බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න…

 (දෙවන කොටස) ගැටලු නිරාකරණය 

by editor
මාර්තු 10, 2021
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන 

ගැටලු නිරාකරණය  මෘදු කුසලතාවක් වන අතර ඉහළ ප්‍රජානන ශක්‍යතාවක් පෙන්නුම කරන කුසලතා ලක්ෂණයකි. මෙය අදියර කිහිපයකින් සමන්විතය‍. එනම්

  • ගැටලුව හඳුනා ගැනීම,
  • ගැටලුව විග්‍රහ කිරීම ,
  • තමාට ඇති කරන බලපෑම තේරුම් ගැනීම,
  • විසඳුම් අතරින් සුදුසුම විසඳුම තෝරා ගැනීම
  • පසුවිපරම

ගැටලුවක් උද්ගත වූ විට එම ගැටලුවට තමා දන්නා විසඳුම හෝ වෙන අය කළ පිළියම් හෝ ආදේශ නොකිරීම ගැටලු නිරාකරණය පිළිබඳ මනා පරිචයක් ඇති අයගේ ලක්ෂණයයි. එහිදී ගැටලුව කොටස් වශයෙන් වෙන්කර ඒ දෙස බැලීම සමස්තය ලෙස බැලීමට වඩා පහසු වෙයි. ගැටලුව මනාව හඳුනාගැනීමට උපකාරී වෙයි. සමහර අවස්ථාවල කොටස් වශයෙන් බැලිය යුතුද සමස්තයක් වශයෙන් බැලිය යුතුද යන්න පුද්ගලයාට තේරුම් යන්නේ ඔහු තුළ ගැටලු නිරාකරණය පිළිබඳ අත්දැකීම්, පුහුණුව සහ පළපුරුද්ද බහුල වූ තරමටය. එමනිසා ගැටලු නිරාකරණයේදී ඉහත ආකාරයෙන් අදියර වශයෙන් වෙන්කර ගනිමින් විසඳුම් සෙවීම ඵලදායී වෙයි. එවන් අවස්ථාවත අපට විසඳුම් එකකට වඩා වැඩි ගණනක් ලැබිය හැකිය. ඒ අතරින් වඩාත් වාසිදායක විසඳුම කරා යෑමටද අපට හැකිවන්නේ මේ අදියර ඔස්සේ අප ගැටලුව අධ්‍යනය කරන විටදීය.

පහත දක්වා ඇති අයුරින් ගැටලුව දෙස විමර්ශනාත්මකව බැලීමට මෘදුකුසලතා දියුණු කරගත යුතුවෙයි.

ගැටලුව හඳුනා ගැනීම  –

  • ගැටලුවට ආශ්‍රිත සියලු තොරතුරු සොයා රැස් කිරීම 
  • විශ්ලේෂණාත්මක චින්තනය

මෙම රැස්කර ගත් තොරතුරු විශ්ලෙෂණය කරමින් ගැටලුවේ කුමන අවස්ථාවන් අරභයා එම තොරතුරු ආදේශ වේද, එකඟ වේද, ගලපා ගත හැකි වේද, නොගැලපේද, තවත් තොරතුරු අවශ්‍ය වේද යන්න විමසීම් කිරීම මෙහිදී සිදු වේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

කුඩා දරුවන්ට ඔවුන්ට ඇතිවන යම් යම් ගැටලු ඔවුන් විසින්ම හඳුනාගැනීමට ඉඩ හළ යුතුය. අප සිතන්නේ මේ සඳහා විශාල දේවල් කළ යුතුය යන්නය. නැත. ඔහුගේ පාවාහන් ජෝඩුව නිවැරදිව පය ලා ගැනීම මුල් අවදියේ ඔහුට විශාල ගැටලුවකි. එය ගැටලුවක් නොවන බව සිතන දරුවා වම දකුණටත් දකුණ වමටත් පළඳියි. එය ගැටලුවක් වන්නේ අපටය. එය නිවැරදි කරන තුරු අපට ඉවසිල්ලක් නැත. නමුත් එය නිවැරදි නොවන බව ඔහුටම හඳුනාගැනීමට යම් කාලයක් ලබාදී එය නිවැරදි කරගැනීමට ඔහු අනුගමනය කරන පියවර දෙස සන්සුන්ව බලා සිටිය යුතුය. එහිදී ඔහුගේ අහිංසක උත්සහයන් දැක අපට සිනා නැගෙයි. අප ඔහුට තනිවම විසඳා ගැනීමට ඉඩ දෙන සෑම තත්පරයක්ම ඔහුගේ මොළයට අලුත් අත්දැකීමක් එකතු කරනු ලබයි. අනාගතයේ ඔහුට මුහුණදෙන්නටවන ගැටලු සහගත ලෝකයේ පීඩාවකින් තොරව විසඳුම් කරා යෑමට හැකිවන ඉගෙනුම් බීජ ඒ දෙන සෑම තත්පරයක් තුළම දහස් ගණනින් රෝපණය වෙයි. මේ අයුරින් කුඩා දරුවන්ගේ ගැටලු විසඳා දීමට මව්පියන් ඉදිරිපත් නොවී විසඳා ගැනීමට සහයවීම පුරුද්දක් කර ගත යුතුය.

