බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ගිලිහී ගිය ජනතා විශ්වාසය යළි ඇති කරගන්න වීදුරු පෙට්ටියක සිට රට කරන්න… කතානායක ජාතික සභාව අමතමින් කියයි!

ජාතික සභාව පිහිටුවයි... කතා නායක අරමුණු කියයි...

by editor
සැප්තැම්බර් 29, 2022
in දේශපාලන
mahinda
Share on FacebookShare on Twitter

රට පාලනය කළ යුත්තේ වීදුරු පෙට්ටියක් ඇතුළත සිටින ලෙස බවත් පලුදු වී ගිය  මහජන විශ්වාසය යළි දිනාගත හැක්කේ  හැකිතාක් තොරතුරු ජනතාව වෙත ලබා දී තීරණ ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය ඇති කිරීමෙන් පමණක් බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේය.

ආර්ථික දුෂ්කරතා ඇතිවන විට මහජන නියෝජිතයන් පිලිබඳ ජනතාවගේ අවධානය, ප්‍රශ්න කිරීම් සහ කලකිරීම් වැඩිවන බව පෙන්වා දුන් කතානායකවරයා  එවැනි වාතාවරණයක සත්‍යය සහ අසත්‍යය යන දෙකම විකාශනය කළ හැකි සමාජ මාධ්‍ය  තත්ත්වය වඩාත් සංකීර්ණ වන බැවින්  මහජන නියෝජිතයන් ලෙස  මෙම තත්ත්වය තේරුම් ගෙන අලුතින් සිතිය යුතු කාලය එළඹ ඇතැයි කීවේය

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (29) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  ජාතික සභාව පිහිටුවීමෙන් අනතුරුව එම සභාවේ සාමාජිකයන් අමතමිනි. 

විවිධ මතිමතාන්තර සහ ප්‍රතිපත්ති ඇති මහජන නියෝජිතයන් වශයෙන්, ආර්ථික, සෞඛ්‍ය, කාර්මික, ව්‍යාපාර, බලශක්ති, ආහාර ඇතුළු සියලුම අංශ සඳහා උපාය මාර්ගික සංවර්ධන සැලසුම් ඇතුළත් පොදු ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ හැකි නම්,  සියලු දෙනාට යම්කිසි ජනතා විශ්වාසයක් දිනා ගත හැකි බව කථානායකවරයා පෙන්වා දුන්නේය.

එම විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා    එකට වැඩ කළ හැකි බව පෙන්විය යුතු බවත්  විශේෂඥ උපදෙස් ලබාගෙන විනිවිදභාවයෙන් යුතුව එවැනි සැලසුම් සකස්කළ යුතු බවත්   පැවසූ කතානායකවරයා    එම කටයුත්ත  ජනතා විශ්වාසය දිනාගෙන සිදු කළහොත්, ඉදිරි ගෝලීය කැලඹිලි සහිත කාලපරිච්ඡේදය පාලනය සඳහා මෙම ජාතික සභාව අන් රටවලටද  ආදර්ශයක් ගතහැකි ගෝලීය මිණුම් දණ්ඩක් බවට බවට පත්විය හැකි බවට   විශ්වාසය පල කළේය

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජාතික සභාව අමතා කතානායකවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය. 

ප්‍රථමයෙන්ම, අභිනවයෙන් පිහිටුවන ලද ජාතික සභාවේ සමාරම්භක සැසියට සාමාජිකයින් ලෙස ඔබව සාදරයෙන් පිළිගනිමි. මා ආරම්භයේදී ඔබ වර්ථමානයේ දරන තනතුරු සඳහන් කලද, මෙතැන් සිට, අපි සියලු දෙනාම මෙම වැදගත් සභාවේ සම සාමාජිකයින් වන්නෙමු. අප විසින් ඉටු කරනු ලබන අනෙකුත් සියලුම කාර්ය භාරයන් හා තනතුරු මෙම සභාවේ අරමුණු සඳහා එකමුතුව කටයුතු කිරීමට බාධාවක් නොවිය යුතුය.

