බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

මනෝ උපදේශනය මේ සමාජයට අත්‍යාවශ්‍ය ඇයි?  කරුණු 14ක්

by editor
සැප්තැම්බර් 11, 2021
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන – 
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

සෞඛ්‍ය සම්පන්න බව මානව ප්‍රජාවගේ පැවැත්ම තහවුරු කරන්නා වූ තීරණාත්මක සාධකයකි. රටක සංවර්ධනය මැනීමේදී සෞඛ්‍ය පිළිබඳ දර්ශකවලට ප්‍රමුඛත්වය ලැබෙයි.

වර්තමානයේ  සෞඛ්‍යය පිළිබඳ කතා කරන බොහෝ අවස්ථාවලදී මානසික සෞඛ්‍යයට ප්‍රබල ස්ථානයක් හිමිවේ. මානසික සෞඛ්‍යය යනු මානසික රෝග නොමැතිව ජීවත්වීමට වඩා ඔබ්බට ගිය පුළුල් පැතුරුනු විද්‍යාත්මක සංකල්ප න්‍යාය හා ක්‍රමශිල්ප මගින් විෂයානුකූලව අධ්‍යයනය කර සමාජයේ යහපැවැත්මට ලබාදුන් දෙයකි.

මානසික සෞඛ්‍යය පුද්ගලයින්ටද පවුල්වලටද ප්‍රජාවටද අත්‍යාවශ්‍ය වූවකි. මානසික සෞඛ්‍යය රඳා පවතින්නේ සමාජ, ආර්ථික හා පාරිසරික සාධක මතය. පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය ඒ පුද්ගලයාට පමණක් නොව පවුලටත්, ප්‍රජාවටත් බලපාන බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය මානසික සෞඛ්‍යය  කරුණු 5ක් යටතේ අර්ථ දක්වා ඇත.

එනම් :-

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

1) යහපැවැත්ම   – State of Well being

2) දෛනික ජීවිතයේ මුහුණ දෙන සාමාන්‍ය ආතතීන්ට හා පීඩාවන්ට ඔරොත්තු දීමට ඇති හැකියාව – Ability to cope with normal stress of life

3) ඵලදායී සහ වැඩදායී පුද්ගලයකු වීම –     To become productive and fruitful                                                                                            

4) ප්‍රජාවට යමක් දායාද කිරීමේ හැකියාව –    Ability to make a contribution to the community

5) පුද්ගලයකු සතු කුසලතා සහ දක්ෂතා හඳුනාගැනීම Identifying a person’s talents and skills

ඉහත තත්වයන්ට වඩා වෙනස් ආකාරයේ මානසික තත්වයන් ඇති පුද්ගලයන් සමාජයක සිටීම, ආයතනයක, පාසැලක, රෝහලක, කර්මාන්ත ශාලාවක හෝ කුමන හෝ වෘත්තියක, සේවාවක සිටීම එම සේවාවටත්, සේවාව ලබන්නාටත් පූර්ණ සන්තුෂ්ටියක් ගෙන දෙන්නක් නොවේ.

ලෝකයේ තත්වය –

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව සෑම පවුල් හතරකින් එක් අයෙක් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයකු සිටින බව සොයා ගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවර්ධන ඇස්තමේන්තු අනුව මානසික රෝග වලින් පෙළෙන සංඛ්‍යාව මිලියන 450කි. එම මිලියන 450න් මිලියන 150ක්ම විශාදය නැමැති මානසික රෝගයෙන් පෙළෙයි.

ක්‍රිව: 2025 දී මේ සංඛ්‍යාව දෙගුණ වන බව ඔවුහු අනතුරු අඟවති. ඊට අමතරව මිලියන 50ක් අපස්මාරයෙන්ද, මිලියන 24ක් භින්නෝන්මාදයෙන්ද පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සෑම වසරකම මිලියනයක් දිවි නසාගන්නා අතර මිලියන 10 – 20 ක් අතර කොටසක් දිවිනසා ගැනීමට තැත් කරති. එම සංඛ්‍යාවෙන්ද හරි අඩක් විශාදයෙන් පෙළෙයි.

