බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රතුමුහුදේ අත්හැර දැමූ මිනිස්සු ලංකාසරට කතා කරති.

ආවෙ සමුද්‍රාරක්ෂක සේවයට... ඒත් වැටුප් නෑ,.. කෑම නෑ... යාත්‍රාව ප්‍රතිසංස්කරණය කළ ට්‍රෝලර් එකක්... 8ක් ඉන්න යාත්‍රාවේ 180ක් ඉනන්වා.

by editor
ජූනි 6, 2020
in සමාජ
ග්‍රේ ෆාම් යාත්‍රාව....

ග්‍රේ ෆාම් යාත්‍රාව....

Share on FacebookShare on Twitter

සමුද්‍ර ආරක්ෂක සේවාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු සහ ලොව විවිධ රටවලට අයත් 115 දෙනෙකු ඇතුළු 180 දෙනෙකු මාස ගණනාක් රතු මුහුදේ අබලන්  නෞකාවක් තුළ ගතකරන දුක්ඛිත ජිවිත පිළිබඳ ලංකාසර ට වාර්තා වේ.

අටදෙනෙකුට ගමන් කළ හැකි ප්‍රතිසංස්කරණය කළ  ධීවර යාත්‍රාවක මාස ගණනක් යන්තමින් ජීවත්වන 180ක් වූ මේ සමුද්‍රාරක්ෂකයන් ඔවුන්ගේ මව් සමාගම විසින් අත්හැර දමා ඇත.  මෙතෙක් කාලයක් තමන්ට හිමි  වැටුප් තබා ප්‍රමාණවත් ආහාර හෝ ඖෂධවත් රහිතව මේ මිනිස්සු නොමැරී ඉන්නට වෙර දරති.

රතු මුහුද මැද හුදකලා කළ එම නෞකාවේ සේවයේ නියුතු පොලොන්නරුව නවගරය ප්‍රදේශයේ පදිංචි පිටපු නාවික හමුදා සාමාජික කැලුම් නිශාන්ත දිසානායක  දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ලංකාසරට හැකි විය. මේ අද ( 06) ඔහු සමග කළ සජීවී දුරකථන සංවාදයේ සටහනය.

ප්‍රශ්නය – ඔබේ රැකියාව කුමක් ද?. එය හඳුන්වන්නේ කෙසේ ද?

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

පිළිතුර – මම වැඩ කරන්නෙ සමුද්‍ර ආරක්ෂක සේවාවෙ.

ප්‍රශ්නය – ඔබ කරන රැකියාවේ ස්වරූපය කුමක් ද?

පිළිතුර – අප කරන්නෙ ජාත්‍යන්තර වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීම

ප්‍රශ්නය – ඔබ සමුද්‍ර ආරක්ෂණ සේවයේ රැකියාවට බැඳෙන්න පෙර කළ රැකියාව කුමක් ද?

පිළිතුර – මම ශ්‍රී ලංකා නාවික හමුදාවෙ වසර 22ක් සේවය කළා. වර්ෂ 2018 මැයි මස 19 වැනිදා මා විශ්‍රාම ගියා. ඒ සමුද්‍ර හා හමුදාමය අත්දැකීම්  මතයි මා මේ සේවයට සම්න්ධ වන්නෙ.

ප්‍රශ්නය – ඔබ මේ  සමුද්‍රාරක්ෂක සේවයට බැඳුනෙ කවදා ද?.

පිළිතුර – වර්ෂ 2018 අගෝස්තු මාසෙ..

ප්‍රශ්නය –  මේ රැකියාව ලබාගන්න  මග පෑදුනේ කොහොම ද?

පිළිතුර – මේ සමුද්‍රාරක්ෂක සේවයෙ ඉන්නෙ ඕනෑම රටක හමුදා සේවයේ නිරතව සිට ඉන් විශ්‍රාම ගිය අයයි.ඒ අනුව තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. අප සේවයට බඳවා ගත්තෙ ඉන්දියන් සමාගමක්

රාත්‍රිය ගත කරන අයුරු

ප්‍රශ්නය – ඔබ දැනට සේවය කරන නෞකාවෙ නම කුමක් ද?

පිළිතුර – ග්‍රේ ෆාම් කියන නෞකාවෙ තමයි අපි සේවය කරන්නෙ. මෙය ස්පාඤ්ඤයට අයත් නෞකාවක්.  ඇත්තටම මෙය නාවික නොවෙයි. ධීවර මුහුදු යාත්‍රාවක්. එය අදාල සමාගම විසින් ප්‍රතිසංස්කරණය කර නැවක් හැටියට භාවිතා කරනවා. අප මේ කරන රැකියාව ඉතාම භායනක රැකියාවක්. ඉතින් එවැනි රැකියාවකට මෙවැනි අබලන් තත්වයේ තිබෙන ට්‍රෝලර් යාත්‍රාවක් භාවිතා කරන්න තහනම්.

ප්‍රශ්නය – ඔය නෞකාවෙ, එහෙමත් නැතිනම් ට්‍රෝලර් යාත්‍රාවෙ තිබෙන  පහසුකම් මොනව ද?

පිළිතුර – කිසිම පහසුකමක් නෑ. මෙහි නවාතැන් ගත හැක්කෙ 40 -50 අතර ප්‍රමාණයකට  පමණයි. නමුත් දැන් 180ක් ඉන්නවා…

ප්‍රශ්නය –  ඔබ ඔය කියන 180ම ලංකාවෙ අය ද?

