බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

මරණයේ එළිපත්තේ සිටි අම්මා ජීවිතයට කැඳවාගෙන පැමිණි අසිරිමත් සැත්කම…

by editor
නොවැම්බර් 22, 2021
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

මේ කාලේ වෙන විට ශල්‍යකර්මයක් කියන්නේ සාමාන්‍ය දෙයක්.  නමුත් ඒ සාමාන්‍යකරණය තුළම තිබෙන සුවිශේෂී වූ ශල්‍යකර්ම සම්බන්ධයෙනුත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. කෑගල්ල ශික්ෂණ රෝහලේදී ඉකුත් දා සිදු කළ අසාමාන්‍ය ලෙස විශාල වූ ප්ලීහාව ඉවත් කිරීමේ ශල්‍යකර්මය එවැනි ම සුවිශේෂී වූ ශල්‍යකර්මයක්.

ශල්‍යකර්මය සිදු කළේ කෑගල්ල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා විසින්.

කෑගල්ල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන

ශල්‍යකර්මයට භාජනය වූයේ වයස අවුරුදු  65ක් ව කාන්තාවක්. ඇය දරුවන් හතර දෙනෙකුගේ මවක්. ඇය ජීවත්වන්නේ කෑගල්ලේ කෙහෙල්වත්ත ප්‍රදේශයේ.

2012 වසරේ  සිට ඇය මයෙලොෆබ්‍රෝසිස්  (Myelofibrosis) නැමැති ඇට මිදුළු තුළ හටගන්නා රෝගයෙන් පෙළී තිබෙනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

සිරුරක ඇටමිදුළුවලින් සිදු කෙරෙන්නේ ශරීරයට අවශ්‍ය රතු රුධිරාණු  සුදු රුධිරාණු සහ පට්ටිකා නිපදවීම. ඇයගේ ඇටමිදුම්වල කෙඳි වැනි වෙනත් පටක සැකසීම ඔස්සේ සිරුරට අවශ්‍ය ලේ නිෂ්පාදනය කිරීම අඩාල වී තිබෙනවා. ඇය වරින් වර කෑගල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන  තිබුනත් රෝගී තත්ත්වය සුව වූ බවක් පෙනෙන්නට නොතිබූ බැවින් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇයගේ රෝගී තත්වය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සොයා බලා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ජයවර්ධන මහතා කියා සිටියේ මෙවැන්නක්..

” මෙය ලක්ෂයකින් එක් අයකුට පමණ වැළඳෙන   ඉතා  දුර්ලභ රෝගී තත්ත්වයක්.   මෙම රෝග තත්ත්වයේදී රුධිරයේ ඇති සියලු සංඝටකයන් නිෂ්පාදනය අඩු මට්ටමකට වැටෙනවා . එවිට රක්තහීනතාවය ලේ ගැලීම් වැනි ප්‍රශ්න මතුවනවා. තව දුරටත් එහි ප්‍රතිඵලයක් ලෙස ප්ලීහාව (Spleen) අසාමාන්‍ය විශාල වනවා. මෙම කාන්තාව එම තත්වයටම පත් වූ රෝගියෙක්.“

“ඇය පහුගිය මාස දෙක ඇතුළත දරුණු උදරයේ වේදනාවකින් පෙළී තිබෙනවා. නිතර නිතර උදරයේ වේදනාව හටගෙන ඇති නිසාත්   පසුගිය දින දෙකකදී එය උත්සන්න වී ඇති නිසාත්   ඇය රෝහල් ගත වී තිබුණා. ඇය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා අප යොමු වූයේ ඒ හරහා යි.“

“රෝහලේදී ඇය ගේ ලේ මට්ටම සහ රුධිර පට්ටිකා මට්ටම අඩු වී ඇති බව පරීක්ෂණ මඟින් තහවුරු වී  තිබුණා. තව දුරටත්  දිගින් දිගටම උදරයේ දැඩි වේදනාවක් සහ උණ තත්ත්වයක් හටගෙන තිබීම නිසා පරීක්ෂණ රැසක් ඇය වෙනුවෙන් සිදු කරන්නට අපට සිදු වුණා. මීට අමතරව ඇගේ අක්මාවේ සහ වකුගඩුවල ක්‍රියාකාරිත්වයද යම් යම් අකර්මණ්‍ය තාවයකට පත් වී තිබුණා.“

“මේ සියලූ තත්ත්වයන් සලකා බලා අවසානයේ අපි තීරණය කළා විශාල වී තිබෙන  ප්ලීහාව ඉවත් කළ යුතුයි කියා. ඒ අනුව රක්තවේදී පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් මමත් එක්ව ඇයට උදරයේ හදිසි ශල්‍යකර්මයක් කිරීමට තීරණය කළා. ඇයගේ රෝගී තත්ත්වය අනුව යව ශල්‍යකර්මයකට භාජනය කිරීම පවා දැඩි අවදානම් තත්ත්වයකයි තිබුණේ……”

නමුත් එම දැඩි අවදානම බාර ගත් වෛද්‍යවරුන්  කණ්ඩායම ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඇයව ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

ඉවත් කළ විශාල ප්ලීහාව…

ප්ලීහාව සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයක්.  ඉන් සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කිරීමයි..   රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරන ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරන අවයවක්. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි  වෙනවා. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ඉවත් කිරීමෙන් ජීවිත අවදානමක් ඇති වෙන්නෙ නෑ.

සාමාන්‍ය පුද්ගලයකුගේ  ප්ලීහාව ක්  බර ග්‍රෑම් 150ක් පමණ යි.  ඇය ගේ රෝගී තත්ත්වය අනුව ප්ලිහාව කිලෝ ග්‍රෑම් 3.5 ක් පමණ බරකින් යුතුව විශාල වී තිබුණා.  ඉතා විශාල ප්ලීහාව  සාර්ථක සැත්කම මගින් ඉවත් කිරීම සඳහා පැය 8 කට ආසන්න කාලයක් ශල්‍යකර්මය සිදු කිරීමට සිදු වුණා. තවද මෙම විශාල ප්ලීහාව උදරය තුළ කැරකී ඊට  ලැබෙන රුධිර සංසරණය ද අවහිර වී තිබෙන බව දක්නට ලැබුණු බව විශේෂඥ වෛද්‍ය ජයවර්ධන   කියා සිටියා.

මෙම සැත්කම සිදු නොකර සිටියේ නම් ඇයගේ ජීවිතය නැති වීමට  ඉඩ තිබිණැයි වෛද්‍යවරුන් කියා  සිටියා.

දැඩි සත්කාර ඒකකයේ සත්කාර වලින් සහ ප්‍රතිකාරවලින් පසුව සුවය ලබා මේ වන විට  ඇය වාට්ටුවට මාරු කර සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදු සැතපුම් 400 දුර මුහුදේ දී අතුරුදහන් වූ ධීවර කාර්මිකයා ගැන සොහොයුරා කියූ කතාව…

Next Post

මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට මන්ත්‍රීවරියන් ලක්වීම ගැන සුදර්ශනී කථානායකට ලියයි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.