මේ තත්වය රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. පුද්ගලයාගේ උපරිම ඵලදායීතාව රටට ලබාගැනීමට බාධා පමුණුවයි.  මානසික සෞඛ්‍යය පිරිහුණු හෝ අර්බූදයකට ලක්වූ පුද්ගලයකුගේ කාර්යක්ෂමතාවය පහළ බැසීමෙන් ආයතන ප්‍රගතියට බලපෑම් එල්ල කරයි. එසේම එම පුද්ගලයා නිසා ඔහුගේ පවුලේ අය ආතතියට පත්වෙයි. පවුලේ සාමාජිකයන් ආතතියට පත්වීම නිසා ඔවුන්ගේ චර්යා ලක්ෂණ වෙනසකට භාජනය වීමෙන් එම ඍණාත්මක වෙනස්කම් ආතතියට පත්වූ ප්‍රද්ගලයා කෙරෙහි යොමුවෙයි. එවිට පවුල් පරිසරය ඔහුට මෙන්ම ඔහුගේ වෘත්තියට නැවත බලපෑම් කරයි. මේ අනුව පුද්ගල මානසික සෞඛ්‍ය පිරිහීම විෂම චක්‍රයක් සේ ක්‍රියාත්මක වෙයි.

මනෝ උපදේශනයෙන් පුද්ගලයාට ආතතියකින් තොරව ඔහු සතු කුසලතා, සම්පත්, පිළිබඳ අවබෝධය ඇති කරමින් ඔහුගේ තත්වයට ගැලපෙන අපේක්ෂාවන් සමග ජීවිතය කළමණාකරණය කරගනිමින්  පවත්වා ගැනීමට ධනාත්මක ආකල්ප වර්ධනය කරගනිමින් දියුණුව කරා යෑමට අවශ්‍ය මානසික තල්ලුව ලබාදෙයි.

මනෝ උපදේශනය, සතුටින් ජීවත්වීමේ වටිනාකම පුද්ගලයකු විසින් තමාම සොයා ගැනීමට උපකාරී වන සහය සේවාවක් ලෙස හැඳින්වීම ඉතා නිවැරදිය.

මනෝ උපදේශනය යනු කුමක්ද?

මනෝ උපදේශනය ලෝකයේ දියුණු රාජ්‍යයන්හි  ඉතා ගරු කටයුතු සේවාවක් බවට පත්වී ඇත. මනෝ විද්‍යාවේ උපවිෂයක් වන උපදේශන මනෝ විද්‍යාව න්‍යායන් චිකිත්සා සහ ක්‍රමශිල්පවලින් සමන්විත අතර  අනෙකුත් පිළිගත්  සෑම වෘත්තියක් මෙන්ම ආචාර ධර්ම පද්ධතියකින්ද සමන්විත වී ඇත. ආචාර ධර්ම පද්ධතියක් යම් වෘත්තියකට ඇති කල්හි එම වෘත්තිය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගැනෙන සම්මතයන්ගෙන් පූරණය වෙයි.

සේවාලාභියාගේ ජීවිතයේ සිදුවන ඕනෑම දෙයක් පිළිබඳව ගවේෂණය කිරීමට සහ කළමණාකරය කිරීමට උපදේශනය සහය වෙයි. එය සේවාලාභියාට තීරණයක් ගැනීමට අපහසු හෝ දිගින් දිගටම කල්පනා කිරීම අවශ්‍ය වන ඔහුට මානසිකව වදදෙන හෝ  ඔහුගේ මහත් සැලකිල්ලට භාජනය වන යමක් විය හැකිය.

දුෂ්කර අවස්ථා පසුකරමින් , ජීවිතය පිළිබඳ ප්‍රීතිදායක සහ ඵලදායී අත්දැකීම් ලබා ගැනීමට යොමු කෙරෙන අවස්ථාවක් ලබාදීම සඳහා උපදේශකයකු  සහය වීම උපදේශනය වේ. එහිදී සේවාලාභියාගේ සාරධර්ම, පුද්ගල සම්පත් සහ තෝරා ගැනීම් කිරීමේ හැකියාවන්ට ගරු කරන ආත්ම ගවේෂණය සඳහා පහසුකම් සැපයීම උපදේශකයකුගේ භූමිකාව වේ. අවවාද උපදෙස් දීම වෙනුවට ගැටලුව විසඳා ගැනීමට සහය වීම උපදේශනයේ ස්වභාවයයි. වඩාත් සුදුසු විසඳුම තෝරා ගැනීමේ නිදහස සේවා ලාභියාට පැවරෙයි.