ගැටලුව විග්‍රහ කිරීම

  • පෙර මුහුණදුන් ගැටලුවල අත්දැකීම්
  • අන් අය මුහුණ දුන් අත්දැකීම් වල තොරතුරු

තමාට මුහුණ පෑමට සිදුවූ හෝ තමාට මුහුණ දෙන්නට සිදුවන ගැටලුව විග්‍රහ කිරීමේ හැකියාව පුද්ගලයෙකුට තිබිය යුතුය. ගැටලුවක් මනාකොට විග්‍රහ කළ හැකි තැනැත්තා තමාගේ ගැටලුව මනාකොට හඳුනාගෙන ඇති බව ප්‍රකට කරයි. ඒ සඳහා භාවිතා කළයුතු නිවැරදි භාෂාව, සන්නිවේදන හැකියාව සහ සන්සුන්භාවය ඔහු තුළ අමතර හැකියාවන් ලෙස පැවතීම වැදගත්ය.

දරුවා කුඩා වියේදී ඔහු බහ තෝරන්නට පටන් ගත් තැන පටන් ඔහු තම ශබ්දකෝෂයට වචන රැස්කර ගනී. එහිදී තමා දන්නා සීමිත වචන සංඛ්‍යාවෙන් ඔහු දිගු කතා කියන්නට උත්සහ ගනී. මෙහිදී ඔහුට බාධාකර ඔහු කියන්නට හදන දේ මව්පියන් පවසනු දැකිය හැකිය. දරුවාගේ කතාව කරච්චලයක් ලෙසින් සිතන කාර්යබහුල මව්පියෝ ඔහුගේ විස්තරයට ඇහුම්කන් නොදී දරුවා කියන දෑ නොසලකා හරිති. නමුත් අප කළ යුත්තේ දරුවාට ඔහුගේ අදහස නිවැරදිව අප වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමයි. එය ගැටලුවක් වේවා, කතාන්තරයක් වේවා,  අවශ්‍යතාවයක් වේවා ඔහුගේ අදහස ප්‍රකාශ කරන්නට ඉඩදීම ඉතාම වැදගත්ය. එහිදී ඔහු නිවැරදිව තමාගේ අවශ්‍යතාව අනෙකාට සංනිවේදනය කරන්නට ඉගෙන ගනී. අනෙකාට එය තේරුම් කරදීමට තරම් තමා තමන්ගේ ගැටලුව හඳුනාගෙන ඇති බවත් ක්‍රමයෙන් ඔහු තේරුම් ගනී. ඔහු මුලදී අපට පෙන්වන චිත්‍රය දෝස බහුල විය හැකිය. එහෙත් අප අවධානයෙන් සවන්දිය යුතුය. මන්ද. මේ සිටින්නේ අනාගතයේ සමාජයට පිවිසෙන්නට නියමිත සමාජ සත්වයෙකි. දරුවා යනු ඒ සමාජ සත්වයාගේ දීර්ඝ සමාජානුයෝජන ක්‍රියාවලියට සත්‍රියව මුහුණ දෙමින් ඉගෙන ගනිමින් සිටින්නෙකි. ඒ ඉගෙනුම ලබාදෙන වැඩිහිටියන් හැමවිටම දරුවා කේන්ද්‍ර වූ අවකාශයක සිටිය යුතුය.

