අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රැළි පිට රැළි නගන කොරෝනා අර්බුදය මැද දකුණු කොරියාව

by editor
ජූනි 11, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි-

සොවුල් නුවර සිට-

කොරෝනා වෛරසය සොයාගැණුන මුල් අවධියේ, චීනයට පසු වැඩියෙන්ම පීඩාවට පත් රට දකුණු කොරියාවයි. දිනකට අලුතින් හඳුනා ගැණුන ආසාදිතයන් සංඛ්‍යාව 500කට වැඩි වූ 1000ට අඩු වූ අවස්ථාද තිබිණ.
නමුත් දකුණු කොරියාව කොරෝනා මාරයාව පරාජය කරමින්ම සිටියි. දෛනික කටයුතු අඩාල වී තිබූ තේගු නගරය දැන් යළිත් පෙර සේමය. නවතා දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන සේවය (තෙක්පේ) හා නගරාන්තර පොදු ප්‍රවාහන සේවා දැන් නැවත කටයුතු අරඹා තිබේ.

දෙවැනි රැල්ල
එක් දිනකට අලුතින් හඳුනාගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව තනි ඉලක්කමේ අගයක් වන ගානට අඩුවෙමින් තිබියදී, එක්වනම් දකුණු කොරියාවේ අන්තර්ජාලය හරහා පාරිභෝගික භාණ්ඩ වෙළදාම් කරනු ලබන ‘කූපන්’ නැමැති සැපයුම්කාර ආයතනයෙහි සේවකයන් කිහිපදෙනෙකුට වෛරසය ආසාදනය වූ බැව්  සොයාගැණින. එමෙන්ම සොවුල් නුවරට නුදුරු ඉතෙවොන් නගරයෙන්ද එකවර ආසාදිතයන් ප්‍රමාණයක් සොයා ගැණින. ඒත් සමඟම තනි ඉලක්කමේ ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉලක්කම් දෙකකට ඉහළ නැංවිණි.
හරියටම සති දෙකකට ඉහතදී මේ බැව් සියලූම මාධ්‍යයන් ඔස්සේ ජනතාව වෙත දැනුවත් කළ අතර ‘කූපන්’ බූචොන් ශාඛා කාර්යාලය වෙතින් භාණ්ඩ ඇනවුම් කර ගෙන්වාගත් පාරිභෝගික භවතුන් විශේෂ රෝග සායනයකට බඳුන් වෙන්නැයි රජය ඉල්ලීමක් කර තිබේ.  ඒ අනුව කළ පරීක්ෂාකිරීම් වල දී සැළකිය යුතු මට්ටමින් කොරෝනා ආසාදිතයන් පිරිසක් සොයාගැනීමට හැකි වී තිබේ.
විදේශිකයන් අතර බොහෝසෙයින් ජනප්‍රිය ඉතෙවොන් නගරය නොනිදන නගරයක් වේ. පහුගියදා මෙම නගරයෙන් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම නිසා මෙම නගරයේ රාත්‍රී සමාජශාලා, බීරහල්, ආපනශාලා, සවුනා හා පිහිනුම් තටාක ආදිය නැවත දැනුම්දෙන තුරු වසා දැමිණ. මෙහිදී වාර්තා වූ ආසාදිතයන් අතර වැඩිමනක් සිටියේ විදේශිකයන්ය. රාත්‍රී සමාජශාලා පරිහරණය කොට වෙනත් ප්‍රදේශවලට බැහැර වූ විදේශිකයන් ගැන තවමත් හෝඩුවාවක් නැති අතර ඉදිරියේ දී තවත් ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ.
අවසන් සති දෙක තුළ හදුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 604 දෙනෙක් වන අතර ඉන් බහුතරය සොවුල් අගනගරය ප්‍රමුඛ ක්යොංගි පළාතෙන් හමුවීම විශේෂත්වයකි. ඒ අනුව සොවුල් අගනුවරින් 139, ඉතෙවොන් නගරයෙන් 277, කූපන්- බූචොන් ශාඛාව මගින් 68ක් හා එක්තරා කායවර්ධන මධ්‍යස්ථානයකින් 51ක් ලෙස  දැක්විය හැක.
දැනට දකුණු කොරියාව තුළ හඳුනාගෙන සිටින ආසාදිතයන්ගේ සමස්ත එකතුව 11,902කි. ඉන් 10,611 දෙනෙක් සුවය ලබා ඇති අතර 276 දෙනෙකු මරණයට පත් වී තිබේ. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 1015 දෙනෙකි. ඉන් 15 දෙනෙක්ද අසාධ්‍ය මට්ටමෙහිය. නමුදු සති දෙකකට පෙර ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් පන්සිය ගණනකි. කොරෝනා පළමුවර රැල්ල නැංවීමට ක්‍රිස්තියානි පල්ලියක් මුල් වූවා සේම දෙවනවර රැල්ලට කූපන් සේවාව මුල් වී තිබේ.