වර්තමානයේ මනෝ උපදේශනය අත්‍යාවශ්‍යවීම සඳහා බලපාන කරුණු රාශියකි. එයින් වැදගත් කරුණු පහත ආකාරයෙන් පෙන්වා දිය හැකිය.

1)  මනෝ විද්‍යාත්මකව පුද්ගලයකු පරිණත වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක ගැටලුවලට ඔහුට මුහුණ පෑමට සිදුවීම.

2)  මාතෘක විහීනතාව හෙවත් දරුවකුට මවගේ ආදරය උණූසුම අවධානය සහ රැකවරණය නිසි ලෙස නොලැබීම. මව වැඩ ලෝකයට පිවිසීම හේතුවෙන් මේ තත්වය වර්ධනය වෙමින් පවතී. පුද්ගල පෞරුෂ සංවර්ධනයට පවුලෙන් ලැබිය යුතු  සහය යෑම මව්වරු රැකියා කිරීම නිසා  ක්‍රමයෙන් අඩුවීම. සාරධර්ම, සිරිත්විරිත්, සමාජ ධර්මතා, නායකත්වය, සහයෝගීතාවය, එඩිතරබව,සමාජශීලීබව වැනි ගුණාංග පවුල තුළින් දරුවාට නොලැබීම. අර්ධ ලෙස සමාජානුයෝජනයට පත් දරුවකු සමාජගත වීම.

3) පොදුභාවය අහෝසීවී පෞද්ගලිකත්ව ඉස්මතුවීම – මෙයට හේතුව අප සමාජයේ තිබූ විස්තෘත පවුල් ක්‍රමය අභාවයට ගොස් න්‍යෂ්ටික පවුල් ක්‍රමය ඉස්මතුවීමයි.

4)  කාර්මික සමාජය සහ තාක්ෂණික මෙවලම් නිසා සමාජය වේගයෙන් සංකීර්ණ වීම. අප රට වැනි කුඩා රටවලට දැඩි ලෙස බලපෑම් ඇතිකරන ගෝලීයකරණය, නිදහස් ව්‍යවසායකත්වය පැතීරීම නිසා  සහයෝගීතාව සහජීවනය පෙරදැරිව සිටි අප සමාජය ආත්මාර්ථය මුල්කරගත් අභිමතාර්ථ ඇති සමාජයක් බවට පරිවර්තනය වී මිනිසා හුදකලා වීම.

5) නව යොවුන්වියේ දරුවන්ට ලැබිය යුතු විධිමත් ලිංගික අධ්‍යාපනය සහ අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශනය නිසි පරිදි නොලැබීම

6)   සුරාව සහ මත්ද්‍රව්‍යවලට යොමුවන්නන්ගේ සංඛ්‍යාව වර්ධනයවීම. සුරාවට මත්පැනට සේම ජංගම දුරකථනයට, රූපවාහිනියට, පරිගනකයට සහ විවිධ අපචාරයන්ට ඇබ්බැහිවන්නන්ගේ ප්‍රමාණය වැඩිවීම

7)  වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනයවීම. බොහෝ දරුවන් විදෙස් රටවලට සංක්‍රමණයවීම නිසා මහළු මව්පියන් හුදකලාවීමෙන් ඇතීවී තිබෙන මනෝ සමාජීය ගැටළු.

8) ත්‍රස්තවාද , වාර්ගික අර්බූද, යුද ගැටුම් නිසා අනාථවන, වැන්දඹු වන, ආබාධිත වන පුද්ගලයන් සමාජයේ සැලකිය යුතු ප්‍රතිශතයක් දැරීම.

