ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.
ඒ අනුව අද සවස් වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් කොළඹ කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි නිවසේදී මෙම ප්‍රකාහය ලබා දීමට නියමිත බව වාර්තා වේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රකාශය හිටපු අගමැතිවරයාගෙන් ලබා ගන්නා අතර එම නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාහ ලබා ගැනීමට කිහිප අවස්ථාවකදීම උත්සාහ කළද කලින් යොදා ගත් වැඩකටයුතු හේතුවෙන් ප්‍රකාශ ලබා දීමට නොහැකි වී ඇත.
කෙසේ වුවද මෙම නිලධාරීන්ට අද සවස තම නිවසට පැමිණ ප්‍රකාශය ලබා ගන්නා ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.