බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න

by editor
ජනවාරි 31, 2021
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

වර්තමාන ලෝකයේ රැකියා වෙළඳ පොළේදීත් වෙනත් සමාජ අවශ්‍යතාවලදීත් බෙහෙවින් සාකච්ඡා කරන අවධානය යොමු කරන කාරණයක් ලෙස මෘදු කුසලතා හඳුනාගත හැකිය. රැකියාවක් ලබාගැනීම සඳහා පුද්ගලයකු විසින් එකතු කරගන්නා අධ්‍යාපන සහතික තරමටම, සමහර අවස්ථාවල ඊටත් වඩා වැදගත්කමක් මෘදු කුසලතා සඳහා වත්මන් සමාජයේ ලැබෙමින් පවතී.

මෘදු කුසලතා යනු …

දිනෙන් දින තාක්ෂණය හා සන්නිවේදන මගින් හකුළුවනු ලබන ලෝකයක, පුද්ගලයා විසින් සමාජය වෙත පතුරුවා හරින සුබවාදී මානවීය දෘෂ්ඨියේ වපසරිය මැන බැලෙන මිම්ම මෘදු කුසලතා නම් වේ.

සන්නිවේදනය, නිර්මාණශීලී චින්තනය, වැඩ ආචාර ධර්ම, කණ්ඩායම් වැඩ කිරීම, ජාලකරණය, තීරණ ගැනීම, ධනාත්මකභාවය, කාලය කළමනාකරණය, අභිප්‍රේරණය, නම්‍යතාවය, ගැටළු විසඳීම, විවේචනාත්මක චින්තනය සහ ගැටුම් නිරාකරණය කිරීම ප්‍රමුඛ මෘදු කුසලතා ලක්ෂණ ලෙස හඳුනාගත  හැකිය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෘදු කුසලතා පිළිබඳව කතා කරනවිට දෘඪ කුසලතා යනුවෙන්ද යමක් ඇති බව හැඟෙයි. දෘඪ කුසලතා යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයා පාසැලෙන්, උසස් අධ්‍යාපන ආයතන වලින්, පාඨමාලා  සහ වැඩමුළු වලින් ලබාගන්නා  විධිමත් රටාවක අධ්‍යාපනයයි.  පරිගණක වැඩසටහන්කරණය, වෙබ් නිර්මාණකරණය, ටයිප් කිරීම, ගිණුම්කරණය, මූල්‍යකරණය, ලේඛනය, ගණිතය, නීතිමය සහ වෙනත් ප්‍රමාණාත්මක දැනුම දෘඪ කුසලතා වේ. දෘඪ කුසලතා මැන බැලීම සඳහා විවිධ පරිමාණයන් නිර්මාණය කර ඇත. විභාග, ශ්‍රේණි එයට උදාහරණ වේ.

මෘදු කුසලතා යනු සංකල්පමය වශයෙන් භාවමය කාරණයන්ය. එනම් චිත්තවේග සහ ප්‍රජානනය ඇසුරෙන් බාහිරට විදහා දැක්වෙන්නකි. මෘදු කුසලතා ඉගෙන ගත නොහැකි අතර, පාසැලේ පංති කාමරයේදී සිසු සිසුවියන්ට ලබාදීමට අසීරු වඩාත් සංකීර්ණවන චිත්තවේගීය බුද්ධිය සහ සංවේදනයන් ඇතුළත් වේ. එය පහත අයුරින් විග්‍රහ කිරීමෙන් යම් අවබෝධයක් ලැබිය හැකිය.

අප ජීවත්වන්නා වූ  සමාජය තුළ එදිනෙදා ජීවිතයේ දී  මුහුණපෑමට සිදුවන අභියෝග, බලපෑම් සහ දුෂ්කරතාවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, දරාගනිමින් සහ ඔරොත්තු දෙමින් ධනාත්මකව කටයුතු කිරීම උදෙසා අවශ්‍යවන හැකියාවන් මෘදු කුසලතා ලෙස හඳුනාගත හැකිය. ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණදීම උදෙසා මෙම කුසලතා අනිවාර්යයෙන්ම පුද්ගලයෙකු සතුව තිබීම ඉතා වැදගත්ය.