ලෙඩේට ඇති බය නැතිව ගිහින්
නමුත් කොරියානු වැසියන් පළමු රැල්ලට දැක්වූ තරම් බියක් දෙවන රැල්ලට දක්වතැයි පෙනෙන්නට නැත. ගිය වර සම්පූර්ණයෙන් වසා දැමූ පාසල් දැන් ව්‍යාප්තිය අඩු පළාත් අනුව විවෘත කර තිබේ. නමුත් ඩෙස්ක් පුටු අතර පවත්වා ගතයුතු අවම පරතරයක් හා පිළිපැදිය යුතු දැඩි නීති මාලාවක් මත මේ සියලු දෑ සිදු කෙරේ. තවමත් පුස්තකාල හා ප්‍රසිද්ධ ශාලා ආදිය සම්පූර්ණයෙන්ම කටයුතු ආරම්භ කර නොමැති අතර සෙනඟ ගැවසෙන ආකාරයේ රජයේ ආයතන හා කාර්යාල වසා දමා ඇත.
එසේම ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොල සම්පූර්ණයෙන්ම වැඩ අරඹා ඇති බවක් පෙනෙන්නට නැත. සමහර ගුවන් සමාගම්වලින් සතියකට එක් යානය බැගින් පියාසර කරන අතර අත්‍යාවශ්‍යම රටවල් කිහිපයකට පමණක් ගුවන් ගමන් යොදවා තිබේ. මේ තත්වය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්වන්නේ අගෝස්තු මාසයේ බවයි බලධාරීන් පවසන්නේ.
කොරියාවෙන් ලංකාවට මාස කිහිපයකින් එක ගුවන් යානයක් හෝ ගමන් කර නැති අතර මේ නිසා වීසා කාලය අවසන් වූ ශ්‍රී ලාංකිකයෝ සිය ගණනක් මව්බිමට යා ගත නොහැකිව කොරියාව තුළ සිරවී සිටිති.
ප්‍රධාන රෝහල් සියල්ල තවමත් මාස ගණනකට ඉහතදී අනුගමනය කළ දැඩි නීති පිළිවෙත් එලෙසින්ම පවත්වාගෙන යනු ලැබේ. සමහර රෝහල්වලට ඇතුළු වීමට පෙර පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම අනිවාර්ය කර තිබේ. සාමාන්‍යයෙන් කොරියාවේ සියලුම ආයතනවලින් මොනයම්ම හෝ ප්‍රමාණයකට තම පාරිභෝගිකයා හෝ අමුත්තා පරීක්ෂා කර බැලීම සාමාන්‍ය දෛනික ක්‍රියාවක් බවට පත්ව තිබේ.
ව්‍යාප්තිය වැළැක්වීම සදහා ප්‍රජාව මෙහෙයවීම, රජයේ න්‍යායපත්‍රය වුවද බහුතරයක් කොරියානුවන්ගේ එම උත්සාහය මේ වනවිට නාස්ති වී ඇති බව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුං ස්යේ ක්යුං මහතා ප්‍රකාශ කර තිබේ. ඊට හේතුව බදාදා දිනයේදී ආසාදිතයන් 50ක් අලුතින් සොයාගැනීම වියහැකියි. ඒ අතරින් 43 දෙනෙකු ස්වදේශිකයන් හා 7 දෙනෙක් විදේශිකයන් වන බව වාර්තා වේ.

ලාංකිකයනුත් පෙළන රැකියා අර්බුදය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොරෝනා ව්‍යසනය හේතු කරගෙන දකුණු කොරියාව තුළ හටගත් රැකියා අර්බුදයට තවමත් එහෙම් පිටින්ම විසඳුම් ලැබී නැත. ආර්ථික වශයෙන් පීඩාවට පත් ජනතාවට යම් යම් සහන සැපයීමට සමහර ප්‍රදේශවල පාලනාධිකාරීන් කටයුතු කර තිබූ අතර හඳුනාගනු ලැබූ අවස්ථාවෙ සිට සියලු ආසාදිතයන් සුවය ලබන තෙක් රජය විසින් ප්‍රතිකාර වියදම් දරනු ලැබේ.
එමෙන්ම මේ දිනවල දකුණු කොරියාවේ පවතින උණුසුම් දේශගුණය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු ක්‍රියාකාරී සෞඛ්‍ය කාර්යාංශවලට තම කටයුතු කරගැනීමට විශාල බාධාවක් වී තිබේ. පහුගිය සතිය පුරාවටම සෙල්සියස් අංශක 30ට ආසන්න උෂ්ණත්වයක් පැවතීම නිසා ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් වැසුණු එම කාර්ය මණ්ඩල පණපිටින් තැම්බෙන ජීවින් මෙන් වේදනා විදින්නට සිදුව තිබේ. තවද ඔවුන්ට සමේ රෝග ඇතිවීමේ අවදානමක්ද මේ වනවිට උද්ගත වී ඇත.
මේ සියල්ල සමඟින් කොරියාව කොරෝනා අභියෝගයට මුහුණ දෙන ආකාරය විශිෂ්ටය.

 

 

Tags: නවතම
Share209Tweet43
Previous Post

තරග අතර ෆ්ලොයිඩ් ඝාතනය ගැන සංකේතාත්මක විරෝධයට අයි.සී.සී.යේ ඉඩ

Next Post

උද්ඝෝෂණය මඩින්න ගිය පොලිසියේ 30 නිරෝධායනයේ…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.