තමාට ඇති කරන බලපෑම  –

  • තම ජීවිතයට ඇති කරන බලපෑම තේරුම් ගෙන ඒ සඳහා
  • ක්ෂණිකව විසඳුම් ගතයුතුද
  • කල්දැමිය යුතුද
  • අත්හැරිය යුතුද යන්න පිළිබඳව තීරණයකට ඒම

අප දරුවන් ළමා කාලයේ විවිධ දේවලට යොමු කරනු ලබයි. ක්‍රීඩා සෞන්දර්ය බාලදක්ෂ ආදී විෂය ක්ෂේත්‍ර සඳහා ළමා කාලයේදී ඔහු යොමු කරවයි. මේ සෑම දෙයකින්ම ඔහු ලබන පරිචය තුළ ජීවිතය ඉගෙන ගන්නට දරුවාට අවස්ථාව ලැබෙයි. විශේෂයෙන් බාලදක්ෂයකු වීම මගින් දරුවාට බුද්ධි , ආකල්ප සහ සදාචාර සංවර්ධනයට ඉවහල්වන විශාල පුහුණුවක් දැනුමක් ලැබෙයි. මේ සෑම දෙයක් හරහාම දරුවා ජීවිතය තොරා ගනී. තමාට අවශ්‍ය දේ තබා ගනිමින් අනවශ්‍ය දේ බැහැර කරන්නට ඔහු ඉගෙන ගනී. මේ අවස්ථාවේ මව්පියෝ ඉතාම බුද්ධිමත්ම දරුවා සමග සම්බන්ධවී ඔහුගේ අදහස් සාකච්ඡා කළ යුත්තාහ. ඔහු ඉවතලන්නේ සැබෑවටම අනවශ්‍ය දෙයක්ද? එය පසුව හෝ කරන්නට අදහස් ඇතිද, ඔහු තබා ගන්නේ සැබෑවටම අවශ්‍ය දේද? මේ සංවාදයෙන්ද දරුවාට යමක් ඉගෙන ගත හැකි විය යුතුය. ඔහුට තමාගේ තරමින් තම ජීවිය දෙස බැලීමට මෙම සාකච්ඡාව ප්‍රයෝජනවත් විය යුතුය.

විසඳුම් අතරින් සුදුසුම විසඳුම තෝරා ගැනීම –

මෙම ප්‍රශ්නය තමාට බලපෑමක් ඇති කරන්නේ නම් එයින් ගැලවීමට සියලු විකල්ප විසඳුම් සොයා ගැනීම වැදගත්ය. තම පෙර අත්දැකීම්, අන් අයගේ අත්දැකීම් උපයෝගී කරගත යුතුය.

නිර්මාණශීලී චින්තනය මගින් තමා මෙතෙක් එල්බගෙන සිටින රාමුවෙන් පිටත විසඳුම් වුවද සලකා බැලීම යහපත්ය.

දරුවකුට ගැටලුවක් , අභියෝගයක් හමුවූ විට එම ගැටලුවට විසඳුම් ලෙස විසඳුම් කිහිපයක් හමුවිය හැකිය. එසේම අභියෝගයක් ජයගැනීමට යායුතු මාර්ග කිහිපයක්ම හමුවීමට ඉඩ ඇත. මේ විසඳුම් හා මාර්ග අතුරෙන් තමාට වඩාත් වාසිදායක විසඳුම හෝ මාර්ගය හෝ දරුවාට තෝරාගැනීමට  පමනක් නොව විසඳුම මාර්ග පෙන්වා දීමටද වැඩිහිටියන්ට සහය විය හැකිය. ජීවිත අත්දැකීම් බහුල වැඩිහිටියන් හට දරුවාට ප්‍රායෝගික පැතිකඩ මනාව පෙන්වා දිය හැකිය. අත්හළ යුතු මිතුරන්, පුරුදු, විෂයන් , ආකල්ප ගැන විවෘතව සාකච්ඡා කිරීමට දරුවාට ඉඩදිය යුතු අතර මව්පියන් ඒ සඳහා සූදානම් විය යුතුය. අපගේ ඉතිහාසය, සාහිත්‍ය   ආගමික දර්ශනය තුළ ඇති විසඳුම් සහ අප මුහුණ දුන් මේ සමාන අභියෝග  වලදි අප අනුගමනය කළ විසඳුම් පිළිබඳ සාකච්ඡා කළ හැකිය.