නිදහසින් පසු වසර 74 ක කාලය තුළ විකල්ප වශයෙන් දක්ෂිණාංශික සහ වාමාංශික ලෙස නැඹුරු වූ ප්‍රතිපත්තීන් අත්හදා බැලූ අපේ රටේ, දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් සඳහා වූ අවශ්‍යතාවය මෙම ජාතික සභාව තුලින් පිරවිය හැක. රටක් ලෙස අපගේ ප්‍රගතිය මන්දගාමී වීමට මෙම ප්‍රතිපත්ති දෝලනයද බොහෝ සෙයින් හේතු වී ඇත. බොහෝ අවස්ථාවන්හිදී ආයෝජකයින් සහ ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ වර්ධනයට ඇති ප්‍රධාන බාධාව ලෙස ප්‍රතිපත්ති අස්ථිරභාවය සඳහන් කරන අතර, මෙම සභාවේ සාමාජිකයින් ලෙස අපගේ වගකීම වන්නේ දේශපාලන පක්ෂ භේද ඉක්මවා රටේ දිගුකාලීන ප්‍රතිපත්තිමය දිශානතිය පිළිබඳව පොදු එකඟතාවයකට පැමිණීමයි.

වර්තමානයේ පෙර නොවූ විරූ ගෝලීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, ඒ සමඟ ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවලට ඉදිරියේදීද බරපතළ අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත. එවන් විපත්ති අවස්ථාවන්හිදී, එයට මුහුණදීමට සුදුසුම උපක්‍රමය තරඟකාරීත්වය  නොව සහයෝගීතාවයයි. මෙම ජාතික සභාව ඒ සඳහා කදිම ක්‍රමවේදයක් වනු ඇත. ආර්ථික දුෂ්කරතා ඇතිවන විට මහජන නියෝජිතයන් පිලිබඳ ජනතාවගේ අවධානය, ප්‍රශ්න කිරීම් සහ කලකිරීම් වැඩි වේ. එවන් වාතාවරණයක සත්‍යය සහ අසත්‍යය යන දෙකම විකාශනය කළ හැකි සමාජ මාධ්‍ය තිබීම මහජන නියෝජිතයින් ලෙස අප කටයුතු කළ යුතු ආකාරය වඩාත් සංකීර්ණ කරයි. මහජන නියෝජිතයන් ලෙස අප මෙම තත්ත්වය තේරුම් ගෙන අලුතින් සිතිය යුතු කාලය එළඹ ඇත.

අප මහජනතාව සමඟ වැඩිපුර සම්බන්ධ විය යුතු අතර, හැකිතාක් තොරතුරු ජනතාව වෙත ලබා දිය යුතු වේ. තීරණ ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය පෙන්නුම් කළ යුතුය. සාරාංශයක් ලෙස පැවසුවහොත්, අප රට පාලනය කළ යුත්තේ වීදුරු පෙට්ටියක් ඇතුළත සිට මෙනි. මහජන විශ්වාසය යළි දිනාගත හැක්කේ එලෙසිනි. විවිධ මතිමතාන්තර සහ ප්‍රතිපත්ති ඇති මහජන නියෝජිතයන් වශයෙන්, ආර්ථික, සෞඛ්‍ය, කාර්මික, ව්‍යාපාර, බලශක්ති, ආහාර ඇතුළු සියලුම අංශ සඳහා උපාය මාර්ගික සංවර්ධන සැලසුම් ඇතුළත් පොදු ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ හැකි නම්, අප සියලු දෙනාට යම්කිසි ජනතා විශ්වාසයක් දිනා ගත හැක. ඒ සඳහා අපට එකට වැඩ කළ හැකි බව පෙන්විය යුතු අතර, විනිවිදභාවයෙන් එවැනි සැලසුම් සකස් කිරීමේදී විශේෂඥ උපදෙස් ලබා ගත යුතුය. එය නිසියාකාරව, ජනතා විශ්වාසය දිනාගෙන සිදු කළහොත්, ඉදිරි ගෝලීය කැලඹිලි සහිත කාලපරිච්ඡේදය පාලනය සඳහා මෙම ජාතික සභාව අන් රටවලටද  ආදර්ශයක් ගතහැකි ගෝලීය මිණුම් දණ්ඩක් බවට වුවද පත්විය හැකිය.

