බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ් එක්ක දියවැඩියාවේ ඇති සබඳතා දරුණුයි

ලෝක දියවැඩියා සම්මේලනය පවසයි

by Lanka Sara Editor
ජූලි 3, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලක් ගැන වෛද්‍ය  අංශ මේ දිනවල අනතුරු අඟවයි. දැනට අපේ රටෙන් සෑහෙන දුරකට මෙම වසංතය පැතිරීම පාලනය කර ඇතත් යළි ගුවන් තොටුපළ ඇතුළු රටට ප්‍රවේශ වීමේ මාර්ග විවෘත කිරීමෙන් පසුව රෝගය පිළිබඳ යම් අනියත බවක් නිර්මාණය වී තිබේ.

මේ රෝගය ගැන අප වඩාත් අවධානය යොමුවිය යුතු වෙනත් පැති ගැනද මේ දිනවල පර්යේෂණ හරහා තොරතුරු අනාවරණය වෙමින් ඇත. එයින් අපේ රටට වැදගත් තොරතුරක් වන්නේ දියවැඩියාව සහ කොවිඩ් 19 වෛරසය අතර පවතින සබැඳියාවයි.

මේ පිළිබඳව පර්යේෂණ කිහිපයක්ම සිදුව ඇති අතර එයින් බොහෝ පර්යේෂකයන් තහවුරු කරන්නේ කොවිඩ් 19 වයිරසය සහ දියවැඩියාව රෝගය අතර සබඳතාවක් ස්ථිරවම පවතින බවය. එනම් කොවිඩ් ආසාදනය වූ දියවැඩියා රෝගීන්ට තම ශරීරය තුළ යම් යම් සකීර්ණතා ඇති කරවිය හැකි බව එයින් තහවුරු වීමය.

ශ්‍රි ලංකාවේ ජනගහනණයෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් දියවැඩියාව හෝ රුධිරත සීනි මට්ටම නියමිත අගයයන්ට වඩා ඉහළ මට්ටමක පවතින බව මෙරට වෛද්‍ය පර්යේෂකයන් ගේ අත්දැකීමයි.මේ ප්‍රතිශතය ඊටත් වඩා වැඩි විය හැකි මට්ටමක ඇත. එවැනි තත්ත්වයක් තුළ මෙම නව පර්යේෂණ තොරතුරු පිළිබඳව වඩාත් අවධානය යාමු කළ යුත්තේ එක් පර්යේෂණයකින් හෙළි කරගෙන තිබුණේ කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත කෙරුණු දියවැඩියා රෝගීන් ගෙන් දහයෙන් එකක් රෝහල් ගත කොට සතියක් ගත වන්නට මත්තෙන් මිය ගිය බවය. Diabetologia (ඩයබෙටොලොජියා ) නම් දියවැඩියා පිළිබඳව සිදු කෙරෙන වෛද්‍ය පර්යේෂණ ප්‍රකාශනයට පත් කරන වෛද්‍ය සඟරාවේ පළ වූ පර්යේෂණ වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී ඇත. මෙම පර්යේෂකයන් පවසන්නේ කොවිඩ් 19 නිසා රෝහල් ගත කරන ලද දියවැඩියා රෝගීන්ගෙන් සියයට 65ක්ම වයස අවුරුදු 70 ඉක්මවූවන් බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

රෝහල් ගත කිරීමෙන්  පසුව මෙම රෝගීන්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය අඩු කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගත්තද එයින් පමණක් කොවිඩ් 19 නව කොරෝනා වයිරසය මඟින් ඔවුන් තුළ ඇති කරවන සංකූලතා මඟ හරවා ගැනීමට ඉඩක් නොලද බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි. කොවිඩ් 19 සහ දියවැඩියාව අතර ඇති සබඳතා ගැන පර්යේෂණය සිදුව ඇත්තේ ප්‍රංශයේය. කොරෝනා හේතුවෙන් රෝහල්ගත වූ රෝගීන් 1317 දෙනකු යොදා සිදු කොට ඇති මෙම පර්යේෂණයෙන් කියවෙන්නේ දියවැඩියා රෝගියාගේ වයස, උසට සාපෙක්ෂව බර වැඩි වීම එනම්  BMI අගය වැඩි වීම වැනි සාධක මත දියවැඩියා රෝගීන්ට නව කොරෝනා වයිරසය මඟින් ඇති කෙරෙන සංකූලතා තීව්ර කරවන බවය. මෙවැනි වයස සහ බර වැඩි දියවැඩියා රෝගීන්ගෙන් බොහෝමයකට කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවල ආධාරය ලබා දෙන්නට සිදුව ඇති බවත් ඔවුන්ගෙන් සියයට 10ක් පමණ රෝහල් ගත කොට සතියක් ගත වන්නට පෙර මිය ගිය බවත් මෙම පර්යේෂකයන් කරුණු අනාවරණය කරගෙන තිබේ. කෙසේ වුවද මේ සඳහා ශරීරය තුළ කවර ක්‍රියාකාරීත්වයක් හෝ වයිසරය සහ දියවැඩියාව අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව මේ වනවිට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයා බලනු ලබන බවයි.

මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය පවසන්නේ ඉදිරියේදී ඇති විය හැකි කොරෝනා අවදානම සලකමින් දියවැඩියා රෝගීන් සම්බන්ධයෙන්  ප්‍රවේශ තුනක් ඔස්සේ අවධානය යොමු කළයුතු බවය. එම සම්මේලනය විසින් පසුගියදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව මෙම පුවේශ තුන මෙසේය.

ශාරීරික සුවතාවක් පවත්වා ගැනීම

දියවැඩියාව මඟ හරවා ගැනීම සඳහා වෛද්‍යවරුන් නිර්දේහ කරන පළමු පියවර වන්නේ මනා ශාරීරික ක්‍රියාකාරීත්වයක් ආරක්ෂා කර ැනීමය. මේ වනවිට ක්‍රියාත්මක වන සමාජ දුර්ස්ථභාවය පිළිබඳ වෛද්‍ය උපදෙස් මත බොහෝ වැඩිහිටියන්ට ශාරීරික ව්‍යායාම තබා ඇතැම් විට තම නිවස ආසන්නයේ  එලි පහළියේ ඇවිද යන්නටද බොහෝ විට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම නිවාසවලට සීමා වී ඔවුන්ට ආහාර පාලනය කිරීමද සාපෙක්ෂව අසීරු කාලවකවානුවකි.අනෙක් අතට ඔවුන් තුළ මෙම බාධක සහ මේ වනවිට නව කොරෝනා නිසා සමාජතගව පවතින අසහනකාරී තත්ත්වය මනසටද ආතතියක් කැඳවයි.  මේ සියල්ලටම වඩා බරපතල කරුණක් වන්නේ කොවිඩ් 19බ ආසාදනය වේ යයි පවතින බිය සහ රෝහල් හෝ සායන සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා නිසා  බොහෝ රෝගීන් තමන් සාමාන්‍යයෙන් ලබා ගන්නා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හෝ සායනවලට නොයාමය. මෙයද නුදුරු අනගතයේ දියවැඩියා ව කෙරෙහි ලෝකයේම  අර්බුද නිර්මාණය කරවන්නක් විය හැකි බව ලෝක දියවැඩියා සම්මේලනය පවසයි. එබැවින් එම සම්මේලනය පවසන්නේ තමන්ට හැකි උපරිම අයුරින් ශරීර ක්‍රියාකාරකම් සඳහා යෙදවීම, අත්‍යවශ්‍ය වෛද්‍ය සායනවලට සම්පූර්ණ ආරක්ෂාකාරී බවකින් සහ අවධානයෙන් යුතුව සහභාගී වීම අතිශයින්ම වැදගත් බවය.

ප්‍රතිකාර සඳහා වන අවශ්‍යතා ප්‍රතිසංවිධානය කිරීම

බොහෝ රටවල දියවැඩියා රෝගීන් සහ සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති පොදු අර්බුදයක් වන්නේ කොවිඩ් මර්දනයට අදාළ විශේෂ වැඩපිළිවෙළ සෙසු කල් ගතවන හෝ බෝ නොවන රෝග ප්‍රතිකාර සඳහා වන පහසුකම් යම් අභියෝගවලට මුහුණ දීමය. විශේෂයෙන් රෝහල්වල සායනවලට සහභාගී වීම යම් දුෂ්කරතාවන්ට හේතුවක් වෙයි. එසේම ලොක්යේම පවතින ගුවන් ගමන් අවහිරවීම් සහ ගුවන් තොටුපළ වසා දැමීම වැනි හේතු නිසා ඇතැම් රෝගීන් භාවිත කරන ඖෂධ නිසි කලට වේලාවට වෙළෙඳපොලට පැමිණීමේ යම් ප්‍රමදයන් සිදුවේ. මෙවැනි තත්ත්ව සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව ප්‍රතිකාර ගැනීමට මෙන්ම දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන්ට සිදුව ඇත. එබැවින්  ඇතැම් විට ප්‍රතිකාර ගන්නා සායනය, ඔවුන්ට පුතිකාර ලබා දෙන වෛද්‍ය රටාව, ලබා දෙන ඖෂධ ආදී සියල්ල මේ තත්ත්වය තුළ ප්‍රතිසංවිධානයට ලක් කිරීමට සිදුවනු ඇත.

  අවදානම්  සහගත අය ගැන වැඩි රැකවරණයක් දීම

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය පවසන්නේ කවර වයිරස ආසාදනයක් වුවද රුධිරගත සීනි ප්‍රමාණය වැඩි රෝගීන්ට ප්‍රතිකාර කිරීම අභියෝගයක් වන බවය. එයට හේතුව ඔවුන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය  ඉහළ පහළ යාම එම ප්‍රතිකාරවලට බාධකයක් වීමය. එබැවින් ඔවුන් පවසන්නේ හැකිතාක් මෙම රුධිරගත සීනි වැඩි වීමේ අවදානමෙන් මිදෙන ලෙසය. අනෙක එවැනි අවදානමක් ඇති අය හැකිතාක් වයිරස ආසාදනවලට ගොදුරු විය හැකි අවදානම්කාරී අවස්ථා මඟ හැරිය යුතු බවය. 

Tags: නවතම
Share119Tweet43
Previous Post

බැඳුම්කරේ ගැන අද රනිල්ගෙන් සී.අයි.ඩියට කටඋත්තරයක්

Next Post

නිහාල් නෙල්සන්ගේ බිරිඳ මාලි නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.