“පුද්ගලයන් අනිච්ඡානුගතව හා පුරුද්දක් ලෙස ප්‍රදර්ශනය කරන  චර්යාවන් හා චරිත ලක්ෂණ මෘදු කුසලතා වේ”

”මෘදු කුසලතා භාවිතයෙන් හා අත්දැකීමෙන් ඉගෙන ගනියි” යනුවෙන් මෘදු කුසලතා නිර්වචනය කෙරේ.

මෘදු කුසලතා යනු පුද්ගලයා සතු පෞද්ගලික ගුණාංග වේ. පෞද්ගලික ගුණාංග යනු පුද්ගලයාටම ආවේණික වූ ඔහුටම අනන්‍ය වූ  පෞරුෂත්වයේ ගති ලක්ෂණ ලෙසද හැඳින්විය හැකිය. මෙම කුසලතා සමාජයේ සුගමව ගලායෑමට, සම්බන්ධතා මානුෂීය පදනමක පිහිටුවීමට අත්‍යාවශ්‍ය වේ. ආවේණික සමාජ ලක්ෂණ සහ දියුණු වෘත්තිකයකුගේ සාර්ථකත්වයට අවශ්‍ය සන්නිවේදන හැකියාවන්ද වේ. පුද්ගලයෙකුගේ අන්‍යෝන්‍ය සබඳතාවන්හිදී පුද්ගලයන් එකිනෙකාට සම්බන්ධවන ආකාරය අනුව මෘදු කුසලතා හඳුනාගත හැකිය.

මෘදු කුසලතා සම්ප්‍රදායික පංති කාමරයකදී ඉගෙන ගැනීම පහසු නැත. මන්දයත් මෙම කුසලතා ආදර්ශයෙන්, අත්දැකීමෙන්, පුහුණුවෙන් ජීවිතයට සමීප වන්නාවූ හැඟීම් ප්‍රමුඛ වූ සන්නිවේදන කුසලතාය. ඒ නිසාම මෙය පුද්ගලයකුගේ ජීවිතයට ඉගැන්වීමට හොඳම කාලය ළමා කාලයයි. ළමා කාලයේ පුද්ගලයා මුහුණ දෙන සමාජානුයෝජන ක්‍රියාවලිය තුළයි.

මෘදු කුසලතා පුද්ගල ජීවිතයට කරනු ලබන යහපත් බලපෑම් නිසා ඔහු සතුටින් දිවි ගෙවන පුද්ගලයකු බවට පත්වේ. ජීවිතයේ අප සොයන වටිනාම හැඟීම සතුට බැවින් ළමාවියේ පටන්ම මෘදු කුසලතා පුහුණුව දරුවකුට ලබාදීම වැදගත්ය.

මෘදු කුසලතා මගින් පුද්ගල ජීවිතයට කරන බලපෑම 

1) පුද්ගලයාට තමාගේ පෞද්ගලික හෝ වෘත්තීය ජීවිතයේ මුහුණදීමට සිදුවන අභියෝග, දුෂ්කරතා සහ ගැටලුවලට  නිරවුල් විසඳුම් සොයාගැනීමට  උපකාරි වේ.

2) අනාගත අපේක්ෂාවන්, ජීවිත අරමුණූ යථාර්ථයක් කරගැනීම සඳහා නිශ්චිත ඉලක්කයක් ඔස්සේ ජීවිතය මෙහෙයවීමට හැකියාව ලැබේ.

3)  කාල කළමණාකරණය සහ ජීවිතයේ වැදගත් කාර්යයන් සැලසුම් කිරීම, කටයුතු කළමනාකරණය, කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රවීණත්වයක් ලැබේ

4) ජීවිතය දෙස සුබවාදීව බලන්නටත් බාධක දුෂ්කරතා හමුවේ නොනැවතී ඉදිරියටම ගමන් කරන්නටත් හැකි වේ.