අපගේ හදිසි සාමූහික අවධානය අවශ්‍ය වන බරපතල අවදානම් දෙකක් පිළිබඳව මෙම ජාතික සභාවේ අවධානය යොමු කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි. ඉන් පළමුවැන්න ආහාර සුරක්ෂිතතාවයි. යුද්ධ, ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස හේතුවෙන් නුදුරේදීම ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානම වැඩිවෙමින් පවතී. මිනිසුන් වශයෙන් අප අත්විඳි වසංගත තත්වයන් වුවද සතුන්ට හා ශාකවලට ඉදිරියේදී ඇති වීමට ඉඩකඩ ඇත. එවන් තත්වයක් ඇතිඋවහොත් ඒ සඳහා මුහුණදීමට අප රටක් ලෙස සූදානම් ද? ඊට මුහුණදීමට නම් ඕනෑම ආකාරයක ආහාර භෝග වගාවක නිරත වීමට සියලුම මිනිසුන් දිරිමත් කිරීම සහ අප වගා කරන භෝග විවිධාංගීකරණය කිරීම සිදුකල යුතුය යන්න මාගේ මතයයි. වී වැනි භෝග කීපයකට අපගේ අවධානය සීමා නොකර, පෝෂණ අන්තර්ගතය මිනුම් දණ්ඩක් ලෙස ගෙන පලතුරු, එළවලු, කොළ වර්ග, ගෙඩි වර්ග, පළා වර්ග, ඇට වර්ග, අල වර්ග  හෝ පෝෂණ අගයක් ඇති ඕනෑම දෙයක් ආහාර ලෙස ඇතුළත් කර, එවන් සෑම ආහාරයක්ම නිෂ්පාදනය දිරිමත් කිරීම සහ අනුබල දීම කළ යුතුය.

නිෂ්පාදනය පමණක් නොව, පසු අස්වනු පාඩු සීමා කිරීම සහ ආහාර කාර්යක්ෂමව බෙදා හැරීම පිළිබඳව ද අප සොයා බැලිය යුතුය. දේශගුණික විපර්යාස හමුවේ සියලුම ආහාර අවශ්‍යතා සැපයීම සඳහා ප්‍රදේශ කිහිපයක් මත යැපීම ඉතා අවදානම් සහගත වනු ඇත. පසුගිය මාස කිහිපය තුළ ඇතැම් වෙළෙඳුන් අර්බුද තම වාසියට ගන්නා ආකාරය අපි නිරීක්ෂණය කළෙමු. මෙවැනි  සිදුවීම් ඉදිරියේදී ඇති වීම වලක්වා ගැනීමට නම්, සෑම පුරවැසියෙකුටම ආහාර ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා අප නව නීති සම්පාදනය කල යුතුයි. එම නීති වෙළෙඳුන්ට මෙන්ම නිෂ්පාදකයන්ටද සාධාරණ ලෙස කෙටුම්පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ උපදෙස් අප ලබාගත යුතුය. අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කාර්යක් වන්නේ දේශීය පරිභෝජනය සඳහා ඇති ආහාර ප්‍රමිතීකරණයයි. අපනයන ආහාර සඳහා ප්‍රමිතීන් සහ ශක්තිමත් බලාත්මක කිරීම් ඇතත්, දේශීය වෙළෙඳපොළ සම්බන්ධයෙන් ගත් කල, ප්‍රමිති සහ බලාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතී. දේශීය පාරිභෝගිකයින් සඳහා ඇති ආහාරවල ප්‍රමිති බාල කිරීම් බහුලව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් නිෂ්පාදකයින් සහ වෙළඳුන් යන දෙඅංශයෙන්ම දැනුවත් කිරීමටත්, ඒ සඳහා අනුගත නොවන අයට දඬුවම් කිරීම සඳහා නව නීති සම්පාදනය  කිරීමටත් අප පියවර ගත යුතුය.