ඒ ඇසුරෙන් දරුවාට ගැටලුවලට මුහුණදීම ජිවිතයේ සාමාන්‍ය ස්වභාවයක් බවත් සෑම ගැටලුවකටම එයට අනන්‍ය වූ විසඳුම් ඇති බවත් අප විසින් ඒවා සොයාගත යුතු බවත් සුදුසු අවස්ථාවේ බාහිර උපකාර ලබාගත් යුතු බවත් තේරුම් ගනී. ඉතාම කුඩා කාලයේ මව්පියන් අපගේ සපත්තුවේ ලේස් පටි ගැටගැසූ මුත් අප එය තනිව කරගන්නට ගත් උත්සාහය සිහිපත් වේ නම් අපට වැරදුණු වාර ගණන අපට මතක් කළ හැකිද? එහෙත් කිසියම් දිනක නිවැරදිව එක්වරම අප එය කළ බව සිහිපත් කරන්න. ටයි පටිය ගැට ගසන්නට සමහරුන්ට තවමත් බැරිවී ඇත්තේ ඇයි කියා ඔබ කවදා හෝ සිතුවාද? එය නීරස, ඔළුවට වදදෙන දෙයක් ලෙස ළමා කාලයේදී  අපේ මොළයට අප යවා ඇති පණිවුඩය මෙන්ම මව්පිය වැඩිහිටියන් වහා ඉදිරිපත්ව අපගේ ගැටලුව නිරාකරණය කර දිම එයට හේතුව බව ඔබ දන්නවාද? එහෙත් ළමා කාලයේ එය අභියෝගයක් කොට සැලකූ අය අද මනාව ටයිපටිය ගැට ගසන බව අප සිතා බලා තිබේද?

තෝරා ගත්  විසඳුම  

  • තමාගේ ගැටලුවට ඇති අදාළත්වය,
  • එහි ඇති වාසි අවාසි,
  • උචිත අනුචිත බව අගැයුමක් කිරීම

සුදුසු විසඳුම් කිහිපයක් ඇති විට සමහර විට තෝරා ගන්නා විසඳුම ඔහුට ගැලපෙන විසඳුම නොවිය හැකිය. අත්දැකීම් මද හෙයින් අවාසි වාසි හැටියට දැකිය හැකිය .නමුත් වැරදිම පවා ජීවිතයට පාඩම් ගෙන දෙන බව වැඩිහිටියන් දරුවාට පෙන්වා දීමට මේ මොහොතේ  මැදිහත් වීම ඉතා වටිනේය. එම මැදිහත්වීමද අවස්ථාව බලා සුදුසු අයුරින් කළ යුතුය. නිසි අයුරින් දරුවාගේ ජීවිතයේ ඉඩකඩ ලබා ඇති දෙමව්පියන් විසින් කරන මෙබඳු මැදිහත්වීම්වලට දරුවන් කෙදිනකවත් විරෝධ්‍ය පාන්නේ නැත.

විසඳුම            

  • නීත්‍යානුකූලභාවය ,
  • අනුගමනය කිරීමේ පහසුව,
  • සදාචාර සම්පන්න බව
  • සංස්කෘතියට ගැලපීම ඉතා වැදගත්ය

ස්වයං අවබෝධය,  සහකම්පනය, විශ්ලේෂාණාත්මක චින්තනය සහ නිර්මාණශීලි චින්තනය උපයෝගී කර ගැනීමද වැදගත්ය

සෑමවිටම දරුවාට ගැටලුවලට විසඳුම් සොයන විට කුඩාකාලයේදී පවුලේ සිරිත් විරිත් ආචාරධර්ම, සමාජ ධර්මතා සහ සංස්කෘතිය පිළිබඳ සැලකිළීමත් විය යුතුය. “ දරුවාට තමාගේ සංස්කෘතික ප්‍රේක්ෂාවෙන් බැහැර වූ කිසිවක් ඉගැන්විය යුතු නැත” යි ශ්‍රේෂඨ ළමා මනෝ විදඥයෙකු වූ ලීව් විගොට්සි පෙන්වා දී ඇති. සමාජ පරිහානියට හේතුවන බොහෝ දේවල් අප විසාන් දරුවාට ලබා දේන්නේ ඔහුට නොතේරෙන අවධියේදීය. දරුවා නොතේරුම් කම නිසා එය බාරගත්තද ක්‍රමයෙන් වැඩෙනවිට මව්පියන් දුන්දේ බැවින් එය නිවැරදියැයි සිතා අත්හරින්නට අකමැති වෙයි. මත්වතුර මත්ද්‍රව්‍ය වෙළඳුන් තම දරුවන්ට එම ව්‍යාපාර පසුකාලීනව පවරන අයුරු බලන්න. දරුවන්ටද එය පිළිබඳ වැරදි හැඟීමක් නැති. එහි ඇති අනිටු ඵලවිපාක පිළිබඳ වගවිය යුතුබවට සිතුවිලි මාත්‍රයක් ඔශූට නැති. ඒ වෙනුවට ඇත්තේ ලෙහෙසියෙන්ම මුදල් ඉපැයිය හැකි ලාබදායී ව්‍යාපාරයක් බවය.

