රුසිරු ලක්ෂාන් ද සිල්වා – ශ්‍රියානි විජේසිංහ
කොරෝනා වසංගතය පැතිරුණු ලොව බොහෝ රටවල එහි දෙවන හා තුන්වන රැළ්ල කියාත්මක වී ඇති බැවින් මෙරට විවෘත කළ ද සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් පිළිගනිමින් සැමවිටම ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක් ජනතාව විසින් අනුගමනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන් තුරන් කිරිමකින් තොරව රට විවෘතකළ බවත් එය නිසි ලෙස අවබෝධකර ගන්නේ නැතිව ජනතාව කටයුතු නොකළහොත් අනිසි ප්‍රතිවිපාක අත්විඳිය හැකි බවත් එම සමංගමයේ සහකාර ලේකම් නවින් ද සොයිසා පෙන්වා දෙයි.
මේ සමගම දිවයින පුරා සෞඛ්‍ය පණිවිඩ අන්තර්ගත කර සංඥා පුවරු කිරීමේ අවශ්‍යතාවය ඔවුන් විසින් මතු කර තිබේ. ඒ අනුව සුපිරි වෙළෙඳසල්, රෝහල්, පොලිසි, බැංකුව, දුම්රිය ස්ථානය, ආදී පොදු තැන්වල මෙම සෞඛ්‍යය උපදෙස් සහිත දැන්වීම් පුවරු සවි කිරීමට නියමිතය.