පසුගිය සති කිහිපය තුළ, අප රටේ පුරවැසියන්ගේ මන්දපෝෂණය සහ ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ බරපතල වාද විවාද දුටුවෙමු. මෙය කෙතරම් විශාල ගැටලුවක් ද යන්න සහ අප ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් එය ඉතා ඉක්මනින් නරක අතට හැරීමට ඇති ඉඩකඩ පිළිබඳව මෙම සභාව දැනුවත් කිරීම සඳහා, මම ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනයක් ඉස්මතු කිරීමට කැමැත්තෙමි. ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව, එක්සත් ජනපදයේ ළමුන් මිලියන 9 ක් ඇතුළුව මිලියන 34 කට වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළේ. මෙම ප්‍රවණතාවය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් යන දෙවර්ගයේම වර්ධනය වෙමින් පවතින අතර, අප ඉක්මන් හා සාමූහික උත්සාහයක් නොගතහොත් අපට කුසගින්නට එරෙහි මෙම සටන ජයගත නොහැකි වනු ඇත.

දෙවන බරපතල අවදානම වන්නේ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාවයි. දේශගුණික විපර්යාස යථාර්ථයක් වන අතර එය රටවල් සහ ආර්ථිකයන් මත ඇති කළ හැකි විනාශකාරී බලපෑමේ සලකුණු දැනටමත් පෙන්නුම් කර ඇත. යුරෝපය මේ වසරේ සියවස් ගණනාවකින් ආ වියළිම ගිම්හානය අත්විඳි අතර පාකිස්තානයේ භූමියෙන් තුනෙන් එකක් සති කිහිපයකට පෙර ජලයෙන් යට විය. මෙවැනි දේශගුණික විපර්යාස නිසා ඇති වී ඇති ගෝලීය ආර්ථික පාඩුව ඩොලර් බිලියන සිය ගණනක් ලෙස ගණනය කර ඇත. දේශගුණික විපර්යාස පුරෝකථන වලට අනුව, ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙම ප්‍රවණතාවය දැනටමත් අප අත්විඳිමින් සිටී. මේ අනුව ඉදිරියේදී අප රට නාය යෑම් හා ගංවතුර අවදානමට වැඩි වශයෙන් මුහුණදීමට සූදානම් විය යුතුය. එනමුත් ඒ සියල්ලටම වඩා ලොකු අවදානමක් අපගේ ජලාශවලින් පැමිණේ. අප රටේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සහ වේලි කෙතරම් ශක්තිමත්ව ගොඩනඟා තිබුණත්, මේ දක්වා කෙතරම් හොඳින් නඩත්තු කර තිබුණත්, ඉතා කෙටි කාලයක් තුලදී අධික වර්ෂාපතනයක් ඇතිවීම නිසා ඇති වන පාලනය කළ නොහැකි පාරිසරික විපර්යාස හේතුවෙන් එවන් ව්‍යසනයක් ඇතිවීමේ අවදානම අද වන විට විශාල වශයෙන් වැඩි වී ඇත. මේ සිදුවීමේ අවදානම අපි වහා තක්සේරු කළ යුතු අතර අවදානම් සහිත ජනතාව සහ ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කළ යුතුය. සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සහ ක්‍රියා පටිපාටි මෙන්, අවම ජීවිත හානි සහිතව එවැනි ව්‍යසනවලට මුහුණ දෙන ආකාරය පිළිබඳව ජනතාව හා ආරක්ෂක අංශ පුහුණු කළ යුතුය.

අප මෙතෙක් කල් ඒ ඒ මැතිවරණවලින් පසු විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් කටයුතු කලද, ජාතික සභාවේ සාමාජිකයන් ලෙස අපට පොදු ප්‍රතිපත්ති රාමුවක් ගොඩනඟා ගනිමින් පොදු ජාතික අවශ්‍යතා සමඟ අනාගත අභියෝගවලට මුහුණ දීමට අවස්ථාවක් දැන් ලැබී ඇත. අප සැවොම මෙම කර්තව්‍යයේ බැරෑරුම් බව වටහාගෙන අපේ ජාතිය සහ අනාගත පරපුර වෙනුවෙන් එය උපරිමයෙන් ඉටු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය.

මෙම සභාවට අදාළ මන්ත්‍රීවරුන් නම් කිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන්ට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නා අතර, මෙම සභාව තුල අප සියලු දෙනා එක කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කරන මෙන් ඉල්ලාසිටිමි.

ස්තුතියි!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඬුවම් නොකර සිටීමට හේතු දක්වන්න… අධිකරණයට අපහාස කළැයි චූදිත සනත් නිශාන්තට අධිකරණය දන්වයි…

Next Post

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු ලෙස සැලකෙන වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.