එමනිසා අපට දරුවන් හැඩගැස්වීවමට ලැබෙන හොඳම අවස්ථා එන්නේ දරුවන්ට ගැටලුවක් අභියෝගයක් එල්ල වූ විටය. එසේම එකම ගැටලුව නැවත් නැවත් පැමිණෙන විට අප වෙතට දුව එන්නට සිදු නොවන සේ දරුවන්ට මග පෙන්විය යුතුය. තෝරා ගැනීම ඔහුට බාර දිය යුතුය. ඒ තෝරාගත්දේ පිළිබඳ වගකීම ඔහුට පැවරිය යුතුය. එවිට එහි හොඳ නරක දෙකෙහිම ප්‍රථිඵලවල ගෞරවය ඔහුට අයත්ය. එමනිසා ඹහු වඩාත් සුපරීක්ෂාකාරී වෙයි. මන්ද දරුවන් ස්වභාවයෙන්ම අගය කිරීම් ප්‍රශංසා කිරීම ලබනු කැමැත්තෝය. එයම උපයෝගී කරගනිමින් ඉහත පෙන්වා ඇති විසඳුම තුළ තිබිය යුතු සීමා මායිම් පෙන්වා දිය හැකිය

පසු විපරම

  • ප්‍රතිඵලය ඇගයුමක් කරන්න.
  • ප්‍රශ්නය තමා බලාපොරොත්තු වූ අයුරින් විසඳුනිද, නැතිද,
  • මගහැරුනේ මොනවාද යන්න.
  • ජීවිතයේ සෑම ගැටලුවකදීම අප බලාපොරොත්තු වන පූර්ණ විසඳුම නොලැබෙන බව

යමක් කළ පසු පසු විපරමක් අගැයීමක් සිදු කිරීම මගින් අපට ජීවිතයේ පසුකාලීනව එන ගැටලු අභියෝගවලට මනාකොට මුහුණ දිය හැකිය. සිදුවූ වැරදි අඩුපාඩු පාඩමක් කොටගෙන ඉදිරි කටයුතුවලදී වඩාත් ප්‍රශස්ත ලෙස කටයුතු කළ හැකිය.

දරුවාට මෙම පාඩම කියාදීම වැදගත්ය. “ඔබට මෙය සිදුවූයේ එදා ඔබ මේ පිළිබඳව දැක්වූ අඩු සැලකිල්ල නිසා බව ඔහුට තේරුම් කරදිය යුතුය.” ඔබ මේ සම්බන්ධව සැලකිලිමත්වීම වැඩි කළහොත් ඔබට අපහසුවකින් තොරව මේ කඩඉම ජයගත හැකිය”. යනුවෙන් පෙන්වාදිය හැකිය. කණ්ඩායමක් සමග එක්ව කටයුතු කිරීමට, නායකත්වයට අවනත නොවීමට, පොදු තීරණවලට එකඟ නොවීමට දරුවන් දක්වන දුර්වලතා  නිවැරදි කරගැනීමට මෙම පසුවිපරම විශාල සහයක් ලබා දෙයි.

මේ අයුරින් බලනවිට වැඩිහිටිවියේදී අප මෘදු කුසලතා ඉගෙනීම සඳහා ළමාවියේ දී ඒ සංකල්ප අප තුළ ඇතිකරගෙන තිබිය යුතු බව පැහැදිලිය. සංකල්ප චින්තය වූ කල්හි වැඩිහිටි වියේදී අමුතුවෙන් උගත යුතු මෘදු කුසලතාවන් නැති බවත් නිතැනින්ම ඔහු මෘදු කුසලතා ඇත්තකු වන බවත් ඔබට තේරුම් යෑමට මෙම ලිපි උපකාරී වෙන්නට ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරුණිකා අත්අඩංගුවට ගන්න වරෙන්තු

Next Post

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුදැයි මහජන ආරක්ෂක ඇමති හෙළි කරයි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.