බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….

by editor
නොවැම්බර් 12, 2023
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා.-
මහජන සෞඛ්‍ය පරීක්ෂක . දෙහිවල ගල්කිස්ස මහානගර සභාව

ඉර එළියට නිරාවරණය වුනාම විටමින් ඩී ලේසියෙන්ම ඇඟට ගන්න පුලුවන් කියල අපි  හැමෝම වගේ දන්නවා. ඉර එළිය සුපිරියටම තියෙන නිසා අපට විටමින් ඩී වලින් ප්‍රශ්නයක්  නෑ කියල තමයි අපි බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්නේ.

සමකයට දුරින් තියෙන, ඉර එළිය යහමින් නොලැබෙන රටවල්වල ජනතාවට කාලයක් තිස්සේ විටමින් ඩී ප්‍රශ්නයක් තිබුනා. ඒත් දැන් ඉන්දියාව ලංකාව වගේ රටවල්වලටත් විටමින් ඩී ඌණතාවය තදින්ම දැනෙනවා. ජීවන විලාශය වෙනස් වීම සහ රූපලාවන්‍ය  (කළු වෙනවට තියෙන බිය) හේතු නිසා දැන් බොහෝ දෙනෙකු ඉරට වහන් වෙලා තමයි වැඩ කටයුතු කරන්නේ.  ඩී විටමින් යහමින් ශරීරයට නොලැබුනොත් අස්ථි ආබාධ, ඔස්ටියෝපොරෝසිස් වගේම සමහර පිළිකා සඳහාත් බලපානව කියලයි කියැවෙන්නේ .

උදේ වරුවේ පැයක් පැය භාගයක් ඉර එළියේ පහස විඳින්නට අපහසු අකමැති ඇත්තන්ට කෑමෙන් බීමෙන් විතරක් විටමින් ඩී ගන්න එක ලේසි නෑ.  මොකද විටමින් ඩී ගානට පදමට තියෙනවා කියල හිතාගෙන ඉන්න කිරි, බිත්තර , චීස්, බටර් , පීකුදු වගේ  ගාණ සැර කෑම වර්ගවලත් විටමින් ඩී මහ ලොකුවට නෑ.   මේ හැම එකකම ග්රෑම් 100 ක විටම්න් ඩී තියෙන්නෙ ජාත්‍යන්තර ඒකක (IU) 90 ටත් වඩා අඩු අගයක්. දවසකට අපට ජාත්‍යාන්තර ඒකක 1000 ක් විතර විටමින් ඩී  ඕන වෙනවා.

කෑමවලින්ම වටමින් ඩී ගන්න හිතාගෙන ඉන්නවානම් , අර කිවුව කෑමවලට අමතරව  මෝර තෙල්,  සැමන් මාළු, මැකරල්, ටූනා, සාඩින් වගේ මාළු වර්ග, (oily fish) වැඩිපුර  දිනපතාම කන්න  වෙනවා. අද කාලේ ඒ කෑමවල මිළ ගනන්වල හැටියට එහෙම කන්න ජනගහණයෙන් අති බහුතරයකට හීනයක්. යුරෝපා රටවල්වල නම් මේකට විසඳුමක් විදියට කිරි, යෝගට්, සීරියල් වර්ග, පලතුරු යුෂ වගේ කෑම බීමවලට විටමින් ඩී බාහිරව එකතු කරලත් තියෙනවා .

විටමින් ඩී පෝෂණ අර්බුදය ජයගන්න ඉතාම සරල විද්‍යාත්මක ක්‍රමයක් පිළිබද පර්යේෂණ පත්‍රිකා ටිකක් මෑතකදී   කියවන්න ලැබුනා.   මේ පර්යේෂණවලින් පැහැදිලිවම තහවුරු වෙලා තියෙන කාරණා ගැන අපේ රටේ පෝෂණ බලධාරීන්ගේ අවධානය වහ වහාම යොමු වෙන්න වටිනවා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

හිරුට නිරාවරණය කළ බිම්මල්වලින් සුපිරියටම  විටමින් ඩී .

සත්ව ශරීර තුළ කොලෙස්ටරෝල් වලින් කරන වැඩේ දිලීරවල කරන්නේ ergosterol නැමති සංයෝගයෙන්.

