සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

පශ්චාත් මරණ පරීක්ෂණ වලදී කොවිඩ් ආසාදනය වීමේ අවදානමක් 

by editor
මැයි 21, 2020
in සෞඛ්‍යය
SENSITIVE MATERIAL. THIS IMAGE MAY OFFEND OR DISTURB    A worker of a funeral parlour, sanitises the dead body of an 83-years-old woman, who died of unknown reasons during the outbreak of the coronavirus disease (COVID-19), in Porto Alegre, Brazil, April 3, 2020. REUTERS/Diego Vara

SENSITIVE MATERIAL. THIS IMAGE MAY OFFEND OR DISTURB A worker of a funeral parlour, sanitises the dead body of an 83-years-old woman, who died of unknown reasons during the outbreak of the coronavirus disease (COVID-19), in Porto Alegre, Brazil, April 3, 2020. REUTERS/Diego Vara

Share on FacebookShare on Twitter

කොවිඩ් 19 ආසාදනය මේ වන වන විට අපේ රටේ සෑහෙන දුරකට මර්දනය කොට තිබෙනවා . නමුත් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝග කාරක වෛරසය ආසාදනය වූ තවත් පිරිසක් අපගේ සමාජයේ සිටීමට ඉඩ තිබෙනවා. ඒ අයගෙන් අනිත් අයට රෝගය බෝ වීමටත් අවකාශය තියෙනවා. ඒ ඒ නිසා තමා රජය විසින් තව දුරටත් සෞඛ්‍ය අවවාද වලට  අනුව  හැසිරෙන ලෙස මහජනයාට  උපදෙස් දී තිබෙන්නේ.

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ගෙන් 80% විතර  තදබල රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මේ අය සමහර විට වෙනත් රෝග තත්ත්වයන්ට ගොදුරුව හෝ හදිසි අනතුරුවලට භාජනය වී රෝහල් ගත වීමේ හැකියාව තිබෙනවා .  රෝහලකට ඇතුළු වන  සියලුම පුද්ගලයන්ට  කොවිඩ් 19   පරීක්ෂණ සිදු කිරීමේ හැකියාවක් නැහැ. එලෙසම රෝහලේ සියලුම සෞඛ්‍ය සේවකයන්ට සේවා කාලය පුරාවම පූර්ණ   සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳ සිටිමේ හැකියාවකුත් නැහැ. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී මීටරයක දුර පරතරය තබා ගැනීමට හැකි වන්නේත් නැහැ. මේ නිසා එවන් ආසාදිතයන් ගෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට රෝගය පැතිරීමේ දැඩි අවදානමක් තිබෙනවා .

පශ්චාත් මරණ පරීක්ෂණ

එවන් රෝගීන් මිය ගිය හොත් සමහර විට පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම අවශ්‍ය වනවා. ඒ සඳහා මළ සිරුර විච්ඡේදනය කිරීම සිදු කරනු ලබනවා. මෙහි දී විශේෂයෙන් මෘත ශරීරයේ  ස්වසන පද්ධතිය විච්චේදනය කරන විට විශාල වෛරස ප්‍රමාණයක් නිකුත් වීමේ හැකියාව තිබෙනවා . විශේෂයෙන්ම මෘත ශරීරාගාරවල සවිකර ඇති  වාතය ඉවත් කරන විදුලි පංකා මගින් වාතය ඉවත් කරන විට ඒ සමගම මෘත ශරීරය නිරාවරණය වී ඇති ස්වසන පද්ධති වල ඇති වෛරස ඒ සමග එයින් ඉවත්ව වාතයට මුසු වීමේ හැකියාව තිබෙනව . ඒ වගේම මෘත ශරීරාගාර වායු සමීකරණය කොට තිබේ නම් වෛරසය නොනැසී  පැතිරීමේ හැකියාව    තිබෙනවා. එපමණක් නොව මෙම වෛරසය සිරුරේ බොහෝ අවයව වලට ඇතුළු වන බව මේ වන  විට සොයාගෙන තිබෙනවා. ඒ අනුව හදවත ,මොළය, ආහාර මාර්ගය, වකුගඩු, මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතවත් මෙම වයිරසය පවතින බව තමයි සොයාගෙන තිබෙන්නේ. ඒ අනුව මේවා විච්ඡේදනය කිරීමේ දී සිරුරෙන් බැහැරට එය පැතිර යෑමේ හැකියාව තිබෙනවා.

මල්ශාලාවල තත්වය

මීට අමතරව මෙම මෘත ශරීර එම්බාම් කිරීම සඳහා මල් ශාලාවට ගෙන ගොස් එම  කාර්යය සිදු කරන විට දී  එම කාර්යයන් ඉටු කරන සිදුකරන පුද්ගලයන්ට ද මෙම රෝගය ආසාදනය  වීමේ ඉඩ කඩ තිබෙනවා .

RelatedPosts

ඔමික්‍රෝන් ඩෙල්ටාට වඩා සැර අඩුයි – රෝහල්ගත කිරීම් අවදානම තුනෙන් එකයි!

ලොකු සමාගම් යළිත් සේවකයන්ගෙන් ගෙදර සිට වැඩ ගැනීම ගැන සිතයි

රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව කොවිඩ්වලට පෙර ගණන්වලටම බසී!

ඉන්දුනීසියාවේ මෘතශරීර භුමිදානය කරන පුද්ගලයන්ට  රෝගය බෝවීමේ විශාල අවදානමක් ඇති බව මේ වන විට ප්‍රකාශ වී තිබෙනවා. මෙම වෛරසය ලෝකයේ කිසිදු දිනෙක  දක්නට නොලැබුනු ආකාරයේ වයිරස් එකක්. එහි හැසිරීම මේ වන තෙක් නිවැරැදිව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙලා නැහැ. එම නිසා මෙය මෘත ශරීර වලින් අනෙකුත් පුද්ගලයන්ට කවර ආකාරයෙන් බෝ වන්නේද යන්න  තවමත් නිශ්චිත නැහැ . ඒ වගේම තමා මෘත ශරීර වල අඩංගු වෛරස පස තුළ කොතරම් කාලයක් නොනැසී පැවතිය හැකි ද?  ජල මූලාශ්‍රවලට එක්වීමෙන්  රෝගය පැතිර යා හැකි ද ? යන්න තාම නිශ්චිතවම හඳුනා ගෙන නැහැ.

මේ නිසා මෙවන් මරණ ආදාහනය කිරීම වඩා සුදුසු වනවා

.

 

 

Tags: කොවිඩ්-19
Share69Tweet43
Previous Post

ජනාධිපතිගෙ කතාවෙන් ඔවුන් කළ යුද අපරාධ වසන් කළා

Next Post

නාවික හමුදාවේ කොවිඩ් මඩින්න විශේෂඥ වෛද්‍යවරු 4ක කණ්ඩායමක්

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.