයාෂි යන අය සමග විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන යනු ලබන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ මතුව තිබු අර්බුදය ආපසු හැරවීමට හැකිවීම ගැන මේ සියලු දෙනා  සතුට පළ කළ බවත්, ඉදිරියේ දී ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා උපරිම දායකත්වය ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්  සමඟ මෑතකදී කළ දුරකථන සංවාදයේ දී ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථික ස්ථායීතාවයට සුබවාදී දායකත්වය පිරිනමන බව ප්‍රකාශ කළ අතර,  ඉදිරි ඉන්දීය සංචාරයේ දී ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකට එළැඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය.

චීනයේ වෙන දේ

මේ මොහොතේ දී චීන නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්‍රි එරට විදේශ අමාත්‍ය ක්වින් ගැන්ඩ් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී දෙරට අතර බහුපාර්ශවීය සහ ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමට එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම චීන මුදල් අමාත්‍ය ලී ක්‍යුන් සමග බීජිං නුවර පැවතී සාකච්ඡාවේ දී මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ස්ථාවර ප්‍රගතිය වෙනුවෙන්වන සැලසුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් පසුගිය අර්බුදකාරී සමයේ චීනය ලබාදුන් විශේෂ දායකත්වය පිළිබඳව ද අලි සබ්‍රි සිය ස්තූතිය පිරිනැමීමට කටයුතු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය විසින් පත් කර ඇති චීන එක්සීම් බැංකුවේ සභාපති වූ ෆුලින් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි උපරිම ආකාරයෙන් දායකත්වය ලබාදෙන බව ඔවුන් සඳහන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අස්වැසුම කරදරයක් වෙලා… ආණ්ඩුවේ අස්වැසුමට එරෙහිව සමෘද්ධි ලාභීන් වෙනුවෙන් පෙනී ඉන්න නාමල් එයි!

Next Post

බැංකුවට සින්න වු මහගෙදරට ඇවිත් සිඟිති ඥාති දියණිය මරා මාමා සිය දිවි නසා ගෙන!

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.