රෝගියෙකුට ප්‍රතිකාර කරමින්

පිළිතුර– නැහැ… ලංකාවෙ අය ඉන්නෙ 64ක් පමණයි.  අනෙක් අය විවිධ රටවලින් පැමිණි අය. ඉන්දියාව, නේපාලය, චීනය, යුක්‍රේනය, බ්‍රිතාන්‍යය ආදී වශයෙන් රටවල් ගණනාවක අය ඉන්නවා. අපි හැමෝම දැඩි දුෂ්කරතාවයක ඉන්නෙ. අපට අපේ දුක කියන්න කෙනෙක් නෑ.

ප්‍රශ්නය – ඇයි ඔබ සේවය කරන සමාගම ඔබට වග කියන්නෙ නැද්ද?. එවැනි නිලධාරියෙක් යාත්‍රාව තුළ නැද්ද?

පිළිතුර –  කැප්ටන් කෙනෙක් ඉන්නවා. එයත් අසරණයි. වගකීම ගන්න කෙනෙක් නෑ…

ප්‍රශ්නය – දැන් ඔබ සිටින නෞකාව තබෙන්නෙ කුමණ රටක් ආසන්නයෙ ද?

පිළිතුර –  අප දැන් ඉන්න තැන කිසිම රටකට අයත් නැහැ. දැන් අප ඉන්නෙ රතු මුහුද මැද. හරියමට කියනවා නම් උතුරු අක්ෂාංශ 8.24 සහ නැගෙනහිර දේශාංශ 62.01 ලෙස දැක්විය හැකියි.

නිදාගන්නා සිමිත ඉඩ

ප්‍රශ්නය –  ඔබ කියන ඔය ස්ථානයේ දැන් කොපමණ කල් ඉන්නව ද?

පිළිතුර – මෙතැන මාස ගණනාවක් ඉන්නවා. සිංගප්පූරුව, චීනය, වැනි රටවල සිට රතු මුහුද හරහා ගමන් කරන ජාත්‍යන්තර නෞකවලට ගොඩවී එම වැන් සෝමාලියාවේ දී කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කොල්ලකරුවන් ගැවසෙන  අධිආරක්ෂිත සීමාව පහුකරන තෙක් ගිනි අවිත් එක්ක අපි ඒ නැව්වල ගමන් කරනවා. එම සීමාව පසු වූ ගමන් අප වෙනත් නැවකට මාරු වෙනවා.

නමුත් අවාසනාවටක වගේ දැන් දිගු කාලයක සිට අපව මෙතැන සිරකරගෙන සිටිනවා. අපට වැඩු දෙන්නෙ නෑ.  කන්න හරියට දෙයක් නෑ. නැවටම තියෙන්නෙ වැසිකිලි දෙකයි. දිනකට ජලය ලබාදෙන්නෙ පැය 2ක් පමණයි. 180ක් ඉන්න තැනක මේ තත්වය ඔබට හිතා ගන්න පුලුවන් ඇති.

ආහාර පෝලිම

නිදාගන්න තැනක් නෑ, ලෙඩක් හැදුනාම බෙහෙත් නැහැ. මම තවමත් පාවිච්චි කරන්නේ මීට මාස දෙක හමාරකට කලින් නිවසින් ගෙනා ඖෂධ. මේ නැව තුළ විවිධ ලෙඩරෝගවලට මුහුණ පා සිටින අය ඉන්නවා. ඔවුන්ගේ ඒ දුක, වේදනාව  කියන්න කෙනෙක් නැහැ. මේ නැවේ සිටින අයට කුමන අසනීපයක් හැදුනත් තිබෙන්නේ පැරසිටමෝල් පමණයි…මේක නැවක් නෙවෙයි. අපායක්. මේ අපායෙන් අපව මුදවා ගත හැක්කේ ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිවරයාට පමණයි. ජනාධිපතිතුමා මැදිහත් උනොත් පමණයි.

අප සිටින තැන සිට ගොඩබිමිකට යන්න නාවික සැතපුම් 400කට වඩා ගමන් කළ යුතුයි. හදිසි අසනීපයක් හැදුනොත් නිසැකවම මැරෙන්න වෙනවා. කොරෝනා ලක්ෂණ තියන අයත් නැවේ ඉන්නවා. අප දන්නෙ නෑ හරියටම කොරෝනා රෝගය ද කියලා. එහෙම උනොත් අප සියලු දෙනාටම වෙන්නෙ රතු මුහුද මැද මිය යන්න.

අපි අතර ඉන්න කවුරුත් මාස ගණනාවකින් ගෙවල්වලට මුදල් යවලා නැහැ. මා දරු තිදෙනෙකුගේ පියෙක්. ඒ අයට ජීවත් වෙන්න විදිහක් නෑ. මෙවැනි ප්‍රශ්න ගණනාවකට අප මුහුණ පා සිටිනවා..

අප ඉල්ලා සිටින්නෙ මේ ඛේදජනක තත්වයෙන් අප මුදා ගන්නා ලෙසයි. මේ ගැන අප ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දුන්නා. ඒ වගේම සියත රූපවාහිනී සේවයට දැනුම් දුන්නා. මරණය දැක දැක ඉන්න අපි ඉක්මනින් අපේ ජිවිතවලට බලාපොරොත්තුවක් ගැන හිතමින් ඉන්නවා…

ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය
Tags: විශේෂ
Share772Tweet43
Previous Post

ඇමෙරිකානු තානාපති නිලධාරියා නිසා පරීක්ෂණ පිළිවෙත් වහා සංශෝධනයට  

Next Post

රටට එන්න බැරිව චාමිනී අබුඩාබිවල කොටු වෙලා…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.