9)  ළමා සහ ස්ත්‍රී  ලිංගික අපයෝජන, මන්දපෝෂණය, පවුල් අවුල්, ගෘහස්ථ හිංසනය, දික්කසාද, ස්ත්‍රී දූෂණ, මිනිමැරුම්, සියදවිනසා ගැනීම්, අවිවාහක මාතෘත්වය, කොන්කිරීම්, වෙනස්කොට සැලකීම්, දරිද්‍රතාව, සම්පත් බෙදී යෑමේ විෂමතා සහ ආදායම් විෂමතා නිසා ඇතිවී තිබෙන ගැටළු.

10)  අධ්‍යාපන ගැටළු – රැකියා වෙළඳ පොළට ගැලපෙන සේ අධයාපනය සකස් නොවීම, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්, ක්‍රීඩා, රසවින්දනයට පාසැල් විෂයමාලාවෙන් ප්‍රමුඛතාව ලබා නොදීම, විභාග කේන්ද්‍රිය අධ්‍යාපනය, විෂය නිර්දේශ විශාලවීම, සිසු අසහනය.

11)  බෝ නොවන රෝග වර්ධනය සීඝ්‍රවීම. පිළිකා සහ ඒඩ්ස් වැනි මාරාන්තික රොග් වැළදුන රෝගීන්ට සහ එම රෝගීන්ගේ පවුල්වලට ඇතිවන මනෝ සමාජීය ගැටළු.

12)  වැඩ ලෝකය තුල ඇතිවී තිබෙන ගැටළු. – පැරණි ශ්‍රමිකයන්ට නව තාක්ෂණික මෙවලම් සමග සහ තරුණ පුහුණු ශ්‍රමිකයන් සමග කරට කර වැඩ කිරීමේ අපහසුව, ඔවුන් අතර ඇති ආකල්පමය නොගැලපීම්, සේවකයන් නිසි පරිදි විවේක නොගන්වන කළමණාකාරිත්වය, වැටුප් විෂමතා, තරගකාරිත්වය,

13) පුද්ගල පැතුම් තළය සහ අත්පත්කරගෙන ඇති තත්වයන් අතර පරතරය විශාල වීම

14) ප්‍රතිකාර ලබන ප්‍රබල මානසික රෝග සහිත  මානසික රෝගීන් පවුලේ සිටීම නිසා ඇතිකරන පීඩා

ඉහත දක්වන ලද හේතු නිසා පුද්ගලයන් පෙළෙන මානසික පීඩාවන් සෘජුවම එම පුද්ගලයාගේ පවුලටත් ඔහුගේ රැකියාවටත් අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. ඔහුගේ ඵලදායිතාවය පහළ බසී. ඔහුගේ අන්තර් පුද්ගල සබදතා දුර්වල වෙයි. සුපුරදු දෛනික කටයුතු සහ පුද්ගල ස්වභාවයෙන් බැහැර වෙයි. කෝපය, ප්‍රචණ්ඩත්වය, හානිකර තීරණ සහ ක්‍රියාවන්ට පෙළැඹීම් ඇතිවෙයි. සෘණාත්මක හැගීම් සහ ආවේග බහුල වෙයි. කිසියම් අවස්ථාවක සියදිවි නසා ගැනීමට හෝ වෙනත් අයකු නසා දැමීමටද  පෙළැඹීමට ඉඩ ඇත.

මෙවන් පුද්ගලයින් උපදේශනයට යොමු වීමෙන් හෝ යොමු කිරීමෙන් ඔවුන්ගේ මානසික පීඩා ඉතා ප්‍රශස්ත මට්ටමකින් අඩුකර ධනාත්මක ආකල්ප සංවර්ධනය කර පවුලට, සමාජයට සහ වැඩ ලෝකයට ඔබින යහපැවැත්මක් ඇති කර සංහිදියාවක් ඇති කිරීමට හැකියාව ලැබෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාතට දෙන එන්නත ගැන තීන්දුව ගන්නා අය ගැන මහාචාර්ය තිස්ස විතාරණ කියයි

Next Post

තවත් කුඩු කිලෝ 150ක් අල්ලයි!

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.