බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

by editor
ඔක්තෝබර් 18, 2024
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

කිරි ගවයින් අතර බහුලව දක්නට ලැබෙන බුරුලු ප්‍රදාහය (Mastitis) රෝගය කල්තියා හඳුනා ගැනීම සඳහා කෘතීම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ ආචාර්ය බිමල්කා රණසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිපල අත්ව තිබේ.‍

දේශීය කිරි ගොවි කර්මාන්තයේ හෙට දවස පිළිබඳ සුබ නිමිත්තක් ලෙස සැලකෙන මෙම පර්යේෂණය සඳහා ආචාර්ය බිමල්කා රණසිංහ මහත්මිය සමඟ ඉංජිනේරු පීඨයේ ආචාර්ය දමයන්ති හේරත්, මහාචාර්ය චමිල වල්ගම්පාය, කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ආර්.එම්.සී දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ද පර්යේෂණ සහායිකාව ලෙස කේ.එම් දේවින්දි මහත්මිය ද දායක්තවය ලබා දී ඇත.

පර්යේෂණ කණ්ඩායම…

කිරි ගවයින් 2400 ක් පමණ සංඛ්‍යාවක් පරීක්ෂණයට භාජනය කරමින් ඔවුන් ගේ වයස, බිහි කළ පැටවුන් ගණන ආදි තොරතුරු ද එම සතුන් ගේ කිරි වල අඩංගු මේදය හා ප්‍රෝටීන් ප්‍රමාණය, ශෛල ප්‍රමාණය ඇතුළු දත්ත රැසක් ද ඒකරාශි කර ඒවා විශ්ලේෂණය කිරීම මගින් බුරුළු ප්‍රදාහය රෝගයට හේතුවන බැක්ටීරියා ආසාදිතව සිටින සතුන් සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට හැකි වූ බව ආචාර්ය බිමල්කා රණසිංහ මහත්මිය කීවාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු අංශයේ ආචාර්ය දමයන්ති හේරත් මහත්මිය පැවසුවේ එම දත්ත පරිගණක ගතකර මැෂින් ලර්නින් ( Machine Learning) ක්‍රමය ඔස්සේ බුරුලු ප්‍රදාහයට ගොදුරු වූ සතුන් කෘතීම බුද්ධිය උපයෝගි කරගනිමින් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

පසුගිය වසරේ ජූලි හා සැප්තැම්බර් කාලය තුළ බුරුලු ප්‍රදාහයට ගොදුරු වූ කිරි ගවයින් 3700 ක් වාර්තා වී තිබෙන බවත් 2022 වසරේ එම කාලය හා සැසඳීමේ දී රෝගයට ගොදුරු වූ සතුන් ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කී රණසිංහ මහත්මිය එම රෝගය නිසා කිරි දෙනකගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය මෙන්ම එහි ගුණාත්මක බව ද අඩුවන බව අවධාරණය කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සායනික නොවන (Subclinical) අවස්ථාවේ දී රෝග ලක්ෂණ භාහිරින් හඳුනාගත නොහැකි අතර සතුන් ශාරීරිකව නිරෝගීය. කිරි වල වෙනසක් දක්නට ද නොලැබේ. නමුත් වෙනත් කිසිදු හේතුවකින් තොරව කිරි නිෂ්පාදනය කාලයත් සමඟ ක්‍රමයෙන් අඩුවීම මෙහි විශේෂත්වයකි. බුරුලු ප්‍රදාහයට නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම මගින් ආසාධිත ක්ෂීර ග්‍රන්ථි හා පටක සම්පූර්ණයෙන් විනාශ වී එමගින් කිරි නිෂ්පාදනය මුළුමනින්ම නැවතීමේ හැකියාවක් ද පවතී. එවැනි තත්ත්වයකට පත්වූ කිරි බුරුලක් නැවත යථා තත්ත්ත්වයට පත් කිරීමටද නොහැකි බව පශු වෛද්‍යවරු පවසති. එමෙන්ම ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රතිජීවක කිරි සමඟ ආහාර දාමයට ද ඇතුළු වීමේ අවධානමක් පවතී. බුරුලු ප්‍රදාහයට ගොදුරු වූ එළදෙනුන්ගේ ප්‍රජනන හැකියාව පහළ ගොස් පැටවුන් ලබා ගැනීමේ කාලය දීර්ඝ වන බව ද ආචාර්ය බිමල්කා ඇතුළු පර්යේෂකයින් විසින් සොයා ගනු ලැබ තිබේ.

රෝග කාරක බැක්ටීරියාව කිරි බුරුල ට ඇතුළු වී කාලයක් ගත වූ පසු කිරි ගවයාගේ කිරි බුරුලු වල ඉදිමීම,රත්පැහැ ගැන්වීම වැනි ලක්ෂණ දැකිය හැකි බවත් මෙම තත්ත්වයට පත්වීමට පෙර ආසාදිත සතුන් හඳුනා ගැනීමෙන් රෝගය පැතිරීම වලක්වා ගැනීම සඳහා එම සතුන් වෙන්කර තැබීම වැනි ක්‍රියාමාර්ග වලට පහසුවෙන් යොමු වීමට හැකි බවත් ආචාර්ය රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම පර්යේෂණයේ ප්‍රතිපල සැලකීමේ දී රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කුමන වර්ගයේ කිරි ගවයින් ද යන්න ආදි ගොවීන් ට ඉතා වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමට හැකි බව ද ඇය කීවාය. – දිනමිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘත්‍රිම බුද්ධි(AI) මෙවලම් භාවිතයෙන් මුදල් උපයන්නේ කෙසේද?

Next Post

ආණ්ඩුවේ ගිනි අවි කැඳවීමේ නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා ඇවෙන්රා හෝටල් සමූහයේ ප්‍රධානියාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්!

Related Posts

සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023
සෞඛ්‍යය

ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….

නොවැම්බර් 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.