මේ ergosterol හිරුඑළියේ තිබෙන පාරජම්බුල කිරණවලට පැය බාගයක් පැයක් විතර කාලයක් නිරාවරණය වුනාම විටමින් ඩී බොහොම සරුවට නිෂ්පාදනය කරනව කියල විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන්  හිරුඑළියට නිරාවරණය නොකර අඳුරු පරිසරයක වානිජව වගා කෙරෙන බිම්මල්වල විටමින් ඩී නොගිනිය හැකි තරමකින් තිබුණට, හිරු එළියට නිරාවරණය වී ස්වාභාවික පරිසරයේ හැදෙන බිම්මල්වල අපගේ දෛනික අවශ්‍යතාවයද ඉක්මවා යන මට්ටමක විටමින් ඩී  නිෂ්පාදනය වන බව අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වානිජව නිෂ්පාදනය කෙරෙන බිම්මල් අස්වැන්න නෙලීමට ප්‍රථමව හෝ අස්වැන්න නෙලූ පසු පැයක  මිනිත්තු 90 ක කාලයක් හිරුඑළියට නිරාවරණය කිරීමෙන් හෝ පාරජම්බුල කිරණ නිකුත් කරන  කෘත්රිම  විදුලිපහන් ආලෝකයට බිම්මල් නිරාවරණය කිරීමෙන් ද ඉතා ඵලදායක ලෙස විටමින් ඩී ප්රමාණය වැඩිකර ගන්න පුලුවන් කියලත් මේ අධ්‍යයනවලින් පැහැදිලි වෙනවා.

තවද බිම්මල්වල යටිපැත්තේ පිහිටන කරමල් වල (gills) ඉතා අධිකව ergosterol තියෙන නිසා යට පැත්ත පාරජම්බුල කිරණවලට නිරාවරණය කිරීමෙන් සහ   බිම්මල් තීරුවලට කැපීමන් පසුව හිරුඑළියට නිරාවරණය කිරීමෙන් ද විටමින් ඩී ඉතා අධිකව නිෂ්පාදනය කරගන්නට හැකි බවත් පෙනී ගොස් තිබෙනවා.

විටමින් ඩී ඌණතාවය ලංකාවේ ඉතාමත් බරපතලයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ  වසංගත විද්‍යා ඒකකය මගින් සතිපතා ප්‍රකාශයට පත්කෙරෙන වසංගත විද්‍යා වාර්තාවේ (2023 මාර්තු මාසයේ තුන්වෙනි සතියේ) පලකෙරී තියෙන වාර්තාවෙන් කියවෙන කාරණා අතිශයින්ම  බියකරුයි.

  • ඒ අනුව ලාංකික වැඩිහිටියන් අතර විටමින් D ඌනතාවය 8% ක් .  ප්‍රමාණවත් නොවන ප්‍රතිශතය 31.4% කි.
  • සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 90% කගේ පමණ ප්‍රමාණවත් විටමින් D මට්ටමක් නෑ කියල සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙන බව මේ වාර්තාව පෙන්වා දී තිබෙනවා.
  • මේ අගයන් ලොව හිරුඑළිය අඩුවෙන්ම ලැබෙන ස්කැන්ඩිනේවියානු රටවල්වල ප්‍රතිශතයන්වලටත් වඩා වැඩි අගයක් වීම ඉතා ශෝචනීය යි.

ඒ අනුව බොහොමයක් වටිනා කියන පෝෂ්යපදාර්ථ සහ ප්‍රතිඔක්සිකාරක ද බහුල, අනෙක් අතට නිර්මාංශ සහ ජනප්‍රිය  ආහාරයක් ද වන බිම්මල්වල හිරුඑළිය උපකාරයෙන් අගය වැඩිකර ආහාරයට ගැනීම අපේ රටේ  ජනප්‍රිය කරණ එක ජාතික වැඩක්  වෙන්න ඕන කියල බොහොම සද්භාවයෙන් යුතුව මෙහි ලියා තබනවා.

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6213178/

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 මිනිස්සු ක්‍රිකට් තහනම් කරන්නට පෙර අයි.සී.සී. ය ගෙනා තහනම හොඳයි..

Next Post

අරක්කු බෝතලයක් ගන්න බස් රථය තුළදී බිරියගේ මුදල් පසුම්බියට විද්ද සැමියා පොලිසියට කොටු වෙයි!

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.