ලෝකයේ බොහෝ රටවල ප්‍රාථමික අධ්‍යාපන රටාවන් සැකසී ඇත්තේ චර්යා, ආකල්ප සදාචාර පුහුණුවන්ගෙන් සමන්විතවය. සමාජානුයෝජනය ක්‍රියාවලියට යටත්ව බාල කාලයේ හැදෙන දරුවාට විධිමත් අධ්‍යාපනය ලැබදීමට වඩා අන්තර් පුද්ගල සම්බන්ධතාව, ස්වස්ථාව, ආචාරශීලිත්වය, පරිසරය, උරුමය, ඔවුනොවුන්ගේ සමාජ තලවල සංස්කෘතික ප්‍රේක්ෂාව, නීතිය සහ මානව ධර්මතා සම්මිශ්‍රණයෙන් සැකසුනු ඉගැන්වීමක් ළමුන්ට ලැබදෙනු ලැබේ.

ඒ සඳහා විශේෂිත වූ පුහුණුවීම් සහිත ගුරු මඬුල්ලක දායකත්වය සපයාගනු ලැබේ. මෙම සම්මිශ්‍රණය මුලින්ම දරුවාගේ  හැසිරීම සහ  කතාව හැඩගස්සවා එමගින් ලැබෙන අවබෝධයෙන් ප්‍රජානනය හැඩගස්සවනු ලබයි. ඒ සඳහා අවශ්‍ය මානව ආදර්ශයන් දරුවන්ට නිරන්තරයෙන් අත්දකින්නට ලැබෙයි. එවිට දරුවාගේ චින්තනය මානුෂීය ධර්මතා ප්‍රමුඛ කොට සෑදෙයි. ළදරු සහ  ළමා වියේදී ලබාගන්නා අත්දැකීම්, ආදර්ශ පසුකාලීනව පෞරුෂය ගොඩනැංවීම සඳහා පදනම සකසයි.

එමනිසා මව්පියන් තම දරුවන්ගේ මෘදු කුසලතා සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කිරිම ඉතා වැදගත්ය. දරුවාගේ මෘදු කුසලතා සංවර්ධනය කිරීමේ වාසිය පසුකාලයේදී දරුවාට වාසි සහගත තත්වයක් උදාකර දෙයි. ඔහුගේ මෘදු කුසලතා සංවර්ධනය වී තිබීම හේතුවෙන්, පැසැලේදී උසස් අධ්‍යාපනයේදී රැකියාවකදී, වෙනත් සමාජ කටයුතුවලදී ඔහු කැපී පෙනෙන අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට සමත්කම් දක්වයි.

වර්තමාන ලෝකයේ පුද්ගලයන්ගෙන් ඉතාම අවම වෙමින් යන මානව ගුණධර්ම, අන්තර් පුද්ගල සම්බන්ධතා නිසා මුළු මහත් සමාජයම ඇත්තේ විවිධ නොසන්සුන් මටිටම් වලින් වෙළීගෙනය. එමනිසා වෘත්තිකයන්ගේ වෘත්තීය මට්ටම් අභිබවා වැරදි ආකල්ප, වැරදි සන්නිවේදන සහ සම්බන්ධතා ආරම්භ කිරීමේ සහ පවත්වාගෙන යෑමේ අපහසුව, නිවැරදි තීන්දු ගැනීමේ නොහැකියාව ආදී ඍණාත්මක සාධක ඉස්මතු වී ඇත. එවන් පුද්ගලයන් පවුලක, ආයතනයක රටක ප්‍රධානීන් වූ කල්හි එහි ගැලුළුකාරී මෙන්ම විෂමකාරී තත්වයන් හටගෙන අනෙකුත් සාමාජිකයන් ආතතියට පත්වෙයි.

