බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වෙසක් පෝය දා මිනී මැරූ අඹුසැමි යුවල කොටු වුණු අයුරු

by editor
මැයි 24, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

සුසන්ත අමර බන්දු –

අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානයයි.  වෙසක් සඳ නැගී තිබිණි. එහෙත්  වයස අවුරුදු 55ක් වු  රන් මැණිකේ විජේසිංහ නැන්දාගේ නිවස කළුවරේ ගිලී ගොස්ය.

ඇයගේ පුතා මේ වනවිට පදිංචිව ඉන්නේ ගම්පහ ප්‍රදේශයේය. සැමියා බුලත්සිංහල සිය මවගේ නිවසට ගොස් සිටිය දී ඇඳිරි නීතියට කොටු වී සිටියේය. හුදකලාව සිටි මවගේ සුව දුක් විමසීමට කතා කළ පුතාට මවගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබිනි. ඔහු අසල්වැසි තරුණයෙකුට කතා කර මවගේ දුරකථනයෙන් ප්‍රතිචාර නැති බව පවසමින් මදක් විමසන ලෙස කීවේය.

උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. ඩි. එන්. කරුණාරත්න

තරුණයා ඒ අනුව රන්මැණිකා නැන්දාගේ නිවසට ගියේය. නිවස කළුවරය. කතා කළාට ප්‍රතිචාරයකුත් නැත. එහෙත් නිවසේ දොර අඩවන් වී තිබේ. දොර තල්ලු කරගෙන ඇතුළට ගොස් ජංගම දුරකථනයේ එළියෙන් ස්වීචය සොයාගෙන විදුලි පහන දැල්  වූ විට දුටු දෙයින් ඔහු තිගැස්සුනේය. රන් මැණිකෙ නැන්දා බිම වැටී මියගොස් සිටියාය.

“ අයියෙ… නැන්දා වැටිලා ඉන්නවා. මම හිතන්නෙ කරදරයක්…“

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අනතුරුව ගමම ඇහැරුණේය. එහෙත් කොවිඩ් ඇඳිරි නීතිය අතරේ කළ හැක්කක් නැත. තත්වය මොනතරම් ඛේදනීය  ද යන්න වැටහෙන්නේ  07 වනදා රාත්‍රීයේ සිදුවු මරණය පිලිබඳව උහන පොලිසිය වෙත  තොරතුරු ලැබෙද්දි   08 වනදා දහවල්  දෙකට පමණ වීමෙනි.

නැගෙනහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ මග පෙන්වීමෙන් අම්පාර ජේෂ්ඨ පොලිස්පති අයාෂ කරුණාරත්න, අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක සහ අම්පාර කොට්ඨාශ 02 භාර පොලිස් අධිකාරි ටි. එම්. ජයරත්න  යන නිළධාරින්ගේ මග පෙන්වීමෙන් උහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. ඩි. එන්. කරුණාරත්න  ඇතුලූ නිළධාරින් විසින් පොලිස් පරික්ෂණ ආරම්භ කළහ.

රන්මැණිකා වැටී මිය ගිය ස්ථානයේ විදුලි පේනුවක් ගැලවී තිබිණි. දුටුවනම පෙනෙන්නේ විදුලි සැර වැදීමක් ලෙසය. එහෙත් මේ දුටු දෙයින්ම සිදුව ඇත්තේ විදුලි සැර වැදීමක් නොව මිනී මැරුමක් බව පොලිසියට තහවුරු විය. විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු සිද්ධිය වූ ස්ථානය විමසා විදුලි සැර කාන්දු වීමක් නොමැති බව තහවුරු කළේය. ඒ අනුව පොලිස් නිල   සුනඛ  අංශය ඇඟිලි සළකුණු ලබා ගැනිමේ නිළධාරින් සහ පොලිස්  අපරාධ ස්ථාන විද්‍යාත්මක පරික්ෂා කිරිමේ අංශයේ නිළධාරින් පැමිණ පරික්ෂණ ඇරඹූහ.   අම්පාර අතිරේක මහෙස්ත්‍රාත් හංසදේව සමරදිවාකර ස්ථානීය පරීක්ෂාවක් කර දේහය අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා අම්පාර රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි දුල්ශි අප්පුහාමි   වෙත යොමු කළේය. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී  සිදුව ඇත්තේ මිනිමැරුමක් බව තහවුරු විද්‍යාත්මකව තහවුරු විය.

පොලිසිය පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවීය. කොවිඩ් අතරේ සිදුවූ මෙම මිනී මැරුම පිළිබඳ ඇසින් දුටු සාධක සොයා ගැනීම පහසු නැත. මේ අතර පොලිසියට වෙනස් ආකාරයේ තොරතුරක් ලැබිණි. එනම් රන්මැණිකේ දුරකථන ඇමතුමක සිටි අවස්ථාවක එම ඇමතුමේ සිටියදීම පුද්ගලයෙකු කතා කළ බවත්, ඔහු පැමිණ තිබුණේ ඇගේ කඩයෙන් හදිසියේ යමක් මිලදී ගන්නට බවත්, ඔහු චතුරංග නැමැත්තෙකු බවත් දුරකථනයේ එහා කෙළවරේ සිටි තැනැත්තාට ඇසී තිබීමය.

ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ  පොලිසියට මේ නම සහිතව ගමේ සිටිනා එක්තරා පුද්ගලයෙක් ගැන සැක සිතිනි. ඔහු පෙදරේරුවෙකි. මේ තැනැත්තාට එරෙහිව පවරා තිබූ මත්ද්‍රව්‍ය නඩු 10 කින් 07ක නඩු තවමත්  උසාවියේ  ඇසෙමින් තිබිණි. වසර 6 ට පෙර බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනා ලබා පසුව ඒ තැනැත්තියව විවාහ කරගත් තැනැත්තෙකි.  මුලින්ම පොලිසිය මේ පුද්ගලයාත් ඔහුගේ බිරියත් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගියේය.

මුලින් කිසිම දෙයක් ගැන නොපැවසූවත් පසුව චතුරංග නැමැත්තාගේ බිරිය අපරාධය  හෙළි කිරීම ඇරඹුවාය. ඒ ඔස්සේ ප්‍රශ්න කිරීම ආරම්භ කළ විට අපරාධකාරයාට මුනිවත රකින්නට නොහැකි විය. ඔහු පොලිසිය හමුවේ සියල්ල පාපොච්චාරණය කළේය.

“ මමයි ගෑණියි දෙන්නම තමයි රන්මැණික නැන්දගෙ කඩේට ගියේ. අපි එහෙට ගියෙම මේ මනුස්සය මරල හරි ගෙදර තියන දෙයක් අරන් එන්න. ළමයට අසනීපයි, පැනඩෝල් ගන්න කියලා ගෑණියි මමයි දොර ඇරගත්තා. ඊට පස්සේ උන්දැගෙ බෙල්ල මිරිකුවා. උන්දැ කෑ ගහනකොට මගෙ ගෑණි උන්දැගෙ මූණ කොට්ටෙන් තද කළා.  ඊට පස්සෙ ගෙදර තිබුණු සල්ලි හෙව්වා. පර්ස් එකේ  රුපියල්  හත් සියක් තිබුණා.

ඒක  අරගත්තා.  පුටුව උඩ  බෑග් එකක තිබි තවත් රුපියල් තුන් දහස් තුන් සියයක්  තිබුණා. ඒක ගත්තා.  ෆෝන් දෙක ගත්තා… ගෙදර සල්ලි එකතු කරලා තිබුණු  කැටයක් තිබුණා.  ඒකත් අරන් ෆ්‍රිජ් එක ඇරියා. කුකුළු මස් කැබලි දෙකක් තිබුණා.  එළවලූ තිබුණා. ඒවත් එක්ක හාල් පොල් තෙල් කිරි පිටි වගේ ජාති ටික ඔක්කොම පෝර උරයකට දාලා ගෙනත් රෑම චිකන් හදන් බත් කෑවා.  අම්ම නිදියගෙන හිටියෙ. උන්දැටත් ඇහැරවලා කන්න දුන්නා. “

ඔහු කියාගෙන ගියේය. පොලිස් ප්‍රශ්න කිරීම්වලින් පසු නිවස පසුපස වළ දමා තිබූ රන්මාලය, මුද්ද, සහ ජංගම දුරකථන දෙක සොයා ගත හැකි විය.

අඹූ සැමි යුවළක් එක්ව සිදු කල අපරාධයක  සුල මුල ඒ අකාරයෙන් දින 07 යන්නට මත්තෙන් සොයා ගන්නට පොලිසියට හැකි විය. මේ අපරාධයේ සුලමුල හෙළි වන්නේ කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන අතරය.

උහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. ඩි. එන්. කරුණාරත්න සහ අපරාධ අංශයේ ස්ථානධිපති උ. පො.ප. නිමල් ජයලත්, කාන්තා පොලිස් අංශයේ ස්ථානාධිපති  කා.පො.සැ. ( 5694) ෂර්මිලා ගාල්ලගේ, පොලිස් සැරයන්වරුන් වන (61993) රාජපක්ෂ, ( 39484)  බංඩාර, (76240) චාමර,  පො. සැ.(16067) කුමාරසිංහ සහ පො.කො. රි.( 17789) නිශ්ශංක යන නිළධාරි  අපරාධය හෙළි කරගැනීමට කටයුතු කළහ.

 

Share73Tweet43
Previous Post

අයි.සී.සී. සභාපතිකමට ගංගුලිව ඔසවා තබන මෙහෙයුමක්…

Next Post

යාපනයේ දී පොලිස් නිලධාරියාට කෙටූ අපරාධ කරුවන් කොටු වේ

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.