මෙවන් ප්‍රශ්නකාරී වටපිටාවන් සන්සුන් කිරීම පිණිස අද වෘත්තිකයන් අරභයා “මෘදු කුසලතා සංවර්ධනය” නමින් කෙරීගෙන යන වැඩමුළු දේශන පුහුණු වැඩ සටහන් සංඛ්‍යාව අති විශාලය. නමුත් මෘදු කුසලතා චිත්තවේග හැඟීම්, ආකල්ප සහ සදාචාර වටිනාකම් සමග බද්ධව ඇති බැවින් ළමාකාලයේ සමාජානුයෝජනයේ අඩුලුහුඬුකම් ඇතිව උස්මහත්වූ අය  හට පූර්ණ ඵලදායිතාවක් අත්කර ගැනීම දුෂ්කරය.

එමනිසා මෙම මෘදු කුසලතා සංවර්ධනය ඇරඹිය යුත්තේ ළදරු හා ළමාවියේ පටන්මය. මෘදු කුසලතා කිහිපයක් විමසා බලමු.

සන්නිවේදනය

සන්නිවේදනය යනු අදහස් ප්‍රකාශ කිරීම සහ අදහස තේරුම් ගැනීම පමණක් නොවේ. තමාගේ අදහස නිරවුල්ව අනෙකාට වැටෙහෙන සේ ප්‍රකාශ කිරීමත්, ඒ ප්‍රකාශ කරන දෙයට හොඳින් සවන්දීමත් සන්නිවේදනයට ඇතුළත්වේ. එසේම නිවැරදිව කරුණු ප්‍රකාශයත් ග්‍රහණයත් සන්නිවේදනයේ වැදගත් ලක්ෂණයන්ය. මේ නිසා සන්නිවේදනය යනු උසස් කුසලතාවයකි. මෙම උසස් කුසලතාවය අන්‍යයන්ගේ ආකර්ශනයට ලක්වන ආකාරයෙන් ප්‍රකට කරවන්නට පදනම වන්නේ භාෂා දැනුමයි. කවර භාෂාවකින් වුවද සරල සුගම මටසිළුටු බස් වහරක්  අන්තර් පුද්ගල සන්නිවේදනයන් සාර්ථකව කරගෙන යෑමට මහෝපකාරී වේ.

එම ලක්ෂණ සියල්ල අපට දරුවාට පහසුවෙන් පුහුණු කළ හැකිය. බහ තෝරන වියේදීම දරුවාට ප්‍රිය උපදවන වචනයෙන් ඇමතීම, ඔහුට සවන් දීම, නිවැරදි වචන භාවිතය සහ භාවිතා කරන්නට ඉගැන්වීම, ඔහුව හොඳ සවන් දෙන්නෙක් කරවීම, අදාල කාරණයට අනුව කතා කිරීම, හෙළා දැකීම් අවතක්සේරු අවප්‍රමාණ කරන වචන සහ අභිනයෙන් බැහැරවීම, සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් යුතු ආමන්ත්‍රණය පුහුණු කිරීම  ආදිය ළමා වියේදී සිදු කළ හැකිය.

සිරිත් මල්දමේ මේ ගැන අපූරු කවියක් තිබේ

හොඳ දේ සිතු   මත්

සිතු දේ කී        මත්

කී දේ කෙරු    මත්

නොහරී සිරි     මත්

ළමාවියේ දී ඒ අයුරින් සන්නිවේදන ගුණ ඉගෙන ගන්නා දරුවා වැඩිහිටි වියේ දී අන්‍යයන්ට ප්‍රියමනාස පෞරුෂයකින් හෙබිවේ. ඔහු වැනි ප්‍රධානියකු යටතේ කටයුතු කිරීමට අන්‍යයෝ කැමති වෙති. ඔහු වෙත බැඳෙති. ඔහු අන් අය ලවා අවශ්‍ය දේ අයාසයකින් තොරව  කරගනී.

නිර්මාණශීලී චින්තනය

නිර්මාණශීලී චින්තනය සඳහා පාර කැපෙනුයේ දරුවාගේ උපතින් පසු පළමු වසර පහ තුළදීය. සමහරු ආරයෙන්ද සමහර කුසලතා රැගෙන එති. බුද්ධි වර්ධන හසුරු කුසලතාවලට මුල් ළමාවියේදී යොමුකරවනුයේ දරුවාගේ මොළයේ ඇති නැවුම් නියුරෝන සෛල ප්‍රයෝජනයට ගැනීම සඳහාය. වයස අවුරුදු පහ වන විට හැකිතරම් දරුවාට පවුල, පරිසරය තුළින් බුද්ධි සංවර්ධනක්‍රියා මගින්, ආදර්ශ මගින්, අත්දැකීම් මගින් මොළයේ ඇති මෙම නැවුම් නියුරෝන සෛල ප්‍රයෝජනයට ගතයුතු වෙයි. ඉතිරිය  ඉබේම මියයයි.

කතාන්තර, කවි, ගීත ඇසීමට ඉඩ සැලසීම, පරිසර සුන්දරත්වය විඳින්නට ඉඩ ලබාදීම, ක්‍රීඩා කිරීමට ඉඩ ලබාදීම, තමා දුටු ඇසු දේ දරුවාට විසතර කරන්නට අවස්ථාව ලබාදීම, අගය කිරීම, පතපොත කියවන්නට පුහුණු කිරීම, චිත්‍ර ඇඳීම, ඔහුට ඔහුගේම වූ වෙලාවක් වෙන්කර දීම ආදිය මගින් දරුවාගේ නිර්මාණශීලී චින්තනය දියුණු කළ හැකිය.

නිර්මාණශීලී චින්තනයක් ඇති තැනැත්තා  කාර්යයන් ලේසියෙන් පහසුවෙන් කරන්නට දක්ෂවෙනවා පමණක් නොව එම කාර්යය අලංකාරව කරන්නට, ඉදිරිපත් කරන්නටද දක්ෂ වෙයි.  බොහෝ දුරට ඔහුට ආතතිය අඩුවීමට මෙම හැකියාව ඉවහල් වෙයි. දරුවා ළමයෙකු වී ටිකෙන් ටික වැඩෙත්ම ඔහුගේ මෙම හැකියාවන් වර්ධනය වීමට අවශ්‍ය අවස්ථා ඔහුට ලැබේ නම් ඉතා යහපත්ය. වෙසක් කුඩුවක් තනිවම සෑදීම, ගොක්කොල සැරසිල්ලක් හදන්නට හැකිවීම ආදී වයසට ගැලපෙන් මට්ටමේ දක්ෂතා ප්‍රගුණ කරන්නට ඔහුට අවස්ථාව දිය යුතුය.

නිර්මාණශීලී චින්තනය ඇති පුද්ගලයා යමක් අන් අය දකිනවාට වෙනස් අයුරින් දකී. ඒ පුහුණුව බාලවියේදී හටගන්නා අංකුර මගින් සිදුවෙයි.

“කහපාට ඉබ්බෙක් හිටියා

එයාට යාලුවෙක් හිටියා

එයා රෝසපාට ගෙම්ඹෙක්

මේ ගොල්ලො ගමනක් ගියා

මුහුද දිගේ ඇවිදගෙන”

මා වෙතට පැමිණි කුඩා පුතෙකු මට කියූ කතාවක කොටසකි ඒ. නමුත් මේ කතාව අසා සිටින්නට වේලාවක් ඒ මව්පියන්ට තිබුණේ නැත.

මෙබඳු දරුවෝ ලෝකය අලුතෙන් තනති. එමනිසා නිර්මාණශීලී චින්තනයේ මුලික සැලසුම් පුද්ගලයාගේ ළමා කාලයේදී සකස් වෙයි.

ඉහත දැක්වූයේ මෘදු කුසලතාවල ප්‍රධාන ලක්ෂණ දෙකක් පිළිබඳවය. පුද්ගලයාට ඉන් අත්වන වාසි පිළිබඳවය. ඊළඟ ලිපියෙන් තවත් කුසලතා දෙකක් පිළිබඳව දැනගමු.

( මතු සම්බන්ධයි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරාවිද්‍යා උරුමය මතුකිරීමට එරෙහිව ටී.එන්.ඒ. අධිකරණයට යයි…

Next Post

විරෝධතා මැද කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරයට යුද හමුදාපති මුල් ගල තබයි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.